spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

නුවර එලියේ රෝස තැපැල් කන්තෝරුව

නුවර එලිය තැපැල් කාර්යාලය

නුවර එලිය කියන්නේ ශ්‍රී ලංකාවේ ශීතලම දේශගුණය පිහිටි ප්‍රධාන නගරයයි , නුවර එලිය නගරයක් ලෙස සංවර්ධනය වූ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඔවුන් ඉදි කර දැනටත් භාවිතයට ගන්නා ගොඩනැගිලි රාශියක් වේ . මේ අතරින් සුන්දරම ගොඩනැගිලි අතරට එකතු වන නුවර එලිය තැපැල් කන්තෝරුව දැනට භාවිතයට ගන්නා පැරණිම තැපැල් කාර්‍යාල කිහිපයෙන් එකක් වනවා .

නුවර එලියේ ජනාකීර්ණම ස්ථානයේ පිහිටා තිබෙන නුවර එලිය තැපැල් කර්යාලය ඓතිහාසික ගොඩනැගිල්ලක් වන අතර මෙය ටියුඩර් ගෘහ ණිර්මාන ශිල්පයට අනුව නිමවා තිබෙන්නේ 1894 වර්ශයේදීයි

පෙර සඳහන් කල පරිදි ටිඋඩර් ගෘහ ණිර්මාන ශෛලි‍ය අනුව නිමවා තිබෙන මේ ගොඩනැගිල්ල දෙමහල් ගොඩනැගිල්ලක් වනවා , හඩොල් වලින් නිමවා තිබෙන මෙහි රතු සහ සුදු වර්ණ වලින් වර්ණාලේප කර තිබෙනවා . රතු උළු වලින් අලංකෘතිත මෙහි ඔරලෝසු කණුවක්ද දකින්නට පුලුවන් .

ඉතා සුන්දර ගොඩනැගිල්ලක් වන මෙය විදේශිකයන් අතර ප්‍රසිද්ධියට පත්ව පවතින්නේ [පින්ක් පෝස්ට් ඔෆිස් ලෙසයි . මේ රොස තැපැල් කන්තෝරුවෙ රාත්‍රිය ගත කරනන් සංචාරකයන්ට තැපැල් දෙපාර්තමේන්තුව හරහා හැකියාව තිබෙනවා . මෙවන් වටිනා උරුමයන් රැකගෙන භාවිතා කිරීම අපගේ වගකීමක් වනවා

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles