spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

විලියම් රොජර්ගේ සාපලත් සොහොන

විලියම් රොජර් කියන්නේ ඉංග්‍රීසි හමුදාවේ හිටපු දක්ශ වෙඩික්කරුවෙක් . , රයිෆල් බලකායට අනුයුක්තව සේවය කර ඇති ඔහු එවකට බදුල්ලේ ව්නිශ්ච්‍යකරුවෙකු ලෙස රාජ්‍ය සේවයට එක්ව ඇත .

මොහු සුප්‍රසිද්ද දඩයම් කරුවකු වූ අතර මොහුගේ වෙඩි උණ්ඩයට වඩාත්ම ගොදුරුව ඇත්තේ අලි ඇතුන්ය , මොහු ජීවත්ව සිටි කාලය අතරතුර අලි ඇතුන් 1400කට වඩා ඝාතනය කරන ලද බව සඳහන් වේ . මේ පිලිබඳව ස්වදේශිකයන් මෙන්ම සංඝයා වහන්සේලාද මේ පිලිබඳව විරුද්ධ වී ඇති අතර ඔහු ඒ පිලිබඳව කිසිඳු තැකීමක් නොකොට ඇති බව සඳහන් වේ .

1845දී හපුතලේ රාජකාරියට ගොස් පැමිනෙමින් සිටියදී ඔහු අකුණක් වැදී හදිසියේ මිය ගොස් ඇත . ඔහුගේ හිතවතුන් විසින් ඔහුගේ සිරුර නුවර එලියට ගෙන ගොස් එහි සොහොනක් සාදවා වල දමා ඇත . මේ සොහොනටද අකුණු වැදි විනාශ වී ගොස් ඇති අතර , ඔහුගේ හිතවතුන් එය පිලිසකර කොට ඇත , ඉන් පසුවද මෙයට අකුණු පතිත වී ඇති අතර මේ වන විටද ඔහුගේ සොහොන් කොත කැබලි කිහිපයකට ඉරිතලා තිබෙනවා .

මේජර් විලියම් රොජර්ගේ සොහොන නුවර එලිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේ පසෙකින් දැකිය හැකි අතර මේ සාපලත් සොහොන බැලීමට සංචාරකයන් දැනටත් පැමිනෙනවා

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles