spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

මහනුවර බලන්න තියෙන හොඳම තැන් ටික

මහනුවර කියන්නේ ලංකාවෙ සංචාරකයන් අතර හොඳම ගමනාන්තයක් . ලංකාවට එන බොහොමයක් විදේශීය සංචාරකයනුත් නොවැරදී නුවරත් ගිහින්ම තමා යන්නෙ . මේ සුන්දර නුවර පුරවරයේ ඩකින්න බලන්න තියෙන හොඳම සංචාරක ආකර්ශණීය ස්ථාන ටික තමා අපි මේ අරගෙන එන්නෙ .

01 ශ්‍රී දළඳා මාලිගාව හා පරිශ්‍රය

මහනුවර පිහිටි වටින්නම සහ වැදගත්ම ස්ථානය වෙන ශ්‍රී දළඳා මාලිගාවේ බුදුන් වහන්සේගේ වම් දළඳාව පිහිටා තිබෙන බව බෞද්ධයන් විසින් විස්වාස කරයි . ක්‍රිස්තු වර්ශ 1600දි පමණ ගොඩනැගුන ඉපැරණි රාජ මාලිගාවක් වන මෙහි පත්තිරිප්පුව නම් සුවිශේශී ස්ථානයක් තුල රත්‍රන් වලින් නිමවන ලද විශේශිත ආරක්ශක කරඬුවක් තුල දන්ත ධාතුව නිදන් කොට ඇත . මෙහි කෞතුකාගාරයක් මෙන්ම වන්දනාමාන කිරීම සඳහාද වපසුකම් සපයා ඇත .

02 පේරාදෙණිය උද්හිත උද්‍යානය

ලංකාවේ ජනප්‍රියම සහ සුන්දරම උද්හිත උද්‍යානය වන මෙහි ශාක විශේශ දහස් ගනනක් දැකිය හැකි වනවා 181දී බ්‍රිතාන්‍යන් විසින් ආරම්භ කර ඇති මෙය ආසන්න අක්කර 150ක ප්‍රදේශයක් පුරා විසිරී පවතී . දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ගමනාන්තයක් වී ඇති මෙය මහවැලි ගං ඉවුරට මායිම්ව පිහිටා තිබෙනවා .

03 බහිරවකන්ද විහාරය

නුවර නගර සීමාවේම පිහිටි සුවිසල් බුද්ධ ප්‍රතිමාවක් වන බහිරව කන්ද බොහෝ විදේස් සංචාරකයන්ගේ ආක්‍රශණයට ලක්වී තිබෙනවා . ඒ එම ස්ථානයේ ඇති ඡායාරූපමය වැදගත්කමත් සමඟයි , බුදුන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවක් වන මෙය පිහිටි පන්සල වන්නේ , ශ්‍රී මහා බෝධී විහාරයයි .

04 හඩලාදෙණිය විහාරය

1344 දී විවෘත්ත කොට ඇති මෙම පැරණි බෞද්ධ විහාරය දේශීය සංචාරකයන් අතර ජනප්‍රියයි . නුවර පිලිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇති මෙහි පැරණි ලෙන් සිතුවම් ප්‍රතිමා ආදී පුරාවස්තු දැකගත හැකියි .

05 ඇම්බැක්ක දේවාලය’

ඉතා විශිශ්ඨ ලී කැටයම් මෙහි දැකිය හැකියි . ක්‍රි ව 1377 දී නිමවා ඇති මෙය වික්‍රමබාහු රජතුමා විසින් නිමවා ඇති බවට සැලකෙනවා . කතරගා දෙවියන් මෙන්ම දේවතා බණ්ඩාර නම් ප්‍රාදේශීය දෙවි වරයෙක් වෙනුවෙන්ද මෙම දේවාලයේ වතාවත් කිරීම සිදු වනවා .

06 ආතර් සීට් ( නුවර බැලුම් ස්ථානය )

නුවර නගරයේ සුන්දරත්වය දැකබලාගැනීම සඳහා තිබෙන හොඳම ස්ථානය ලෙස සැලකෙන මෙයට නුවර වැව , දළඳා මාලිගාව , නුවර වීදි හා අවට දර්ශණය මනස්කාන්තව දැකිය හැකි වනවා . රජපිහිල්ල මාවතේ පිහිටා ඇති මෙහි නම ලැබුඊ ඇත්තේ මෙම ස්ථානයේ ගල් පතුරක් මත සිට නුවර සුන්දරත්වය විඳි ආතර් නම් වැවිලිකරුවා නිසාය . ඔහුගේ එකල බංගලාව මෙම ස්ථානය පසුපසින් පිහිටා තිබුනු බවට සැලකේ .

07 උඩවත්ත කැලේ අභය භූමිය

අතීත රජ සමයේ රාජකීය වනය ලෙස පැවතී ඇති මෙම වනාන්තරය වික්‍රමබාහු රජසමයේ සිටම නඩත්ට්ය්හු කරන ලද බව සැලකෙනවා . දිය උල්පත් ගණනාවකට ජීවය දෙන උඩවත්ත කැලේ ස්වභාව සෞන්දර්‍ය අතින් මෙන්ම ඓතිහාසිකවත් වැදගත් ස්ථානයක් වනවා

08 ලෝක යුද්ධ සුසාන භූමිය

දෙවන ලෝක යුද්ධයේදී මියගිය අය මිහිදන් කොට ඇති මෙම සුසාන භූමිය මේ වන විට ඉතා සුන්දරව පාලනය කරමින් නඩත්තු කිරීම සිදුවනවා . මෙහි භූමදානය සිදු කෙරුනු අයගේ ඤාතීන් වර්ථමානයේද තම මියගිය ඤාතියා සිහි කිර්‍රිම සඳාඅ මෙම ස්ථානයට පැමිණීම සිදු වනවා .

09 හන්තාන

මහනුවර නගරයට ඊසාන දේසින් ඉතා උසින් නැගී සිටින කඳුවැටිය හන්තාන කඳුවැටියයි .මධ්‍යම කඳුකරයේ වැදගත් ස්ථානයක් උසුලන හන්තාන කඳුවැටිය . ශ්‍රී ලාංකීය කඳු නගින්නන අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වී ඇති කඳුවැටියක් වන්වා . සත්ව හා ශාක විශේශ ගනනවකින් සමන්විත වනවා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles