සංචාරක පාරාදීසයක් වන සීගිරිය හා දඹුල්ල ප්‍රදේශ අයිති වන්නේ වියළි කලාපයටයි . එනමුත් සීගිරිය හා දඹුල්ල අදාල ප්‍රදේශ අයිති වන්නේ මධ්‍යම පලාතටයි . එලෙසින්ම මධ්‍යම කඳුකරයේ හට ගන්නා ජල පහරවල් වලට ඉතා පහසු පිවිසුමක් ලැබී තිබෙනවා , එම නිසා ඉතා විශාල වැවි ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ පැතිරී තිබෙනවා . ඒ අතරින් කුඩා නමුත් සුවිශේශී වැවක් විදිහට තල්කොටේ වැව හඳුනගන්න පුලුවන්
තල්කොටේ වැවේ පිහිටීම හා සංචාරක වැදගත්කම
තල්කොටේ වැවේ පිහිටීම සමඟ සීගිරිය හා පිදුරන්ගල යන ශේශ කඳුවැටි දෙකම එක ස්ථානයක ඉඳන් බලාගන්න පුලුවන් . මෙහිදී පිදුරන්ගල කන්දේ පැතලි පැත්ත නිරාවරණය වී තිබෙන නිසා ඉතා වෙනස් දර්ශණයක් ලැබෙනවා . . මෙහි පිටුපසින් දැවැන්ත කුඹුරු යායවල් තිබෙන අතර එක් පසකින් වනාන්තර පිහිටා තිබෙනවා , මේ නිසා විවිධාකාරයේ සංචාරක ක්‍රියාකාරකම් වලට යොදගැනනවා . මෙහිදී බයිසිකල් පදින්න , ත්‍රීවීල් හෝ සෆාරි , ඉර බසින දර්ශණ නැරඹීම , මසුන් ඇල්ලීම , ඔරු පැදීම , බෝට්ටුවේ සෆාරි ආදිය හඳුනගන්න පුලුවන් .
ජනප්‍රවාද හා ඉතිහාසය
සීගිරිය හා පුදුරන්ගල ඉතිහාසය ගැන විවිධ මතවාද පවතින් අතර මෙහි පිදුරන්ගල පර්වතය වැසි ජලය එකතු කරගැනීම සඳහා ජල එකතු කරනයක් ලෙස ජනප්‍රාවදයේ තිබෙනවා . පිදුරන්ගල පරවතෙයේ පෙනෙන්නට තිබෙන කානු ස්වභාවිකව සැඇදුනු ඒවා නොවන ඒවා බවත් ඒවා ජලය පහත ගෙන ඒමට හා එකතු කරගැනීම සඳා සෑදුන ඒවා බව පැවසෙනවා . මේ එකතු කරග්න්නා ජලය එකතු වන්නේ තල්කොටේ වැවට බව එම මතවාදය ගෙනහැර දක්වන අය පවසනවා .
මේ දර්ශණීය හා පාරිසරික වැදගත් පරිසර පද්ධතිය ආරක්ශා කර ගැනීම අප සැමගේම වගකීමක් වනවා .