නුවර එලිය කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ජනප්‍රියම සංචාරක ගමනාන්තය. ලංකාවේ සීතලම නගරය විදිහට සැලකෙන නුවර එලියේ බොහොමයක් පිරිස ගමන් කරන්නේ සීතල පරිසරය, සුන්දර දිය ඇලි සහ කඳුවැටියන් විඳිමින්, අවට නුවර එලිය සංචාරක ස්ථාන නරඹන්නයි. මේ නිසා දේශීය සහ විදේශීය සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථාන රාශියක් නුවර එලිය අවට පිහිටා තිබෙනවා.
ඒ අතරින් වැඩි පිරිසක් නොගියත්, ඈත සිට බොහෝ දෙනෙක්ට දැකබලාගත හැකි ස්ථානයක් තමයි ලවර්ස් ලීප් දිය ඇල්ල (Lovers Leap Waterfall Nuwara Eliya).
උසින් මීටර 30ක් පමණ උසකින් යුක්ත Lovers Leap දිය ඇල්ල, මුහුදු මට්ටමේ සිට මීටර 2000ක උසකින් පිහිටා තියෙනවා. මේ නිසා මෙය ශ්‍රී ලංකාවේ උසස්ම දිය ඇල්ලක් විදිහට හඳුනාගන්න පුළුවන්. මෙය නුවර එලිය දිය ඇලි අතරින් විශේෂයකි.
Lovers Leap ඇල්ල ජනප්‍රිය වුවත්, ඊට උඩින් පිදුරුතලාගල රක්ෂිතය තුළ තිබෙන අනෙකුත් දුර්ලභ දිය ඇලි සීමාකළ ප්‍රදේශයක පිහිටා ඇති නිසා, සාමාන්‍ය ජනතාවට එම ස්ථාන නැරඹිය නොහැක. එම ඇලිවලින්ම සන්සුන්ව ගලා එන ජලයත් සමඟ, Lovers Leap දිය ඇල්ලද පිදුරුතලාගල කඳුවැටියෙන් උපදින දිය උල්පත් වලින් පෝෂණය වනවා.
මේ ජලය අවසානයේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන උමා ඔයෙහි එකතුවෙනවා. වර්තමානයේ, මේ ජලය නුවර එලිය නගරයට ජලය සැපයීම සඳහා භාවිත වෙන ප්‍රධාන ජල මූලාශ්‍රයක්.
අතීතයේ, මේ දිය ඇල්ලෙහි ජලය නුවර එලිය බියර් කර්මාන්ත ශාලාව විසින් භාවිත කර ඇති අතර, එම ස්ථානය අද නුවර එලිය රෝහලේ පිහිටා ඇත.
“Lovers Leap” නම පිළිබඳ තවත් කතාවක් වශයෙන්, පෙම් යුවලක් දිය ඇල්ලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වීම නිසා මෙම නාමය උදාවී ඇති බව විශ්වාස කෙරේ.
නුවර එලිය උඩුපුස්සල්ලාව පාරෙන් ලවර්ස් ලීප් පාරට ගොස්, ස්ථාන කිහිපයකින්ම මේ ප්‍රසිද්ධ දිය ඇල්ලට ලඟාවිය හැකියි. එය පයවශයෙන් නරඹන නුවර එලියේ සුන්දරතම ස්ථාන අතරින් එකකි.
Lovers Leap දිය ඇල්ලේ ජලය බීමේ ජලය ලෙස භාවිත වන බැවින්, ඒ අවට පිරිසිදුභාවය ආරක්ෂා කිරීම, ස්නානයෙන් වැලකීම, සහ කසල බැහැර නොකිරීම වැනි මූලික වගකීම් පිළිපැදිය යුතුයි. මේවා ජල මූලාශ්‍ර ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වේ.




