spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

හුළුගං මායිමේ හුරුබුහුටි විලා එක හුළුගඟ රිජ්

නුවර දිගන තියෙන මේ විලා එක ෆැමිලි අවුටින් එකක් නැත්තන් යාලුවො සෙට් එකකට යන්නත් හොඳම තැනක් . විලා එක , නුවර මහියංගනය පාරෙ ඇවිල්ල ඔරුතොට පාලමට පොඩ්ඩක් මේහායින් දකුණට තියෙන පාරෙ මීටර 200ක් වගේ යද්දි තියෙන්නෙ . කාමර හතරකින් සමන්විත මේ විලා එක ගාවටම වික්ටෝරියා ජලාශය පිරුන කාලෙට වතුර එනවා ඒ කාලෙට වගේම අනිත් කාලවලත් විලා එකේ පූල් එකේ ඉඳල වගෙම බැල්කනි වීව් එකත් හිත සන්සුන් කරගන්න පුලුව් න් තැනක් . ටිකක් ඈතින් පේන කඳු මුදුන් වගේම මෑතින් පේන හුළු ගඟත් එපා වෙන්නෙ නැති දර්ශන .

වික්ටෝරියා ජලාශය , හුළුගඟ , රංගල , බඹරගල , මඩොල්කැලේ , සාරි ඇල්ල , ජෝඩු ඇල්ල , වැවේතැන්න , රාජසිංහ රජතුමා අල්ලගත්ත් තැන වගේ ස්ථාන රාශියකට පැයක් වගෙ කාලෙකින් ලඟාවෙන්න වගෙම හුළු ගඟේ බැහැල නාගන්න උනත් හුළුගඟ රිජ් ලඟ ඉඳල ගිහින් පුලුවන් .ඒ වගේම විනාඩි දහයක් වගේ ඇතුලත් මෙත ඉඳන් පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට ලඟා වෙන්න පුලුවන් මෙතන ඉඳන් .

පොඩි ඉන්ෆිනිටි පූල් එකක් තියෙනව හුළුගඟට මූන දාපු . මැනවින් නඩත්තු කරල තියෙන්නෙ . ඒ වගේම ග්ණිමැල ගහන්න තැනක් , බාබකිව් , පූල් ටේබල් වලටත් පහසුකම් හුලුගඟ රිජ් එකෙන්ම සලසල දීල තියෙනවා .
ෆැමිලි රූම් එකක් වගේම ඩබල් රූම් පහකුත් හුලුගඟ රිජ් එකේ තියෙනව . ෆැමිලි රූම් එකේ ලමයින්ට වෙනම ඉන්න ඕනෙ නන් ඒක ඉන්ටකනෙක්ටඩ් රූම් එකක් විදිහට ඩිසයින් කරල තියෙන්නෙ . අවශ්‍ය නම් පහල මාලයේ තියෙන ඩබල් රූම් දෙකක් ත්‍රිපල් රූම් විදිහට කන්වර්ට් කරගන්න පුලුවන් අවශ්‍යතාව විදිහට .

හුළුගඟ රිජ් එකේ අලුත් අවන්හල ගැමි ගෙදර ගමේ කෑම ගමේ විදිහට කන්න පුලුවන් වෙන්න පොඩි කැලේකින් වටවුන් හුලුගඟ රිජ් එක පිටිපස්සෙම තියෙන පොඩි කඳු ගැටයක් උඩ පිහිටල තියෙන්නෙ . නිදහසේ ආහාර වේලක් අත් විඳින්න වගේම පරිසරේ සුන්දරත්වය අත්විඳින්නත් මෙතන හොඳම තැනක් .

එන්න කලින් පහත අංක වලට කතා කරල දිනයක් වෙන්කරගෙනම යන්න
0812061280
0762434747

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles