නුවර එලිය කියන්නෙ වෙනස්ම දේශගුණයක් , පරිසරයක් වගේම කල්චර් එකක් තියෙන පැත්තක් . ඒක නිසාම වෙන්නැති ඉස්සර බ්‍රිතාන්‍ය ජාතිකයො මෙහෙට පුංචි එංගලන්තෙ කියල කිව්වෙ . නුවර එලිය යන ගොඩක් අය යන්නෙ ගොඩක් තන් වල ඇවිදින්නම නෙවෙයි . සීත දේශ ගුණය විඳින්න , පොඩ්ඩක් වෙහෙස නිවාගන්න . ඒ වගේම සීතල යුරෝපා රටවල අත්දැකීම මෙහෙදිම විඳගන්නත් ගොඩක් අය නුවර එලියට යනව . අව්ව , වැස්ස , මීදුම මේ හැම දේශගුණ තත්වෙකම නුවර එලියෙ වෙනස්ම වින්දනයක් තියෙනවා . මේ නිසා තවමත් දේශීය සංචාරකයන් අතර ප්‍රසිද්ධම ගමනාන්තය නුවර එළිය වෙලා තියෙනවා . අපි අද කතා කරන්නෙ මේ හැම දේම එක්ක නවතින්න තියෙන වික්ටොරියානු සම්ප්‍රදායට හැදුන ස්ටැෆර්ඩ් කොටේජ් එක ගැන .
ස්ටැෆර්ඩ් එක තියෙන්නෙ නුවර එලියෙ ලිට්ල් ඉන්ග්ලන්ඩ් කොටේජස් වල . මේ ප්‍රදේශයම හිතට විතරක් නෙවෙයි ඇස් වලටත් සුන්දර දසුනක් . සුන්දරව , පිලිවෙලට වික්ටොර්‍රියානු සම්ප්‍රදායට ඉදිවෙලා තියෙන මේ සුන්දර ගොඩනැගිලි අතර තියෙන ලීෆ් ස්ටැෆර්ඩ් බංග්ලෝ එක නවීන පහසුකම් එක්ක ඔබේ නිවාඩුව නිදහසේ බාධාවකින් තොරව සුවපහසුව ගත කරන්න සියලු කටයුතු යොදල තියෙනව . හීටර් වගේම දෙපයට සුව දෙන බුමුතුරුණු වලිනුත් ස්ටැෆර්ඩ් කොටේජ් එක සමන්විතයි , සීතලේ උනුසුම්ව සැපපහසුවෙන් ගතකරන්න මෙහිදී පුලුවන් .
සුකෝපභෝගී කාමර පහකින් සමන්විතයි , කේබල් ටීවී , උණුවතුර , වයිෆයි සහ අනිකුත් පහසුකම් ඔබට ස්ටැෆර්ඩ් එකෙන් ලබාගන්න පුලුවන් . ඔබත් යන්න කලින් මේ දුරකථන අංකයට අමතල දිනය වෙන්කරවාගෙනම ගමන යන්න . Call – +94 77 292 6716 / +94 77 628 9051