ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ගෙ ආයතන සංගමය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග
ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ පාර්ශවකරුවන් සක්‍රීයව සම්බන්ධවන ලංකාවේ දැවැන්තම සංචාරක ප්‍රදර්ශනයේ 11 වන අදියර 2024 මැයි මස 17 හා 18 දිනවලදී BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම මෙම ක්ෂේත්රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සදහා වෙළඳපොල අවස්ථාවන් සොයා ගැනීම සඳහා සංචාරක උදාව ප්‍රදර්ශනය අනගි සහයක් ලබා දෙනු ඇත.
වෙලඳ කුටි 250කින් සමන්විත මෙම ප්‍රදර්ශනය පෙ ව 10 සිට ප ව 08 දක්වා විවෘතව තිබෙන අතර මෙම ප්‍රදර්ශණය සඳහා 10,000කට වැඩි ව්‍යාපාරික සහ පොදු ජනතාව සහභාගි වනු ඇතැයි සංවිධායකයින් බලාපොරොත්තුවේ.
හෝටල් ,සංචාරක නියෝජිතයන් , ගුවන් සේවා සමාගම් , සංචාරක සේවා සපයන්නන් , අධ්‍යාපන ආයතන මේ සඳහා සහභාගි වන අතර පොදුවේ ක්ෂේත්රයේ මෙවන් විවිධත්වයකින් යුතුව ව්‍යාපාරික සබඳතා සපයාගැනීමට හැකි හොඳම අවස්ථාව මෙය වෙයි .