ගසක් වගේ ගලා වැඩී අතු විහිදී යන ජීවිතය විඳින්න පුලුවන් සුන්දර නවාතනක් ගැන කියන්නයි අපේ මේ සූදානම . නමින් ට්‍රී ඔෆ් ලයිෆ් . සෙංකඩගල පුරවරයේ වින්දනීය සුවිසල් භූමියක විහිදී පැතිරී තිබෙන මෙම මනරම් භූමිය ඉතාම දැකුම්කලු . සරතැස නිවාලන හරිත ගහකොල පිරුනු භූමියකයි පිහිටල තිබෙන්නෙ .
ට්‍රී ඔෆ් ලයිෆ් කියනෙන් හුදෙක්ම ගතට පමණක් නෙවෙයි සිතටත් , අධ්‍යාතමයත් සුවයල් කැන්දාගෙන එනන් පුලුවන් තැනක් . මෙම නවාතැනේ ආයුර්වේද ප්‍රතිකාර , යෝගා හා අවශ්ය නම් භාවනා වැඩසටහන් පවා ඔබට සකසා ගන්න පුලුවන් . මේ සඳහා විශේශයෙන් සකසල තිබේ ස්ථාන ට්‍රී ඔෆ් ලයිෆ් එක ඇතුලෙ සකසල තිබෙනව . පළපුරුදු සුදුසුකම්ලත් දේශීය වෛද්‍ය වරුන් ඔබට අවශ්‍ය ප්‍රථිකාර හෝ ඔබේ ශරීරය නිවා සනහාලන දේශීය ඔසු මගින් සාත්තු කිරීම සිදු වනු ඇති . ඔබට අවශ්‍ය සම්බාහන කටයුතු දේශීය ඔසු බාවිතයෙන් සිදු වනු ඇති .
ට්‍රී ඔෆ් ලයිෆ් පෙර සඳන් කල පරිදි සුවිසල් භූමියක පිහිටල තියෙන්නෙ . ඉලක්කම් වලින් කිවුවොත් අක්කර හැට පහක් පුරා විහිදිල තියෙන භුමියක මෙම නවාතැන තියෙන්නෙ , ඒ කියන්නෙ ඔබ මේ නවාතැන වෙන් කරවාගන්නව කියනෙන් ඔබට ඔබේම කියල හරිත කලාපෙකට වෙලා අවිවේකී ජීවිතයෙන් අත් මිදිල ඉන්න පුලුවන් කම ලැබෙනවා .
දේශීය වගේම විදේශීය ආහාර වර්ග ඔබට අවශ්‍ය අයුරින් ඔබට සපයා දීමට ට්‍රී ඔෆ් ලයිෆ් එකේ පලපුරුදු සූපවේදීන් කටයුතු කරයි , දේශීයව සපයාගත් ගුනාත්මක අමුද්‍රව්යන්ගෙන පෝශනය කර රසවත් ආහාර වේලක් ලබාගැනීමට ඔබට හැකියාව මෙමගින් හැකියාව ලැබෙනවා .