උනවටුනේ කුඩා කඳු මුදුනක ඉදි වුන Villa space
උනවටුන කියන්නෙ ඉතා ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් . සුන්දර වෙරල තීරයක් හා මුහුදු තීරයක් හිමිකරගෙන සිරින මේ සුන්දර ප්‍රදේශයේ වෙරල පේන මානයේ කඳු මුදුනක පිහිටල තියෙන සුන්දර ගමනාන්තයක් තමයි Villa space කියන්නෙ .
සුවිශේශී ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ඉදිකරල තියෙන මේ විලා එක ඉතාමත් හොඳින් ඔවුන්ගේ ඉඩ හසුරුවාගෙන නිර්මාණය කොටගෙන තිබෙනවා . මෙහි කාමර වලද ඉතාමත් හොඳින් ඉඩ ඇති ආකාරයට සකසා ඇති අතර නානකාමර වලද ඉතාමත් සුන්දරව පරිසරයට මුහු වන ආකාරයට නිර්මාණය කොට ගෙන තිබෙනවා .
Villa space එක පිහිටල තියෙන්නෙ කුඩා කඳු මුදුනක එම නිසා එයට පෙනන දර්ශනය ඉතාම සුන්දරයි . උණවටුන වෙරල තීරයත් එහි ක්‍රියාකාරීත්වයත් මෙම ස්ථානයේ ඉඳල ඉතාම පැහැදිලිව බලාගන්න පුලුවන් . මේ නිසා විලා ස්පේස් එකේ ලොබි එකේ ඉඳන් වෙහෙස නිවාගන්න සුන්දරත්වය විඳින්න වගේම රිලැක්ස් වෙන්නත් මේ කියපු ලොබි ඒරියා එක හොඳටම ගැලපෙනව .
ත්‍රමක විශාල ස්විමින් පූල් එකක් විලා ස්පේස් එක සතුයි , ගහ කොල වලින් වටවෙලා සිසිල් ස්ථානයක තමයි මේ පූල් එක පිහිටල තියෙන්නෙ . ඒ වගේම විලා ස්පේස් එකේ ඔබට යෝගා පහසුකම් සපයාගන්නත් පුලුවන් . ඒ සඳහා වෙනම ස්ථානයක් නිර්මානය කරල තියෙන්නෙ ඒක පූල් එක ආසාන්නයේම පිහිටල තිබෙනව .
විලා එකේ ඔබට අව්ශ්‍ය ආහාර පාන ඇනවුම් කරන්න පුලුව්න කම තියෙනව අවශ්ය නම් උඩු මහලේ තියෙන අවන්හලේ නැතිනම් ඕපන් ඒරියා එකේ උනත් මුහුද දිහා බලාගෙන ඔබට ආහාර රස විඳින්න හැකියාව ඔබට තිබෙනවා .




