spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ලවර්ස් ලීප් දිය ඇල්ල

නුවර එලිය කියන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ජනප්‍රියම ගමනාන්තය . ලංකාවේ සීතලම නගරය විදිහට සැලකෙන නුවර එලියේ බොහොමයක් පිරිස ගමන් කරන්නේ සිසිල් පරිසරය වින්න්ශගනන් ගමන් අවට පරිසරයේ චමත්කාරය විඳගන්න . මේ නිසා සංචාරකයන් අතර ජනප්‍රිය ස්තාන රාශියක් නුවර එලිය අවට පිහිටා තිබෙනවා . ,ඒ අතරින් වැඩි පිරිසක් නොගියත් ඈත සිට බොහෝ දෙනෙක්ට දැකබලාගත හැකි තැනක් තමයි මේ ලවර්ස් ලීප් දිය ඇල්ල .

උසින් මීටර 30කට ආසන්න උසකින් යුක්ත ලවර්ස් ලීප් දිය ඇල්ල මුහුදු මට්ටමේ ඉඳන් මීටර 2000ක උසකින් පිහිටා තිබෙනවා . මේ නිසා ලංකාවෙ උසුන්ම පිහිටි දිය ඇල්ලක් විදිහට මේ දිය ඇල්ල හඳුනාගනන් පුලුවන් ,

ලවර්ස් ලීප් ඇල්ල ජනප්‍රිය වූවත් ඊට උඩින් ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා , නමුත් පිදුරුතලාගල රක්ශිතයේ පිහිටා ඇති බැවින් එම දිය ඇලි නැරඹීමට සාමාන්‍ය ජනතාවට අවසරයක් නෑ , මේ දිය ඇලි ඇතුලුව ලවස්‍රස් ලීප් දිය ඇල්ලද පෝශණය වන්නේ පිදුරුතලාගල කඳුවැටියෙන් උපදින දිය උල්පත් වලින් . මේ ජලය ගිහින් අවසානයේ ඒතු වන්නෑඅ මහවැලි ගඟේ අතු ගංගාවක් වන උමා ඔයටයි .එලෙසිම මේ ජලය දැන් පහලින් ඇති ජල ටැංකියකට එකතු කොට නුවර එලියේ බෙදාහැරීම සඳහා යොදාගැනීමත් දැන් සිදු වනවා .

අතීතයේ බියර් කර්මාන්ත ශාලාවක්ද වර්ථමාන නුවර එලිය රෝහල් පරිශ්‍රය පිහිටා ඇති ප්‍රදේශයේ පිහිටා තිබී ඇති අතර මෙහි භාවිතය සඳහා ලවර්ස් ලීප් දිය ඇල්ලෙන් ඇද හැලුන ජලය භාවිතයට ගෙන තිබෙනවා .

ලවර්ස් ලීප් දිය ඇල්ලට නම වැටීම සඳහා මේ දිය ඇල්ලෙන් ඇද වැටුනු පෙම් යුවලක් හේතු වී ඇති බවට විස්වාස කෙරෙනවා

නුවර එලිය උඩුපුස්සල්ලාව පාරෙ ඇවිත් ලවර්ස් ලීප් පාරෙ ගොස් ස්ථාන කිහිපයකින්ම ලවර්ස් ලීප් දිය ඇල්ල වෙත ලඟා වීමේ හැකියාව ඔබට තිබෙනවා

ලවර්ස් ලීප් දිය ඇල්ලේ ජලය බීමට ගන්නා බැවින් ඒ අවට පවිත්‍ර නොකිරීම මෙන්ම මෙහි ස්නානය කිරීමෙන් වැලකී සිටීමද කල යුතු වනවා . එමෙන්ම අවට කසල බැහැර නොකිරීම . ජල මූලාශ්‍ර අපවිත්‍ර නොකිරීමට සියලු දෙනාම වගබලා ගත යුතුයි .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles