සෝබර අයිලන්ඩ් එහෙම නැත්තන් සන්සුන් දිවයින කියන්නෙ ලංකාවේ තියෙන සුන්දරම ස්ථානයක් . රටේ විතරක් නෙවෙයි ලෝකයේම මර්මස්ථානයක පිහිටල තියෙන මේ නවාතැන 1672දි ප්‍රංශ අද්මිරාල්වරයෙකු වුන ජේකබ් බ්ලැක්වෙට් විසින් මුලින්ම අත්පත්කරගන්නවා ඉන්පසුව අද්මිරාල් සෆ්රන් විසින් අත්පත්කරගන්නව 1784දි මුලින්ම යුධමය අවශ්‍යතා වෙනුවෙන් අත්පත්කරගන්න ප්‍රංශ ජාතිකයන්ගෙන් ඉන්ග්‍රීසීන් විසින් අත්පොඅත් කරගන්නව
සොබර් කියන්නෙ සන්සුන් කියන එකට උනත් මේ දිවයින්ට නම ලැබෙන්නෙ ඉංග්‍රීසී ජාතිකයෙකු වුන සෝබර් නිසා කියලයි කියන්නෙ . ලෝක යුද්ධයේදි අති ප්‍රභල ජපාන නාවික හමුදාවටපවා අත්පත්කරගනන් බැරි වුන චීන වරාය පරිශ්‍රයේ පිහිටල තියෙන මේ සුන්දර නවාතැනේ දැවැන්ත වෙඩි බලයක් එක්ක කාලතුවක්කු ගණනාවක් රඳවල තිබ්බ කියල කියනව .
අක්කර 200ක පමන භූමියක පිහිටල තියෙන සෝබර දිවයින සොබාදහමේ සුන්දර දායාදයක් , ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංචාරකයන්ට සුදුසු ලෙස සකස් කරපු මේ නවාතැන ඔබට වෙන්කරවාගන්න පුලුවන් , මේ නවාතැනට එනවානම් ඔබට කොට කලිසම් හා කොලර් රහිත ටී ශර්ට් පැළඳීම තහනම් වෙනවා ,
ත්‍රිකුණාමලයේ අංශක 360ක දර්ශණයක් ලබාගන්න පුලුව්න මේ නවාතැන කුරුල්ලන් නැරබීම වගේම පහසුකම් රැසකින් සමන්විත වෙනවා
මෙහි නිවාඩුවක් ගත කරන්න පහත අංකයෙන් ඔබටත් හැකියාව තිබෙනවා . +94 26 7508054