spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

කුරුවිට එරත්න පාරෙන් අවාරේ සිරිපා කරුණාව

මේ ගමන ගැන ලියද්දීම දන්නවා බොහෝ දෙනෙක්ගෙන් බැනුම් නම් අහන්න වෙනවා කියලා  
එක පාරටම වගේ හිතට ආපු නිසා තනියම ඉන්න ඕන කමත් නිසාම අවාරේ සිරිපා කරුණා කරන්න හිතුනා. වෙනදා වගේම මන් ගැන මට තියන විස්වාසෙ එක්ක මට ඕන උනේ නිස්කලංකව සමනල අඩවියේ සැරි සරන්නයි ඉතින් දවස් දෙකක් ඇතුලත කොළඹ ඉදලා කුරුවිට  එරත්න පාරෙන් උඩමලුවට යන ගමන් විස්තර එකතු කරගත්තා ඒ වෙනුවෙන් “සමනළ කන්ද රසික එකමුතුව” සමූහය ගොඩක් ප්‍රයෝජනවත් උනා වගේම ගොඩක් අය මට ගමනේ මුල ඉදන්ම විස්තර දුන්නා ඒ හැමෝටම ගොඩක් පින්.


‍සිකුරාදා ඔෆිස් එකෙන් ගෙදර ඇවිත් 12 විතර වෙනකොට මන් ගමනට ලෑස්ති උනා. ගෙවල් කිරිබත්ගොඩ නිසා කොලබ බස් ස්ටෑන්ඩ් එකටම ඌබ එකක් දාගත්තා. කොළඹ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකෙන් බදුල්ල බස් එකකින් තමා මන් කුරුවිටට ආවෙ ( රත්නපුර බස් එකෙත් එන්න පුළුවන් ) පැය දෙකක් තුනක් ඇතුලත කුරුවිටින් බැහැගන්න පුළුවන් උනත් මන් වේලාසන වැඩි උන නිසාම සෙනසුරාදා පොල නිසා එලවලු කඩයක් කට්ටිය එක්ක විස්තර කතා කර කර තේකක් බොන්නත් මට පුළුවන් උනා. 


මට නැවතුමක් නැතුව උඩමලුවටම යන්න ඕන නිසා කුරුවිටින් පාන්දර 6 ට මන් three wheel එකක් ගත්තා.මගෙන් ගත්තෙනම් 500 යි ඒ උනාට සාමාන්‍ය ගාන නම් 800 විතර වෙනවලු. එහෙමත් නැත්නම් 6:20 ඉදලා බස් තියනවා කුරුවිට ස්ටෑන්ඩ් එකෙන් අඩවිකන්ද කියලා ඒකෙන් ගිහින් එරත්නින් බහින්න පුළුවන්. එරත්න ඉදලාත් පොඩි දුරක් තියනවා. ඒ තැනට ගූගල් එකේ Sri padaya- Kuruvita Erathna trail කියලා සර්ච් කලාම එනවා.


උදේ 6:30 වෙනකොට ස්ටාර්ටින් පොයින්ට් එකෙන් මන් ගමන් අපටන් ගත්තා. කෝකටත් කියලා රෑ ඉන්න උනොත් කන්න එහෙම මන් වැඩිපුර කෑම වගේම හදිස්සියකට ඕන කරන දේවල් First Aide එහෙමත් අරගෙන තමා ගියෙ. පාර හොයාගන්න එතරම් අපහසු උනේ නෑ වැස්ස එක්ක පොඩි පොඩි දිය පාරවල් ගොඩක්  ලොකුවට තිබුනා. සමහර අවස්ථා වල කැලේ කොටස වැඩි වෙනකොට සත්තුන්ගෙ හඩ එක්ක බයත් නොහිතුනා කියන්න බෑ ඒ හැම වෙලාවෙම හිතින් හිතුවෙ ගෙදරින් එනකොට අතට ගත්තු මගෙ බාරෙයි අයියගෙ බරෙයි කොහොම හරි උඩ මලුවට අරගෙන යනවා සමන් දෙවිදුගෙ පිහිටත් ආරක්ෂාවත් එක්ක මන් සිරිපා වදිනවා කියලා.


ගමන පටන්ගද්දිම නඩයක් හම්බුනා මල්ලිලා හතරක් එයාලා හැරමිටිපාන අම්බලමෙ නැවතිලා යනවා කිව්වා. මම එයාලා පහු කරගෙන දිගටම අඩිය ඉක්මනින් ආවෙ 3 වෙද්දී වගේ මලුවට කරුනා කරන්න.————————————————“කුරුවිට එරත්න පාරෙන් කරුණා කරන කෙනෙක්ට 

 

“කුරුවිට එරත්න පාරෙන් කරුණා කරන කෙනෙක්ට 

1)කැකුණහින්න                                 200m

2)ජම්බල ගහ යට අම්බලම                1.5km

3)ඩයිමාන් ගල අම්බලම.                    2.3km

4)වර්ණගල අම්බලම.                        2.6km

5)තුම්මෝදර අම්බලමට, සීත ගගුලට.   4.5km

6)මැද හින්න අම්බලම.                      7km

7)ඉදිකටු පාන.                                   8.2km

8)හැරමිටි පාන ගල් වංගෙඩිඅය.          9.2km

(රත්නපුර මාර්ගය කුරුවිට මාරගය එකතු වෙන ස්ථානය)

9)ශ්‍රි පාද මලුවට.                                14km”

( උපුටා ගන්නා ලදි)

————————————————-

මමත් මේක බල බල දුර ප්‍රමාණය අනූව වෙලාව බැලන්ස් කරගෙන තමා ගියේ නැවතිලා කන්න උනත් මන් ගත්තෙ විනාඩි 10 කටත් අඩු කාලයක්.වැදගත්ම දේ මම ගූගල් එකේ සමනල අඩවිය මුලු කොටසම offline map එක සේව් කරගෙන ගියා. ගමන පටන් ගන්න මොහොතකටත් කලින් අන්තිමට ඩේටා තිබ්බ වෙලාවෙත් ආයෙම සේව් කරගත්තා. 
උදේ 6:30 ට ගමන පටන්ගත්තු මම සීත ගගුල ගාවට එද්දි 9:35 වගේ උනා. එත ඉදලා උඩ මලුවට එන්න වැස්ස එක්ක ටිකක් වෙලා ගියා මහන්සියත් හොදට තිබුනා. කොරෝනා එක්ක ඇවිදින ගමන් සේරම නැවතිලා තිබුන නිසා එකපාරම ලොකු දුරක් නිසාත් කොරොනා දෙපාරක් පොසිටිව් උන නිසාත් දුර්වල වෙලා වගේ වැඩිපුර මහන්සි දැනුනා.
කොහොමින් හරි උඩමලුවට කරුණා කරපු මම ඉහවහා ගිය හිතේ සතුටත අසීමිත භක්තියත් එක්ක මුනි සිරිපා වැදපුදාගෙන බාර හාරත කලා. 


උඩමලුවට ඒ වෙනකොටත් නඩ කීපයක්ම කරුණා කරලා තිබුනා එතනිනුත් කිහිප දෙනෙක්ම මාව අදුනගෙන ඇවිත් කතා කලා හැමෝටම ස්තූතියි. ඒ විදිහට උඩ මලුවෙ පැයක් හිටපු මගේ  ආපහු එන ගමන් මාර්ගය උනේ නල්ලතන්නිය මාරගයයි. මලුවේ ඉදලාම නල්ලතන්නියට වෙනකල් නඩ දෙකක් මන් එක්කම පහලට කරුණා කලා. රතු අම්බලම කිට්ටුවට එද්දි රෑ වෙලා තිබුන නිසාපි හැමෝම එතන නැවතුනා. කෑම ලග තිබුනත් එක නඩයක වෙනස්ම විදිහකට හදපු රසම රස කොත්තුමී මැගී දෙවන බත නූඩ්ල්ස් එකක් හිනා වෙවී රස බලන්නත් තව නඩයක රසම රස උනු කෝපී එකක් රස බලන්නත් මට පුළුවන් උනා. තවත් පැය කිහිපයක් මහන්සිය ඒ විදිහට නිවාගෙන පාන්දරම පිටත් උනේ උදේ 7 ට කොලබට පිටත් වෙන බස් එකේ ආපහු පරිස්සමෙන් ගෙදර එන්නයි.සමහර ෆොටෝ ගත්තෙනම් වෙන ‍ කවුරුත් නෙමේ ෆෝන් එක ගල් වල හේත්තු කරලා කෝටු කෑලි ගලා

ටයිමින් තියලා එහෙම. ස්ටික් එකක්වත් ගෙනියන්න තිබ්බෙ නැති නිසා 🙈
කෙල්ලෙක් විදිහට තනියම ගියපු මේ ගමන මට අලුත් අත්දැකීමක් ජීවිතයට එකතු කලා .♥️

Youtube video of the story – https://youtube.com/channel/UC_gA_FEDFMBT9GaHUJ0ZtaA

ශනුලි නිල්නයනි

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles