spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ලස්සනම හිරු නැගීම් බලන්න යන්න වංගෙඩිගලට

                                                                            වංගෙඩිගල

පුංචි  නුවරඑළිය එහෙම නැත්තම් බොහෝ දෙනෙකු දන්නා බෙල්හුල් ඔය කියන්නේ සංචාරකයන්ගේ හිත ගත්ත තවත් එක සුන්දර සංචාරක මිටියාවතක් ,අහස උසට නැගී සිටින මහා විශාල කඳු පනතින් රැසක්ද ,,,දියඇලි හා ගංගා ,වැව්,ඔයවල් වලින් සපිරුණු පොහොසත් සංචාරක තෝතැන්නක් ,,,,මේ පෙදෙසේ සංචාරය කරන බොහෝ දෙනෙකු දන්නා සංචාරක ලැයිස්තුවක් තියේ ,,,,බඹරකන්ද දියඇල්ල ,,,,හාවාගල ,වංගෙඩිගල ,,,,,මේ ලිපියෙන් මම දක්වන්නට බලපොරොත්තු වෙන්නේ ඒ අතරින් ගොඩාක් දෙනෙකු අතර ප්‍රසිද්ධ කන්දක් ගැන ,,බොහෝ දෙනෙකු මෙම කන්ද තරණය කරලත් ඇති ..

වංගෙඩිගල කන්ද ,,,

ඔබ කොළඹ බදුල්ල පාරේ ,,බදුල්ල සිට කොළඹ දක්වා යන විටත් හෝ කොළඹ සිට බදුල්ල දක්වා යන විට මේ දර්ශණිය මග ඔස්සේ බෙලිහුල් ඔය හන්දිය පසුකොට බදුල්ල දෙසට කිලෝමීටර් 8ක් පමණ යන විට ඔබට ඉහලින්  අහස උසට විහිදී ඇති කඳු වැටියක් දකිනට පුළුවන් ,,,ඉතා දිගට විහිදුනු විටෙක මොල්ලි ලෙස විහිදී ඇති කඳු වැටියකි ,,,ඒවා පිලිවෙලින් වංගෙඩිගල ,වංගෙඩිකන්ද ,බලතුදුව හා ගොම්මොලිය කඳු ලෙස දක්වන්නට පුළුවන් ,,මෙම කඳු වැටියේ පළමු ඉම ,පලමු කන්ද වංගෙඩිගල ලෙස හදුන්වන්න පුළුවන් …

වංගෙඩිගල ගමන් මාර්ගය

වංගෙඩිගලට ගමන් කල හැකි මාර්ග දෙකක් වර්තමානයේ තියෙනවා ,,එයින් එක මාර්ගයක් නම් බදුල්ල කොළඹ මාර්ගයේ කළුපහන හන්දියෙන් බැස බඹරකන්ද ඇල්ල වෙත ඇති මාර්ගයේ කිලෝමීටර් 4ක පමණ දුරක් ගමන් කොට බඹර කන්දට කලින් හමුවන වම පසට ඇති වංගුවෙන් පඩිපෙළ බැස ගමන් කොට හමුවන ලි දඩු පාලමද පසුකොට කන්ද තරණය කිරීමයි ,,,,,,නැතිනම් කල්පහන හන්දිය පසුකොට තවත් ටික දුරක් පහලට පැමිණ විට හමුවන කලුපාලම ලගින් බැස බෙලිහුල්ඔය පැත්තට මද දුරක් ගමන් කොට හමුවන බුදුපිළිමය අසලින් ඉහලට යයි දක්වා ඇති මාර්ගයේ ගමන් කිරීමයි ,,,,,මා මෙම දෙවනියට දක්වන මාර්ගය තරමක් ලේසි සහ පහසුය ..ඒ මග ඔස්සේ ගමන් කරන විට මහා රූස්ස පයිනස් වානාන්තරයක් ඔස්සේ ගමන් කල යුතුය ,,කිලෝමිටරයක් පමණ එම මාර්ගයේ ගමන් කරන විට කුඩා බුදු පිළිමයක් හමුවෙනවා ,,එතනින් ඉහලට ගමන් කල යුතුය ,,මා පලමුව දක්වපු මාර්ගයත් මේ බුදුපිළිමය අසලදී එකට එකතු වෙනවා ,,මෙතන සිට ඇත්තේ එක එල්ලේ පයිනස් වනාන්ත්රය්ක් මැදින් ඉහලට ගමන් කිරීමයි ,,කිලෝමීටර් 4කට ආසන්න දුරක් ඇති මේ ගමනට සාමන්යෙන් පැය 2ක් වත් ගතවේ ,,පයිනස් කැලේ කොටස අවසන් වීම සමග ඉහලට නැග ගත්විට දැකගන්නට හැකි වන්නේ දර්ශණිය  විශාල තැන්නක් ,,,,ඒ වංගෙඩිගලේ මුදුන වෙනවා …

වංගෙඩිගල මෙච්චර සංචාරකයන් අතර ජනප්‍රිය ඇයි,,වංගෙඩිගල සිට දක්න්න්ට හැකි දේ

වංගෙඩිගල කන්ද මුදුනේ ඇත්තේ ඉතා විශාල දිගට විහිදෙන තැනිතලාවකි ,,,එය ඉහලින් ඇති වංගෙඩිකන්දත් ,,එතනින් එහා වූ බලතුඩුව ගොම්මොලි වෙත දිවයන ආකාරය ඉතා අපුරුයි ,,,,,,අවට ඉතා පුළුල් දර්ශනයකින් දකින්න පුළුවන් වංගෙඩිගල මුදුනේ සිට එක අන්තයකින් ලංකාවේ උසම ඇල්ල වන බඹර කන්ද ඇල්ලට වඩා ඉහල සිට ඇල්ල හරි අපුරුවට දකින්නට පුළුවන් ,,,එපමනක් නොව මීදුමින් නිතර බරවූ මෙම කඳු වැටියේම මහා යෝධයන් වන බලතුඩුවත්,ගොම්මොලියත් නැගී සිටිනා ආකාරයත් ,,,,ඉදිරියෙන් හල්දුමුල්ල ,බෙරගල දක්වා මහා සානුවත් ,,,,යකාගේ පඩිපෙළේ ඉහලින් වූ උඩවේරිය වතු කඳුකර පෙදෙස් ද අපුරුවට ද්කගන්න්ට පුළුවන් ,,,වංගෙඩිගලේ ඇති විශාල දිගට විහිදුන තැනිතලාව නිසා බොහෝ පිරිසකට එහි රාත්‍රී කඳවුරු බැඳ රැය ගතකිරීමේ අවස්ථාව උදාවී තියෙනවා ,,,ඔබ වාසනාවන්ත නම් සුළග නැති වැසි නැති වාලාකුළු නැති රැයක අනන්තය කරා විහිදෙන තරු අහසක් යට ඉදන් මේ වංගෙඩිගල රැ සුන්දරත්වය ගත කරන්නට පුළුවන් .එය ඔබ ජිවිතයේ ලබන අපුරු අත්දැකීමක් වේවි ..අධික සුළග සහිත හා අකුණු සහිත තද වර්ෂා දිනවලදී නම් එහි සංචාරය කිරීම නම් අතිශය අවදානම සහිතයි ….

වංගෙඩිගල වර්තමාන තත්වය

වර්තමානයේ නම් අධික වූ සංචාරක ධාරිතාව නිසා වංගෙඩිගල බොහෝ ජරාජීර්ණව ඇත්තේ ,,,එහි මුදුනේ වූ එකම ජල උල්පතත් මේ වන විට භාවිතා කරන්න නොහැකි තරමට අපවිත්‍ර වී පවතින්නේ ,,,බොහෝ ස්ථාන වල සුද්ධ කොට විශාල ලෙස කඳවුරු බ්ම් සකසා ඇති වංගෙඩිගල මුදුනේ හිස් අරක්කු බෝතල් ,,ප්ලාස්ටික් හා පොලිතින් බොහෝ දමා ගොස් ඇත ,,,,එවැනි වූ සංචාරකයන් විසින් සිදුකරන්නාවූ ක්‍රියාවන් නිසා මෙවැනි සුන්දර ස්ථාන විනශ වී අවසන් ය ,,,,

එබැවින් සංචාරක ඔබ ඉතා සංයමකින් හා නිසි නීතිරීති වලට අනුව ඔබගේ සංචාරයන් සිදුකරන ලෙස ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා …

සටහන – තිවංක රත්නසේකර .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles