Youtube video – Click here
කොලඹ කියන්නෙ දැන් වාණිජකරනය වෙලා වෙළඳාමට දැවැන්ත ගොඩනැගිලි වලට , රැකියා ස්ථානවලට සුප්‍රසිද්ධ තැනක් උනත් කොළබ කියන්නෙ දුරාතීතයේ ඉඳලම එන අතීතයක් තියෙන වරාය නගරයක් , ඒක ශත වර්ශ ගානක් පස්සට යන එකක් . අතීතයේ ලන්දේසි පාලන සමයේදි කොලඹ වරායට එන නැව් වලට ඈත ඉඳන් කොලබ ගොඩබිමින් පෙනිල තියෙන ගොඩනැගිල්ල ක් තියෙනව . ඒක වුල් ෆෙන් ඩෝල් කියල ලන්දේසීන් විසින් හඳුන්වල තියෙනව . මේ තමා දැන් ආදුරුප්පු වීදිය පල්ලිය නැතිනම් වුල්ෆෙන්ඩෝල් පල්ලිය .
පිහිටීම
වුල්ෆෙන්ඩෝල් පල්ලිය පිහිටල තියෙන්නෙ කොලබ කොටුවෙ ඉඳල ගෑස් පහ හන්දිය පහු කරල මෝදර පැත්තට යනකොට . ආදුරුප්පු වීදිය කියන්නෙත් මෙහෙට තමයි . මේකෙ පිහිටීම ගත්තොත් මෙතන තරමක උස කඳුගැටයක් උඩ තමයි මේක හදල තියෙන්නෙ . අතීතයේ මේ ස්ථානයට පැමිනුනාම අවට සම්පූර්න ප්‍රදේශයම බලාගන්න පුලුවන් උනා කියල පැවසෙනව .
ඉහිහාසය
ලන්දේසීන් කොලබ අල්ලාගැනීමෙන් පසුව තමන්ගේ ආගමික කටයුතු සඳහා කොළඹ නගරයේ දේවස්ථාන ඉදිකිරීම ආරම්භ කලේ 1749 දීය. ඒ කොළඹ කොටුව සමීපයෙහි වූ උස් කඳු වැටියක් මතය. පෘතුගීසින් එය හඳුන්වා තිබුනේ Agoade Loupe යනුවෙනි. ලන්දේසීන් එය හැඳින්වූයේ වුල් ෆෙන් ඩෝල් Voluen daal යනුවෙනි. වෘකයන්ගේ මිටියාවත, වෘකයින් සැරිසරන දෙනිය යන්න එම ලන්දේසී වචනවල තේරුම විය.
වෘක මිටියාවතට නම් හැදුන හැටි
ලන්දේසීන් දැනට ආදුරුප්පු වීදිය පිහිටි ප්‍රදේශයේ පල්ලියක් ඉදිකිරීමට සැලසුම් කරන විට ඒ ආශ්‍රිත ප්‍රදේශය වනයෙන් වැසී ගිය ප්‍රදේශයක් විය . මේ වන ලැහැබ මෝදර කැලණි මෝයකට දක්වාම පැතිරී තිබුනු අතර එම ප්‍රදේශයේ නරි ගහනයක්ද පැවතිනි මේ අදාල ප්‍රදේශයේ ඉඳන් නූතන ආදුරුප්පු වීදිය ප්‍රදේශය ආහාර හොයාගෙන ආපු නරින්ගේ හූ හඬ ලන්දේසීන් විසින් වෘකයන් ඉන්න ප්‍රදේශයක් ලෙස හැඳින්වීමට යොමු වෙලා තියෙනව .
1774 ලන්දේසීන් අගෝඩා ලෝප් කඳු ගැටය මත තමන්ගේ ලන්දේසි පල්ලිය ඉදිකිරීමට ප්‍රථම එහි පෘතුගීසි පල්ලියක තිබුණ බවක් Ceylon francios valtentyn වාර්තාවල සඳහන් වෙනවා . පසුව එය උඩරට සිට ආ තානාපතීන්ගේ වාසභවනක් ලෙස භාවිතයට ගැනුනු බව සඳහන් .
වුල්ෆ්වැන්ඩල් පල්ලිය සෑදීමට පෙර මෙහි තිබුනේ පන්සලක්ද ?
මේ සම්බන්ධ වෙනත් අදහසක් පෙර දිනක ලංකාදීප පුවත් පතේ විශේශාංග ලිපියක පල කර තිබුනා ඒ මේ ආකාරයෙන් ” උපුටාගැනීම ‘ඕලන්ද යුගය ආරම්භවීමට ටික කාලයකට පෙර කොළඹ නගරයේ විශාලම විහාරය පිහිටියේ ආදුරුප්පුවීදිය කන්ද මුදුනේය. හරියටම කිවහොත් අද වුල්ෆෙන්ඩල් පල්ලිය පිහිටි ප්‍රදේශයේය. කොළඹ මහා විහාරය යනුවෙන් එය හැඳින්විණ.
සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවීමෙන් පසු එයින් අංකුර අටක් හටගෙන, එයින් බෝධීන් වහන්සේ අටනමක්ද හැදී වැඩුණි. එයින් පසුව අනුරාධපුර සිරිමාබෝ සමිඳුන් වෙතින් තවත් අංකුර තිස් දෙකක් හටගෙන එයින් දෙතිස්ඵල බෝධීන් වහන්සේ බිහිවිණි. එම දෙතිස් බෝධීන් වහන්සේලා ලංකාවේ නොයෙක් ප්‍රදේශවලට වැඩමකර රෝපණය කරන ලදී.
එම දෙතිස්ඵල බෝධීන් වහන්සේලාගෙන් එකක්, ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ තිබූ මහා විහාරයේ රෝපණය කරන ලදී. පසු කාලයක ඕලන්ද ජාතිකයින් එම විහාරය විනාශකර ඒ මත ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලදී.
පසු කාලයක කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු කරන්න සහ රික්ෂෝවලින් සිදුවූ යුගයේ ඔවුන්ගේ නැවතුම් පොල වූයේ බේරේ වැව අයිනේය. ඔවුන් ආදුරුප්පුවීදිය කන්ද මුදුනේ ඒ වන විටත් තිබු දෙතිස්ඵල බෝධියෙන් පැළයක් ගෙනැවිත් බේරේ වැව අයිනේ රෝපණය කර එයට මල් පහන් පූජා කරන්නනට විය. ඉංග්‍රීසි ආණ්ඩු සමයේ, කොළඹ නගරය විශාල කිරීමේදී කොටුව දුම්රිය ස්ථානය සහ මැනිං මාර්කට් (ගබඩාව) සෑදීම සඳහා බේරේ වැව කොටසක්ද ගොඩකරන්නට වූහ. එවිට කරත්තකරුවෝ සහ රික්ෂෝකරුවෝ බේරේ වැව අයිනේ රෝපණය කර එයට මල් පහන් පූජා කරන්නට වුහ. ඉංග්‍රීසි ආණ්ඩු සමයේ, කොළඹ නගරය විශාල කිරීමේදී කොටුව දුම්රිය ස්ථානය සහ මැනිං මාර්කට් (ගබඩාව) සෑදීම සඳහා බේරේ වැව කොටසක්ද ගොඩකරන්නට වූහ. එවිට කරත්තකරුවෝ සහ රික්ෂෝකරුවෝ බේරේ වැව අයිනේ රෝපණය කර තිබූ බෝධිය ගෙනැවිත් පිටකොටුවේ අද පිහිටි ස්ථානයේ රෝපණය කළහ.
‘ උපුටා ගැනීම අවසන් “
1749 දී ඉදිකිරීම් ආරම්භ කොට ඇති වුල්ෆෙන්ඩාල් දෙවස්ථානය 1757 මාර්තු හයවන දින එහි කැපකිරීමේ දිව්‍ය පූජාව සිදුකරන තිබෙනවා.
කොලඹ කොටුවේ ශාන්ත පීතර දේවස්ථානය පිහිටි භූමිය තුල ආන්ඩුකාර නිල නිවස ( නූතන ජනාධිපති මන්දිරය ) ණිර්මානය කිරීමට තීරණය කරන ලද අතර එහි තිබූ සිවිශේශී සොහොන් කොත් කිහිපයක් ගෙනැවිත් වුල්ෆ්වැන්ඩල් පල්ලියේ තැන්පත් කර ඇත . මෙම පල්ලියේ දැනටත් විශාල සොහොන් කොත් ප්‍රමාණයක් දැකිය හැකි අතර ආන්ඩුකාරවරුන් මෙන්ම ප්‍රභූ ජනයාගේ සොහොන් කොත් දැකිය කැකිය . දොන් ජුවන් ධර්මපාල කුමරුන්ගේ ස්මාරකයද මෙම ස්ථානයට ගෙන එන්නට ඇතැයි සැක කෙරෙන අතර මේ වන විට එය පල්ලිය අවට භූමියේ දැකගැනීමට හැකියාවක් නෑ .
මෙම පල්ලියේ පියස්සද ගලින් නිමවා තිබී ඇති අතර එය 1900 දී පමණ කඩාවැටී ඇත ඉන් පසුව මෙය යකඩින් නිම කිරීමට ඉංග්‍රීසීන් විසින් කටයුතු කොට ඇත .
සැකැස්ම හා ණිර්මානය
පල්ලිය ඉහලින් බැලූ විට කුරුසියක හැඩයෙන් යුතු වෙන්න තමයි නිර්මාණය කරල තියෙන්නෙ .
ආදූරුප්පු වීදිය පල්ලිය කලුගල් පදනම මත ඉදිකර ඇති අතර එහි බිත්තියක් අඩි පහක පමන ගනකමකින් යුක්ත වනවා , හුණුගල් බහුලව යොදාගෙන ඇති මෙහි ආරුක්කු වලට ගඩොල් යොදාගෙන තිබෙනව . මේ ආරුක්කු ආවරන ලෙස පිත්තල පුවරු යොදා තිබී ඇති අතර මේ වන විට ඒවා දකින්න ලැබෙන්නෙ නෑ .
මෙහි පොලවට කළුගල් වලට අමතරව සොහොන් කොත්ද යොදා තිබෙනව . මේවා දැන්ද බලාගත හැකි අතර මේ සොහොන් කොත ඉතා පැරණි ඒවා වනවා .