spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ශ්‍රි ලංකාවේ දැවැන්තම සංචාරක ප්‍රදර්ශණය – සංචාරක උදාව 2023

ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සක්‍රීයව සම්බන්ධවන ලංකාවේ දැවැන්තම සංචාරක ප්‍රදර්ශනයේ 10 වන අදියර 2023 මැයි මස 19 හා 20 දිනවලදී BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම මෙම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සදහා වෙළඳපොල අවස්ථාවන් සොයා ගැනීම සඳහා සංචාරක උදාව ප්‍රදර්ශනය අනගි සහයක් ලබා දෙනු ඇත.

වෙලඳ කුටි 250කින් සමන්විත මෙම ප්‍රදර්ශනය පෙ ව 10 සිට ප ව 10 දක්වා විවෘතව තිබෙන අතර මෙම ප්‍රදර්ශණය සඳහා 10,000කට වැඩි ව්‍යාපාරික සහ පොදු ජනතාව සහභාගි වනු ඇතැයි සංවිධායකයින් බලාපොරොත්තුවේ.

හෝටල් ,සංචාරක නියෝජිතයන් , ගුවන් සේවා සමාගම් , සංචාරක සේවා සපයන්නන් , අධ්‍යාපන ආයතන මේ සඳහා සහභාගි වන අතර පොදුවේ ක්ෂේත්‍රයේ මෙවන් විවිධත්වයකින් යුතුව ව්‍යාපාරික සබඳතා සපයාගැනීමට හැකි හොඳම අවස්ථාව මෙය වෙයි .

මේ සඳහා නිළ වෙබ් හා සමාජ මාධ්‍ය ජාලය ලෙස trip.lk අයත් Agency of Global Networking International Lanka වෙබ් හා සමාජ මාධ්‍ය සමූහය කටයුතු කරනු ඇති

Related Articles

1 COMMENT

  1. Hi, I am Sagara Wijesinghe music composer of Tharana Sigiri Opera. We are performing original opera and Sigiri Graffity poems live in concerts. If you are interest we can perform Sigiri graffity poems and sigiri opera arias in your Sancharaka usawa 2023 exibition.

    If you are interest please conract us through the following mobile number 0777633923

Comments are closed.

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles