spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ඇල්ලෙ සුවපහසුවට සුන්දර Glamping අත්දැකීමක් ගන්න යන්න Ravana Backpackers Lodge

Glamping කියන්නෙ දැන් ලංකාවේ වෙගෙන්ම ජනප්‍රිය වේගෙන එන නවාතැන් ක්‍රමයක් . Glamping කියන දේ සරලවම කිව්වොත් සුවපහසුවට කෑම්ප් කරන එක . කෑම්පින් කියන්නෙ ජීවිතේ එක වතාවක් හරි අත් විඳින්න ඕන දෙයක් . නමුත් බහුතරයක් දෙනා මේ දේට වැඩි කැමැත්තක් නෑ කෑම්පින් එකක විඳින්න වෙන නොයෙකුත් සුවපහසු නොවෙන අත්දැකීම් නිසා . ඒකෙ ඇත්තක් නැතුවමත් නෙවෙයි . මේකට උත්තරයක් විදිහට තමයි Glamping එලියට එන්නෙ .

Ravana Backpackers Lodge එක තියෙන්නෙ ලෝක ප්‍රසිද්ධ පුංචි සිරී පාදය ලඟපාත, Ravana Pool Club , Flying Ravana Zipline, Ella Swing වගේ සුවිශේශී අත්දැකීම් අතරට එකතු වෙන තවත් එක සුන්දර අත්දැකීමක් තමා මේකත් .

ප්‍රණීත ආහාර පාන , සුවදායි පරිසරය එක්ක පරිසරයට මුහුම් වෙලා සුන්දර අත්දැකීමක් ගන්න හොඳම තැනක් මේක . හයික් කරන්න , වගේම මේකෙදි ක්‍රියාකාරකම් රැසකට ඔයාලට යෙදෙන්න හැකියාව ලැබෙනව . ATV Ride, air rifle එකකින් වෙඩි තියන්න ., Climbing tower එක වගේ සුවිශේශී අත්දැකීම් / ක්‍රියාකාරකම් රාශියක් මේකෙදි ඔබට අත්විඳින්න පුලුවන් . මේ විතරක් නෙවෙයි කුඩා පිට්ටනියක් තියෙනව බැඩ්මින්ටන් ගහන්න , ඒ විතරන් නෙවෙයි , නිවී සැනසිල්ලෙ පරිසරයේ සුන්දරත්වය විඳිනගමන් hammock bed එකට වෙලා පොතක් කියවන්න , එහෙම නැත්තම් කැමතිම playlist එකකට සවන් දෙන්නත් ඔයාලට පුලුවන්

යාලුවො සෙට් එකකට outing එකක් යන්න මෙතන හොඳම තැනක් . විනෝද වෙන්න කන්න බොන්න සනීපාරක්ශක පහසුකම් හොඳටම තියෙන නිසා කිසිම ගැටලුවක් නෑ . කෑම්පින් අත්දැකීමත් සනීපාරක්ශක පහසුකම් හා ආරක්ශාව වගේ කරුණුත් බැලුවම . ඒක එක කැමැත්තවල් තියෙන පිරිසකට එක තැනක එකතු වෙලා විනෝද වෙන්න කදිම තැනක් . කියන්න අමතක උනා මේක අයිති වෙන්නෙ 98 acres හෝටලයේ කලමණාකාරීත්වයටමයි , ඒක නිසා මේ අයගෙ සේවාව ගැන ඔයාට කිසිම සැකයක් තියාගන්න අවශ්‍ය නෑ . +94 57 493 0000 හරි +94 74 273 3833 අංකයට හරි කතා කරල දිනය වෙන්කරවාගෙනම හිතේ නිදහසෙන් ට්‍රැවල් කරන්න

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles