spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

යෝධ වැලි කඳු අස්සෙ තියෙන කල්පිටියෙ අමුතුම හෝටලය – ඩන් ටවර්ස් Dune Towers

කල්පිටිය කියන්නෙ වැඩිම සංචාරක විභවයක් තියෙන ඒත් අවුරුද්ද පුරා ලොකු අවධානයක් ලැබෙන්නෙ නැති අතිශය සුන්දර ප්‍රදේශයක් . සුන්දර කඩොලාන , කොරල් , කලපු මෝය , දූපත් වලින් අතිශය සාර මේ ප්‍රදේශය විදේස් සංචාරකයන්ට තෝතැන්නක් . මේ කලිපිටියේ තියෙන අමුතුම හෝටලයක් ගැන තමයි මේ අපි අද කතා කරන්නෙ . ඩන් ටවර්ස් . ඩන් කියන්නෙ මෙතන සෑන්ඩ් ඩන්ස් වලට එහෙම නැත්තන් ස්වභාවික වැලි කඳු එහෙම නැත්තන් වැලි පරය්න් . කල්පිටිය ආලංකුඩා වෙරළ තීරයෙ මායිමේ තියෙන්නෙ මේ හෝටලය .

ටවර් එක ඇතුලෙ තියෙන කාමර

ඩන් ටවර්ස් කියන්නෙ බුටික් හෝටෙල් එකක් ඒ වගේම . මේකෙ හැඩේ වර්ණය හරිම අමුතුයි , හරියට මුහුද අයිනේ වැලි තලාවක පිහිටල තියෙන යුරෝපානු බලකොටුවක් වගේ හැඟීමක් තමයි මේක ගැන මුලින්ම මම දැක්කම මට ආවෙ . මේ හොටෙල් එක හදල තියෙන්නෙ කුළුණු දෙකක් වගේ . මේ කුළුණු වල තමයි හෝටලේ පිහිටල තියෙන්නෙ .ස්වභාවික පරිසරයට අනුගත වෙන්නම තමයි මේ නවාතැන හදල තියෙන්නෙ . මේකේ ඉඳිද්ඩි ඔබට ඒක විශේශයෙන්ම දැනෙනව පරිසරයේ කොටස්ක් වෙලා කියන එක . රෙස්ටූරන්ට් එකක් එක්කම සුකෝපභෝගී කාමර මේ නවාතැනේදි ඔබට ලබාගන්න පුලුවන් .

උඩට පේන විදිහට – පිටිපස්සෙන් ලාවට පේන්නෙ වැලි කන්දක්

කැස්බෑවො , ඩොල්ෆින් . කයිට් සර්ෆින් වගේ කල්පිටිය ලෝක ප්‍රසිද්ධ කරපු ක්‍රියාකාරකම් වලට අවශ්‍ය පහසුකම් ඔබේ ඉල්ලීම පරිදි හෝටලෙන් සපයල දෙනව . මේක ඕනෑම සංචරක කාණ්ඩයකට සුදුසුයි කියලයි මන් හිතෙන්නෙ . විඩ්ශේශයෙන්ම . කුඩා දරුවො එක්ක සංචාරය කරනවනම් යෝධ වැලි කඳු අස්සෙ සෙල්ලන් කරන්න තියෙනවනම් පවුලෙ හැමෝටම අමතක නොවෙන අත්දැකීමක් වෙයි ඒක .

නාන කාමර

යන්න කලින් මේ +94762960368 අංකයට කතා කරල දවස වෙන්කරගෙනම යන්න

මේ වෙබ් අඩවියෙන් තව වැඩිදුර විස්තර ගන්නත් පුලුවන් – https://www.dunetowers.com/

ආලංකුඩා වෙරළ ඉඳන් හෝටලෙ වෙනකන් අහසෙන් පේන් විදිහ
ටවර් එක උඩට හිරු නැගීම
වැලි කන්දක්

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles