සබරගමුවෙන් ඌවට
ඌවෙන් මධ්‍යමට.
(Nanperiyal Junction)නන්පේරියල් හන්දිය
බේකර්ස් බෙන්ඩ් (Baker’s bend) (24KM)
(Kalupahana junction)කළුපහන හන්දිය
බඹරකන්ද දියඇල්ල(Bambarakanda)
Wali Wanguwa වැලි වංගුව
යක්ෂයාගේ පඩිපෙළ (Devil’s Staircase)
හෝර්ටන් තැන්න (Horton Plains National Park)
පට්ටිපොළ(Pattipola)
58KM Trail by foot
කදවුරු රාත්‍රින් 3 ක්, බඹරකන්ද දියඇල්ල අසල,
යක්ෂයාගේ පඩිපෙළ මාර්ගයේ
හෝර්ටන්තැන්න කදවුරු භූමි 01
•••
දෙපස රූස්ස ට වැඩුණු පයිනස් වතු මැදින් වංගු ගැසුනු මාර්ග දිගේ ඉහළට ගමන් කිරීම හරිම සුන්දරයි.. එක් පසෙකට විහිදුණු මහා හෙල් අද්දරින්..අනෙක් පසින් අහස සිඹගන්නා කදුශිඛර විටෙක මිහිදුම් සේල වලින් වසාගෙන එමින්. උඩහට යන්න යන්න මීදුම..අඩි දෙකක් වගේ තමයි
ඉස්සරහ පේන්නෙ.පාසි බැදිනු ගල් පර්වත වලින් පහළට ලිස්සා වැටෙන වතුර හරිම පැහැදිලියි.සමහර දොල පාරවල් පේන්නෙ නෑ කැළේටම හැංඟිලා.ඒත් වතුර පාරෙ සද්දෙ
මේ දවස් නන්පෙරියල් නම් දිය ඇළි විමානයක්. මේ වගේ පළාතකට ගියාම ලුණු මිරිසක් එක්ක රොටියක් කාලා ගෙඩියක් කාලා ප්ලේන් ටී එකක් බීල තියෙනවද? ලුණු මිරිසෙ තුනපහත් තිබ්බා.
නන්පෙරියල් ,බේකර්ස් බෙන්ඩ් දක්වා තියෙන තේ වතු අයිති බලංගොඩ වැවිලි සමාගමට.
වැවිලි සමාගම් වල තේ වතු පාරෙ දෙපැත්තටම..පුදුම ලස්සනක්.උදේම ගැහැණු පිරිමි අය කණ්ඩායම් වශයෙන් එනවා වතු වලට වැඩ මුරය අරඹන්න.ලේසි පහසු කටයුත්තක් නම් නෙමෙයි ඉතිං.දාලා එන්න කව්රුත් නැත්නම් සමහරු පොඩි ළමයිත් එක්කගෙනම තමයි වැඩට එන්නෙ.වතු නිවාස තියෙන තැන ඉදන් කදු පල්ලම් බැහැං km ගානක් එන්න ඕන වතුවලට.ඉතිං දළු දවසට කඩන දළු ටිකත් පහළට ගේන්න ඕන.ලිප් ගල් නම් වරදින්නෙ නෑ මේ යන පාරෙ.වැස්ස දවසට තමයි කට්ට.
ඔහිය පැත්තට යද්දි හෙල් මළු ක්‍රමයට හඳපු වගාභූමි හැමතැනම එක යායට කැරට් වගාව තමයි මහා පරිමානෙන්ම තියෙන්නෙ එක් රාත්‍රියක් අපට ගත කරන්න උනෙත් කැරට් වත්තක් මැද පුංචි පැළක. නම් ගොඩක් බාදා උනා එදා.ඊට කලින් දවසෙ අපි කලුපහනට ආවෙම වැස්සත් අරගෙන. වැස්සයි මීදුයි නිසා බඹරකන්ද උඩහට යන්න තිබ්බ plan අත් අරින්න උනා.එතකොටත් අපිට හොද ගනං 28km කදු පල්ලම් බැහැල ඉදපු නිසා.
දියඇල්ල entrance එක ගාව තිබ්බ කඩේ ඒ වෙලාවෙ රත්තරං ටිකට වටිනවා.ඒ වැස්සෙ tent එකක් ගහන්න හිතන්නවත් බෑ .ඉතිං අනිත් හැම තැනක්ම වගේ කූඩාරම් කරපු තැන් තිබ්බටත් වඩා හොදට හදල තමයි ආවෙ.මුණගැහෙන මිනිස්සුත් හරිම කරුණාවන්තයි.
දෙවෙනි දවසෙ උදේම එළකිරි බෝතලයක් අරං බොන්නත් ඕං වාසනාව තිබ්බා අපිට. එවෙලෙම දොවපු කිරි.
මේව තාමත් සාම්ප්‍රදායික ගම්මාන.හරිම ලස්සන අත්දැකීමක් ඒක.
ආඟරපතන වැවිලි සමාගමට තමයි වැලි වංගුව , යක්ෂයාගේ පඩිපෙළ අවට තේ වතු ගොඩක් අයිති.කඳවුරු බදින්න තහනම් කියල සමාගමෙන් පුවරු ප්‍රදර්ශනය කරල තියෙනවා.
හොදම කදවුරු රාත්‍රිය තමයි හෝර්ටන්තැන්න කදවුරු භූමි අංක 01 අපි ගත කරපු රාත්‍රිය.
ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරන, ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමලයේ කින්නියා පෙදෙසෙන් බෙංගාල බොක්ක කරා පිවිසෙන මහවැලි ගඟට මුලාශ්‍රය ලැබෙන්නේ අපි මේ ඉන්න කදවුරු භූමිය අසලින් ගලාගෙන යන බෙලිහුල්ඔයෙන්. (මහවැලියේ අතු ගංගාවක්) ඉතිං වතුරෙන් ප්‍රශ්නයක් ඇත්තෙම නෑ.
වෙනදටත් වැඩිය වැස්සෙන් ආරක්ෂා වෙන්න පිළියම් යෙදුව නිසා මෙදා රාත්‍රිය වැස්සෙ නෑ.කදු කිහිපයකින් වටවුනු මේ භූමිය හරිම නිදහස්.අපි මේ ඉන්නෙ හෝර්ටන්තැන්න trail එකෙනුත් පහල භූමියක.ඉතිං හෝර්ටන්තැන්න ට ආවේණික පොද වැස්ස දිගු වෙලාවක් තිබ්බා.මෙතන මීදුම එක තැනක රැදෙන්නෙ නෑ.හරි ඉක්මනට ගහගෙන යනවා.ඒ නිසා මේ පරිසරය තවත් හැඬයි.
මේ පරිසරයේ,පාරවල් වල තියෙන්නෙ කියන්න බැරි තරම් සුන්දරත්වයක්..මහරත්මල් හැමතැනම වගේ පිපිලා.බිමට නැමී ඉන්න හොදින් වැඩුනු ගෝනෙක්ගේ අං තට්ටු හිමීට උඩට ඉස්සෙනවා ඈතින්…හරිම ලස්සන දර්ශනයක්….
ඒ වටේට තව රංචු ගොඩයි.
හැබැයි කොටියගෙන් පරිස්සම් වෙන්න වෙනවා.මොකද වර්ථමානය වන විට කුමන ,යාල ,විල්පත්තු වලට වඩා කොටි ගහණය වැඩි වෙමින් පවතිනවා
වර්තමානය වන විට හෝර්ටන් තැන්නට ළඟා විය හැකි ප්‍රධාන මාර්ග 2 කි. නුවරඑළිය සිට අඹේවෙල හරහා පට්ටිපොළ පිවිසුම සහ අනෙක හපුතලේ, බොරලන්ද හරහා ඔහිය පිවිසුම වේ. නමුත් අතීතයේ මීට අමරතව මාර්ග 4 ක් තිබිල තියෙනවා. ඉන් වඩාත් කෙටි මාර්ගය තමයි බෙලිහුල්ඔය සිට නන්පේරියල් මාර්ගයයි. මීට අමතරව බොගවන්තලාව සිට මාර්ගයත්, ඩයගම සිට මාර්ගයත් සහ ඔහිය – පට්ටිපොළ අතර දුම්රිය මග ඔස්සේ අඩි පාරක් ලෙස සමස්ත මාර්ග 6 ක් අතීතයේ තිබිල තියෙනවා. නමුත් ඉන් ඔහිය හා පට්ටිපොළ වර්තමාන පිවිසුම් පාර හැර අනෙක් මාර්ග සියල්ල තහනම් කරපු ප්‍රවේශ වේ. එසේ කිරීමට හේතු වූයේ සංචාරකයාගේ නොදියුණු ආකල්ප හා පරිසරයට නොසුදුසු චර්යාවන් සහ අනවසර පතල් කර්මාන්තයයි.
මේ තමයි ලංකාවේ උසම තැනිතලා භූමිය.මේක ජාතික වනොද්‍යානයක්.ජාතික වනෝද්‍යාන පනතෙ තියෙන සෑම නීති රෙගුලාසියකටම අපි යටත් වෙලා තමයි මේකට ඇතුල් වෙන්නෙ. ආවේණික ශාක විශේෂ සත්ත්ව විශේෂ(ඇසට පෙනෙන නොපෙනෙන) ගණනාවක් මේකෙ පදිංචියි.
පට්ටිපොළට පැත්තට පාරෙ ඇවිදන් යද්දි තියෙන හැඟීම…පුදුමාකරයි. කොළ පාටෙත් පාට වර්ග ගොඩක් තියෙනවා.ඒක ලස්සනටම අත්වින්දෙ හෝර්ටන්තැන්න දෙපස ඈතින් පේන වනගොබ වල.ඒ එක එක කොළ පාට මැද්දට ලා රතු පාට දළු දාපු ගසුත් තියෙද්දි ඒ පරිසරේ පුදුමාකාර විදියට විචිත්‍රවත්.
ලංකාව කියන්නෙම සංචාරක පාරාදීසයක්.මේ තමයි ලංකාවේ හදවත.මධ්‍යම කඳුකරේ තියෙන මේ හදවතට එබිලා පරිසරය විඳලා මතු පරපුරටත් රැකදීලා යන්න.
සටහන Binura Sumanasekara