මහේශාක්‍ය සප්ත කණ්‍යා කඳුවැටිය ඉදිරිපිට ලක්ශපාන දිය ඇල්ලට ඉහලින් තනි රකින මීදුම් බංගලාව

0
741

මහේශාක්‍ය සප්ත කණ්‍යා කඳුවැටිය ඉදිරිපිට ලක්ශපාන දිය ඇල්ලට ඉහලින් තනි රකින මීදුම් බංගලාව

ලංකාව කියන්නෙ ස්වභාව දර්මයේ අපූරුම ණිර්මාණයක් , සැතපුම් සිය ගනනක සුන්දර මුහුදු වෙරළ වගේම වලාකුලු සිප ගන්න කඳු මුදුන් ,දියඇලි සිය ගණනකින් සමන්විත ලෝකයේ සුන්දරම ගමනාන්තයක් . ඒ වගේ රටක සුන්දරම ස්ඨානයක පිහිටලා තිබෙන මනස්කාන්ත නවාතැනක් ගැනයි අද මේ ලිපියෙන් අරගෙන එන්නේ .

ලක්ශපාන දිය ඇල්ල උඩින් වම් පැත්තට වෙන්න සප්ත කණ්‍යා කදුවැටියට මුහුනලා තමයි මේ නවාතැන පිහිටලා තියෙන්නේ . නවීන බංගලාවක් වෙ න මේකෙ කාමර හතරකින් යුක්ත වනවා මේ කාමර හතරටම සප්ත කණ්යා කඳුවැටිය බලාගනන් ප්යුලුවන් .

මේක පිහිටල තියෙන්නෙ නෝටන් ශ්‍රී පාද මාර්ගයේ , කිරිවන් එලිය ප්‍රදේශයේ . පාරෙන් බැහැලා හොටෙල් එක තියෙන්නෙ පහලට වෙන්න . පාරෙ යන එන කෙනෙක්ටත් මෙතන හොටෙල් එකක් තියෙනව කියල පේන්නෙ නෑ . ඒ වගේ බාහිර සමාජෙන් හැංගිල සුකෝපභෝගී නවාතැනක නිවාඩුවක් ගත කරන එදිනෙදා බාහිර කාර්යබහුල ජීවිතෙන් අත්මිදෙන්න පුලුවන් හොඳම ක්‍රමය කියල අපිට කියන්න පුලුවන් . මේ සුන්දර නවාතැන ගැන විස්තර අපේ වෙබ් හා සමාජ ජාලවල පල කිරීමට අප්ට ලැබුන ආරාධනයක් එක්ක අපි පහු ගිය දවසක ගියා පින්තූර වලින් විතරක් දැකල යන්නම ඕනෙ කියල හිතිල තිබ්බ නෝටන් ග්‍රෙන්ජ් විලා එකට . මෙතනින් එහාට විස්තරය අපේ අත්දැකීම් එක්ක ම බෙදාගනන්න් .

අපි එනව කියල දැනුම් දීල තිබ්බ වෙලාව පහුවෙලා පැයක් විතර ගිහින් තිබ්බා අපි කලුගලින් ලක්ශපාන පාරෙ එන්න ගත්තු තීරණයත් එක්ක . ඔබ කොලඹ ඉඳන් යනවනන් ශ්‍රී පාද , නෝටන් වනරාජා පාරෙ යන එක වඩාත් සුදුසුයි කලුගල පාරෙ මාර්ග තත්වය සලකල බැලුවම .

අපි විලා එකට යනකොට කලින් දවසෙ ආපු පිරිස ඒ වෙනකොටත් ගිහිල්ල තිබ්බෙ නැ , එතන වීව් එක හැටියට එතන දාල යන්න හිතෙන තැනකුත් නෙවෙයි ඇත්තටම . මේක විලා එකකට වඩා බන්ගලෝ ටයිප් එකක් විදිහට හඳුන්වන්න පුලුවන්. ලිවින් ඒරියා , ඩයිනින් ඒරියා , වගේම පාටි / ලොබි ඒරියා එකකුත් තියෙනව , මෙතන පබ් එකක් එක්කම .

කාමර ගත්තොත් හොඳින් ඉඩ තියෙන විශාල ජනෙල් හා තිර එක්ක තියෙන සුවපහසු කාමර . උණුජලය එක්ක විඩුලි පංකා එක්කම . පූල් එක කුඩා ප්‍රමාණයේ එකක් උනාට එතන තියෙන සුන්දරත්වය නන් කියල නිම කරන්න පුලුවන් ඩෙයක් නෙවෙයි , ඒක ගිහින් විඳලම බලනන් වටින දෙහ්යක් .

දේශීය වාගෙම බරහිර ආහාරත් ඔබේ අවශ්යතාව හැටියට නෝටන් ගෙන්ජ් විලා එකෙන් ඔබට ඇණවුම් කරනන් පුලුවන් . අපි රාත්‍රී ආහාරයට ඇණැවුම් කරේ මික්ස් රයිස් එකක් , සීතල කැපෙන්න උණු උණුවෙන් ලැබුන මික්ස් රයිස් එක ඒ වයිබ් එකට ගැලපෙනම කෑමක් . අපි උදේ කෑම එක නන් පූල් එක අයිනෙන් වීව් එකත් එක්ක ගත්තෙ . ඒක ඉතාමත් සුන්දර අත්දැකීමක්

ඔබ යන්න කලින් මේ අංකයට කතා කරල දිනය වෙන්කරවාගෙන යන්නත් අමතක කරනන් එපා , මේ ගමනේ අපේ වීඩියො එක පහල ලින්ක් එකෙන් ඔබට ගිහින් බලාගන්න පුලුවන් .

දේශීය වාගෙම බරහිර ආහාරත් ඔබේ අවශ්යතාව හැටියට නෝටන් ගෙන්ජ් විලා එකෙන් ඔබට ඇණවුම් කරනන් පුලුවන් . අපි රාත්‍රී ආහාරයට ඇණැවුම් කරේ මික්ස් රයිස් එකක් , සීතල කැපෙන්න උණු උණුවෙන් ලැබුන මික්ස් රයිස් එක ඒ වයිබ් එකට ගැලපෙනම කෑමක් . අපි උදේ කෑම එක නන් පූල් එක අයිනෙන් වීව් එකත් එක්ක ගත්තෙ . ඒක ඉතාමත් සුන්ඩර අත්දැකීමක්

ඔබ යන්න කලින් මේ අංකයට 077 382 8478 කතා කරල දිනය වෙන්කවාගෙන යන්න අමතක කරනන් එපා , මේ ගමනේ අපේ වීඩියො එක පහල ලින්ක් එකෙන් ඔබට ගිහින් බලාගන්න පුලුවන් .

Norton grange villa Video