spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

යමුද තලෛයිමන්නාරම් පැත්තේ රවුමක් දාන්න – Tharindu Karunanayake

යමුද තලෛයිමන්නාරම් පැත්තේ රවුමක් දාන්න එහෙත් හරිම ලස්සනයි

මේ ගමනේ all photos credit එක #ඉසුරු ඔයාට

එහෙනම් මේ අපි ගියපු විදිහ😌

මුලින්ම වියදන්.මේ තියෙන්නේ අපි පස් දෙනාටම පොදුවේ වියදන් වුණ ගාන හරිද.එක්කෙනෙක්ට බෙදලා බැලුවහම 5000/= වගේ යන්නේ

කොළඹින් දවල් කෑමට -2050

කෝච්චියේ ටිකට් වලට -2500

මන්නාරම් වලින් රෑ කෑමට(බිත්තර ආප්පයි,chiken bun) -2400

Tuk එකේ අයියට -800

Gest house එකට -6000

උදේ කෑමට(ඉට්ලි 20 tea 5) -1100

මන්නාරම් ඉදන් තලෛයි වලට බස් එකට 150×1

තලෛයි වලින් බිස්කට් දෙකක් ගත්තා -400

ඒ කඩෙන් අපි තේ බිව්වා -800(මේ කඩේ ⁣තලෛයි station එක ඉස්සරහම කඩේ ගණන් සාධාරණයි මේකේ වඩ එහෙමත් රසයි)

මන්නාරම් ඉදලා තිරුකේතීෂ්වරම් කෝවිල ගාවට බස් එකේ -60×1

මන්නාරම ඉදලා මාදම්පෙට බස් එකේ ගාණ පස් දෙනාටම -4740

(මෙහෙම තමයි ඉතින් වියදන් වුණේ.තව තව කඩ චෝරු අඹ අච්චාරු එහෙම කෑවා ඒවයේ ගණන් මතක නැහැ)

හරි,මේ ගමනට පස් දෙනෙක් එකතු වුණා.ඒ අය තමයි Isuru Mihiranga ඉසුරු(මගේ බොක්ක) ඒ වගේම මං වැඩ කරන ඉස්කොලෙ ළමයි තුන් දෙනයි.එයාලා හිෂාන්,සුනෙත්,ජලන.අපි පස් දෙනා 2023/10/22 තමයි ගමන යන්න කොටුවෙන් පිටත් වුණේ.ඒ හවස 3.55 තලෛයිමන්නාරම් දුම්රියේ.ටිකට් වල ගාණ උඩ දාලා තියෙනවා බලන්න

හරියටම වෙලාවටම කෝච්චිය පිටත් වුණා 😌මේක නවත්තන්නේ,

ගම්පහ,වේයන්ගොඩ,මීරිගම,පොල්ගහවෙල හංදිය,කුරුණෑගල,මහව හංදිය,ගල්ගමුව,තලාව,තඹුත්තේගම,අනුරාධපුර,මැදවච්චිය හංදිය එතන ඉදන් තලෛයි වලට යනකන් හැම එහෙකම නවත්තනවා.

අපි නැවතිලා හිටියේ මන්නාරම් වල තැනක.එතන කාමර එහෙම ෂෝක් හොඳට තිබ්බා.මේ තියෙන්නේ එතන නම්බර් එක 077-5292933 මේකට කතා කරලා book කර ගන්න පුළුවන්.ඊට පස්සේ අපි මන්නාරම station එකේ ඉදන් tuk එහෙක තමයි ඉන්න තැනට ගියේ.එයත් හරිම හොඳ කෙනෙක්.074-2929243 මේ එයාගේ නම්බර් එක.යනවනම් මේ අයට කතා කරලා set කර ගන්න

අපේ ඊළඟ දවස වුණේ 2023/10/23 ඇවිදින දවස.

පයින්ම ආවා මන්නාරම බස් stand එකට.එද්දි මග කඩයක් හම්බෙලා එතනින් උදේට කෑවා අපි.කලා stand එකට ඇවිත් තලෛයිමන්නාරම් යන බස් එකට නැග්ගා.පැයක විතර ගමනිකන් පස්සේ අපි ⁣තලෛයිමන්නාරමට ආවා.ඒ ඇවිත් light house එක ගාවට ගියා විතරයි දොබෙන් යන්න වැස්සා ආයේ වැස්සේ තෙමීගෙන station එකට ඇවිත් ටිකක් හිටියා.වැස්ස පෑව්වට පස්සේ ආයෙම බීච් එකට ගිහින් ආතල් එකක් ගත්තා

අපි ආයේ තලෛයි ඉදලා මන්නාරම් එන්න පිටත් වුණා.මන්නාරම් ඇවිත් දවල්ට කෑවා කාලා අපි තිරුකේතීෂ්වරම් කෝවිලට යන්න පිටත් වුණා.එතෙනට යන්න ඕනා යාපනය බස් වල.නැගල conducter ට කියන්න ඕනා අවි කෝවිලට යනව කියල.ඊට පස්සේ අපිව කෝවිල ගාවින් දාලා යනවා.

අපිව අදාළ තැනින් දාලා බස් එක රූං ගාලා ගියා 😒 යන්නම් කියනකංවත් හිටියේ නැහැ

කෝවිලට ආවා අපි.පිරිම අය උඩුකය නිරුවත්වයි යන්න ඕනා 😁 වේට්ටියක් එතනින් ඇද ගන්න දෙනවා ඒකත් ඇදන් යන්නයි තියෙන්නේ.කෝවිලේ වේට්ටි ඇදන් නටපු පිස්සුව photos වල ඇති😅

එතනින් පිටත් වුණා ආයේ මන්නාරම් එන්න.එද්දි ලොරියක් සෙට් වුණා.ඒ අයියා අපිව bus stand එකටම ගෙනත් දැම්ම පරිස්සමින්❤️ මේක ඒ නන්නාදුනන අයියට 😘

අපි ආයේ ගම්බිම් බලා එන්න තීරණය කරේ බස් එකේ.බස් එකක් තියෙනවා රෑ 7.40 ට විතර.ඒකෙ තමයි අපි ආවේ.ඒක මාදම්පෙට එද්දි පාන්දර 1 වගේ වුණා.එතන ඉදන් ධනුෂ්ක අයියා එක්ක වීල් එකේ ගෙදර ආවා..එච්චරයි ඉතින් ඔහොම තමයි අපි මන්නාරම් ගියේ 😁ආතල් කෝටියයි

මේ ගමනෙදි විශේෂයෙන් ස්තූති කරන්න ඕනා Mahi Rasadari Hathurusinghe අක්කට අපිට ඉන්න තැන හොයල දුන්නට.thanks අක්කේ ❤️

#Mannar#thaleimannar#gopro#goprohero9black#travelphotography#mavicmini#visitsrilanka#srilankatravel

Travel With Tharindu

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles