spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

සීතල නුවර එලියේ උඩින් වලාකුලු අතර තනිවෙන්න -බ්ලැක්බෙරි කොටේජ්

නුවර එලිය කියන්නෙ දැනටත් ලංකාවේ ජනප්‍රියම සංචාරක ගම්මානය , අවුරුදු ගානක් තිස්සෙ ලංකාවෙ ජනප්‍රියම සංචාරක ගම්මානය නිසා දහස් ගනනක් සංචාරක නිකේතන ඉදි වෙලා තියෙනවා, ඒ අතරින් තවත් එක් සුවිශේශී නවාතැනක් ගැන තමා අපි අද මේ කතා කරන්නෙ, එනමින් බ්ලැක්බෙරි කොටේජ් .

සීතල නුවර එලියේ ලංකාවෙ උසින්ම පිහිටි ගම්මානය පිහිටල තියෙන්නෙ නගරයට උතුරින් වෙන්න. වංගු , හෙල්වැටි බෑවුම් , නිම්න පහු කරගෙන නුවර එලියෙ ඉඳන් ශාන්තිපුර පාරෙ යද්දි ඔබ කෙමින් කෙමින් උස් බිමකට ලඟා වනවා කියල දැනෙන්නෙ නොදැනුවත්වමයි . නගරයේ විසිතුරු හෝටල් හා ගොඩනැගිලි නොපෙනී යමින් ඔබ ඇතුලු වන්නේ ලංකාවේ උසින්ම පිහිටලා තියෙන ගමේ , උස්ම බිමක පිහිටල තියෙන සුන්දර නවාතැනකටයි . තේ වතු , කිකිළියාමාන , පිදුරුතලාගල කදුවැටිවල තුරු වියන් සිපගෙන එන සීතල සුලඟ ඔබේ ගතත් සිතත් නිරායාසයෙන් සුවපත් කරන්න සමත් වේවි

බ්ලැක්බෙරි කොටේජ් එකේ සම්පූර්නයෙන් 8 දෙනෙකුට නවාතැන් ගන්න පුලුවන් ඒ වගේම සෑම කාමරයකම ටී වී එකක් , නවීන සුකෝපබොගී වොශ් රූම් එකක් , මිනි ෆ්‍රිජ් එකක් එහෙමත් ඇතුලත් වනවා .බ්ලැක්බෙරි කොටේජ් එකේ කාමර කැටගරි හතරකින් යුක්ත වනවා . මේවා නමින් ස්ටෑන්ඩර්ඩ් ලොෆ්ට් , ජූනියර් ලොෆ්ට් හා හනිමූන් ලොෆ්ට් ලෙසයි .

ජූනියර් ලොෆ්ට්

කඳුවැටි හා තේ වතු වල දර්ශනයත් සමඟ සුකෝපභෝගී නිවාඩුවක් ගත කරන්න බ්ලැක්බෙරි වල තියෙන රූම් කැටගරි එකක්.

ස්ටෑන්ඩර්ඩ් ලොෆ්ට්

ගාඩ්න් වීව් එකත් එක්ක සියලුම සුකෝපභෝගී පහසුකම් එක්ක නවාතැන් ගන්න පුලුවන් රූම් කැටගරි එකක් ,

හනිමූන් ලොෆ්ට්

බ්ලැක්බෙරි වල සුවිශේශී කැටගරි එකක් වෙන මේක තමයි පෙම්වතුන් හා යුවලවල් අතර ජනප්‍රියම රූම් කැටගරි එක . කදුවැටි වල සුන්දර දර්ශණයක් එක්ක සුකෝපභෝගී නිවාඩුවකට මේකත් සුදුසුම තෝරාගැනීමක් .

සුවිශේශී ගෘහ නිර්මාණ ශිල්පයකට ආකර්ශණීයව නිමවෙලා තියෙන බ්ලැක්බෙරි කොටේජ් එකෙ නිවාඩුවක් ගත කරන එක වගේම කැමති නම් අවට සුන්දරත්වය නරඹන්න යන්නත් ඔබට පුලුවන් . ඒ වගේම මෙහි නවාතැන් ගන්න පැමිනෙන ඔබට කොටේජ් එකේ හිමිකාරීත්වය විසින් ඔබේ විනෝදාස්වාදය සඳහා සංගීත පහසුකම් , වගේම බාබකිව් පහසුකමුත් ඔබේ ඉල්ලීම අනුව ලබාදෙන්න ඔවුන් සැදී පැහැදී ඉන්නවා . ඔබ යන්න කලින් +94 727 456 456 අංකයට ඇමතුමක් ලබාදීලා යන්න අමතක කරන්න එපා

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles