spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ලංකාවේ සංචාරක ස්ථාන වලට අලුතින්ම එකතු වුන – ගාල්ල මුහුදු පතුලේ කෞතුකාගාරය

ගාල්ල කියන්නෙ සංචාරක පාරාදීසයක් , මේකට ගාල්ලේ ස්වභාවික සුන්දරත්වය වගේම ඓතිහාසික ස්මාරක හා ස්ථානත් බෙහෙවින් වැදගත් වුනා , යටත් විජිත යුග ව්ලදී නිමවුන සිහිවටන හා ස්ථාන බොහොමයක් තිබෙනව , ඒවගේම ගාල්ල සමුද්‍රීය නගරයක් වීම නිසාත් , ප්‍රසිද්ධ වරායක් පිහිටීම නිසාත් නාවික ඉතිහාසය සමඟ මේ සුන්දර නගරය බැඳී පවතිනවා .

ගාල්ල ආශ්‍රිතව ගිලී ගිය නෞකා විශාල ප්‍රමාණයකුත් තිබෙනවා , මේ වගේ මුහුදු පතුලේ බලන්න තියෙන තැන් වලට අලුතින්ම එකතු වුන තැන තමයි ගාල්ල මුහුදු පතුලේ හැදුව කෞතුකාගාරය , මේක ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ මෙහෙයවීමෙන් කරපු වැඩක් , මේකට අදාල ආකෘති නාවික හමුදාවෙන්ම තමයි නිශපාදනය කරල තියෙන්නෙ ,

මේකෙ හරිම සුන්දරත්වය බලන්න තව ට්‍රික කාලයක් බලන්ම් ඉන්න වෙනව , වාරකන් කාලෙ ඉවර වෙලා මේ ආකෘති මාලුන්ගේ වගේම මුහුදු ජීවීන්ගෙත් , කොරල් පරවලත් නිවහනක් වෙද්දි මේක පුදුමාකාර විදිහට ආකර්ශණීය වේවි .ඒ දවස ආවම වැඩිදුර විස්තර එක්ක අපි අලුත් ලිපියක් අරන් එන්නම් .

Photos by travelsrilanka.org

English article – Galle underwater Museum

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles