spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

වැඩිය කවුරුත් නොයන , නුවර එළියේ එක්-ගස්-කන්ද – Single tree Hills

නුවර එලිය නගරයම එක තැනක ඉඳල බලාගන්න යන්න එක්ගස්කන්ද

එක්ගස් කන්ද නමේම තියෙනව නේද අපූරු වෙනසක් ? ලංකාවේ උසින්ම තියෙන කඳු ලැයිස්තුවේ එක සුවිශේශී තැනක් හිමි කරගෙන ඉන්න අපේ කතානායකය වෙන එක්ගස් කන්ද නැත්තන් සිංගල් ට්‍රී හිල් කඳුවැටිය පිහිටල තියෙන්නෙ මධ්‍යම පලාතෙ නුවර එලිය දිස්ත්‍රික්කයේ නුවර එලිය , බ්ලැක්පූල් ශාන්තිපුර ගම්මාන හා නගර වලට මායිම් වෙලායි .

සිංගල් ට්‍රී කඳු මුදුනේ ඉඳල ශ්‍රී පාදස්ථානය
කොහෙද මේක තියෙන්නෙ

නානු ඔය පැත්තෙන් නුවර එලිය නගරයට ඇතුලු වෙනවානම් වම් පැත්තෙන් පන්සලක් එක්ක දකින්න ලැබෙනව කන්දක් ඒක තමයි සිංගල් ට්‍රී හිල් කියන්නෙ . එහෙම නැත්තන් නුවර පැත්තෙ ඉඳල බදුල්ල පැත්තට යද්දි රේස් කෝස් එක පහු කරන් යද්දි දකුණු පැත්තෙ තියෙනව සිංගල් ට්‍රී හිල් පාර මේ පාරෙ ගිහින් ආසන්න පැය එකහමාරක විතර කාලෙකින් මේ කඳු මුදුනට ලඟා වෙන්න පුලුවන් .

සිංගල් ට්‍රී කඳු මුදුනේ ඉඳල හක්ගල කඳුවැටිය

මේකට හරියටම එක්ගස් කන්ද කියන්නෙ ඇයි කියල නන අපිට හොයාගනන් බැරි උනා . ඒත් අපිට ආසන්න අනුමානයක් කරන්න පුලුවන් . නුවර එලිය ගැන බ්‍රිතාන්ය ජාතිකයන් දැනගත්තට පස්සෙ , රූස්ස කැලැ එලි පහලි කරල තේ හා අනිකුත් වැවිලි හිටවන්න පටන් ගත්ත , මේ ආක්‍රමණයට නිසැකවම එක්ගස් කන්දත් අසු වෙන්න ඇති . තේ වත්ත මැදින් කපා බිමට හෙලන්න බැරි වුන එක විශාල ගසක් ඉතුරු වුනා වෙන්නත් පුලුවන් , එහෙමත් නැත්තන් කොඩි ගහක් මෙතන තිබුන වෙන්නත් පුලුවන් ,

සිංගල් ට්‍රී කඳු මුදුනේ ඉඳල පිදුරුතලාගල කඳුමුදුන
කන්ද ගැන කියනවානම්

කන්දේ උස මීටර 2100 ක් කියල තැමයි කියවෙන්නෙ . නමුත් ලංකාවේ කඳුවැටි අතර උසින් 10 වැනි තැනට මේක වැටෙනව කියල තිබුනත් මේ කන්දේම නිවුන් කන්දක් වෙන හැඩන් රොක් එක මේකට වඩා මීටර කිහිපයක් උසයි , කන්දේ බාගයක් වෙනකන්ම මිනිසුන් ජිවත් වෙන්න තෝරාගේන තිබෙනවා . ස්වර්ණගිරි පන්සල වගේම කන්දෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් තේ වගාව වෙනුවෙන් වෙන් වෙලා තිබෙනවා , නමුත් කන්දේ බටහිර බෑවුම් නම් තාමත් හරිත තුරු ලතා වලින් වැහිල තියෙන්නෙ ,

කඳුකර කොටි (පැන්ත පැන්දුරාස් කොටියා) , මීමින්නන් , වල් ඌරන් , ගෝනුන් , හාවන් හා අනිකුත් වනාශ්‍රිත් සතුන්ගෙත් නිවහනක් මේ ප්‍රදේශය , මේ කඳු මුදුනතට අහස පැහැදිලිනම් ශ්‍රී පාදස්ථානය ඉතාම පැහැදිලිව බලාගන්න පුලුවන් .ල් ඩෙල් කන්ද , හක්ගල කන්ඩහ , පිදුරුතලාගල කඳත් මෙතනට පැහැදිලිව බලාගන්න පුලුවන් , නුවර එලිය නගරයේ කොටසක් වගේම ග්‍රෙගරි වැවත් , ගැල්වේස් ජාතික උද්‍යානයත් අවධානයෙන් බැලුවොත් බලාගනන් පුලුවන්.

සිංගල ට්‍රී කන්ද නගින්න හොඳම වෙලාව

කඳ නගිනවනන් හොඳම වෙලාව තමයි පාන්දර 5.00 ට පමන පටන් ගන්න එක. ගමනට විනාදි 90-150 වගේ කාලයක් යන්න පුලුවන් , ඔබේ ශරීර යෝග්යතාවය හැටියට මේ වෙලාව අඩු වැඩි වෙනන් පුලුවන් . උදේ ඉර නගින වෙලාවට කඳ උඩ හිටියොත් , ඉතාඅමත් සුන්දර හිරු නැගීමක අත්දැකීම ලබාගනන් ඔබට හැකියාව තිබෙනවා .

ග්‍රෙගරි වැවේ මැවෙන රටාවන්

කන්දේ ඉඳල බ්ලැක්පූල් පැත්තට වගේම ලංකාවේ උසම ගම්මානයට යන්නත් අඩි පාරවල් තිබෙනවා . මේ පාරේ ෆෝ වීල් වාහනයකින් හරි බයිසිකල් එකකින් හරි උඩටම යන්න පුලුවන්, මේ කඳු මුදුන උඩ රූපවාහිනී කුළුණු පිහිටා තිබෙන නිසාමේ වාටත් ඒ තැන් වල සේවය කරන අයටත් කරදරයක් නොවෙනන් හැසිරෙන්න ඔබ වගබලාගන්න ඕනෙ ,

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles