spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ඇල්ලෙ ගිහින් නිදහසේ ඉන්න ඇලොෆ්ට් ග්‍රෑන්ඩ්

ඇල්ල කියන්නෙ ලංකාවේ ජනප්‍රියම සංචාරක නගරයක් . නගරයෙන් ටිකක් ඈතට වෙන්න නිදහසේ ගත කරන්න නියම තැනක් තමයි මේ සුන්දර නවාතැන . කඳු බෑවුමක මණරම් පරිසරයක පිහිටල තියෙන ඇලොෆ්ට් ග්‍රෑන්ඩ් හොටලයේ කබානා විදිහට තමයි නවාතැන් සකසල තියෙන්නෙ . සුන්දර හරිත කඳු වළල්ලකට මුහුණලා පිහිටල තියෙන නිසා ඇල්ලේ පරිසර සුන්දරත්වය , පිරිසිඳු වාතය විඳිමින් දවසම උනත් ගත කරන්න පුලුවන් නවාතැනක් විදිහට අපිට ඇලොෆ්ට් එක නම් කරන්න පුලුවන් .

පාර අයිනෙම තියෙන රෙස්ටෝරන්ට් එක ඕනෑම කෙනෙක්ට ඇවිල්ල කාල බිල්ල යන්න පුලුවන් තැනක් , දේශීය විදේශීය ආහාර පාන මෙතනින් ලබාගන්න පුලුවන් . ඒ වගේම සිහිවටනයක් විදිහට පින්තූරයක් ගන්න ෆොටෝ ෆ්‍රෙන්ඩ්ලි තැන ක් විදිහට මෙතන හඳුන්වල දෙන්න පුලුවන් .

පූල් එකක් වගේම හොඳ ඉඩ පහසුව එක්ක හදල තියෙන තැනක් විදිහට අපිට මෙතන හඳුන්වන්න පුලුව්න . ඇල්ලෙ තියෙන නවාතැන් ගොඩක් එක ලඟ පිහිටල තියෙන නිසා මෙතන ඔබට කාමරයටම වෙලා නැතුව එලිමහනේ ගත කරන්න පුලුවන් හොඳ නවාතැනක් විදිහට අපිට හඳුන්වනන් පුලුවන් .

ප්‍රමාණයෙන් සාපෙක්ශව විශාල කොටේජ් / කබානා ටයිප් කාමර ඇලොෆ්ට් එකේ තියෙනවා , අවට සුන්දරත්වය හොඳින් බලාගන්න පුලුවන් වෙන්න නිමා කරන්න අදාල හිමිකරුවන් වගබලාගෙන තිබෙනවා . මේ ඇරෙන්න වයිෆයි පහසුකම , සැටලයිට් ටීවී වගේම හොට් බත් ටබ් එකකුත් , වායුසමීකරණත් මේ නවාතැනේ තිබෙනවා . පිටතින් හෝ ඇතුලින් පිටට ශබ්ධය නොයන්න සකසල තියෙන කාමර වලටම ආහාර පානාදිය ඇණවුම් කරල ගෙන්වාගන්න පහසුකම් සපයල දීලා තියෙනවා . බාබකිවු , වගේම ඔබේ ඩයට් ප්ලෑන් එකේ හැටියට ආහාර සපයාගන්නත් අවශ්‍ය නම් ඒ හැකියාවත් මෙතනින් සපයල දීලා තියෙනවා .

ඇල්ලෙ නිදහසේ ගත කරන්න යන්න ඉන්නවානම් මේ අංකයකට කතා කරල 057 2 220 700 | 071 8 304 544 දවස කලින් වෙන්කරගෙනම යන්න .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles