spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ගාල්ලෙ යන්න තියෙන හොඳම තැන් ටික

ලංකාවේ ජනප්‍රියම සංචාරක නගර අතරින් උඩින්ම තිබෙන ගාල්ල දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනව . ගාල්ල ගාලු කොටුව හා අවට වෙරල තීරය සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන ගමනාන්ත බවට මේ වන විට පත් වෙලා තිබෙනව . ගාල්ල හා උණවටුන අවට සංචාරක කලාපයේ හොඳම සංචාරක ආකර්ශණ ස්ථාන ගැන අපි මේ ලිපියෙන කරුණු අරගෙන එනවා .

ගාලු කොටුව

ගාලු කොටුව තුල තවත් සංචාරක ස්ථාන පිහිටා තිබුනත් ගාලු කොටුව සමස්ථයක් ලෙස ගත් විටඩහ් ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයකි . 16 වන සියවසේදී පෘතිග්‍රීසීන් විසින් වැඩ නිමවන ලද මෙම බලකොටුව යුධමය අතින් මර්මස්ථානයක පිහිටා තිබෙනවා. ගාලු කොටුව ගාල්ල නගරය තුලම පිහිටා තිබෙන උප නගරයක් ලෙස දැනට ක්‍රියාත්මක වනවා . වෙලඳසල් , හෝටල් , ආපනශාලා හා කාර්‍යාලද , ආගමික ස්ථානද ගාලු කොටුව තුල තිබෙනවා . මේ නිසා සැන්දෑ යාමයන්හිදී සංචාරකයන්ගෙන් ගාලු කොටුවේ වීදි පිරී යාම සුලබ දසුනක් .

ගාලු කොටුව ප්‍රදීපාගාරය

ගාලු කොටුවේ ගිණිකොන දිගට වන්නට පිහිටා ඇති ගාලු ප්‍රදීපාගාරය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි . අතීතයේ පෙරදිග මුහුදු ගමන් මාර්ගයේ වැදගත් ස්ථානයක් හිමිකරගෙන සිටි ගාල්ලට සමාන්තර මුහුද හරහා වෙළඳ නෞකා විශාල ප්‍රමාණයක් ගම්න් කිරීම සිදු වී තිබුනා . මේ වන විට ගාල්ලේ ප්‍රමුඛ සංචාරක ස්ථානයක් හා සලකුනක් බවට පත්ව ඇති ගාල්ල ප්‍රදීපාගාරය ගාල්ලේ සංචාරය කරන බොහොමයක් දෙනෙක් ඡායාරූපයට නැගීමට අමතක කරන්නේ නෑ

උණවටුන වෙරළ තීරය

ලෝකයේම ජනප්‍රියම වෙරල තීරයක් වන උනවටුන සංචාරකයන්ගේ ප්‍රියතම ගමනාන්තයක් වනවා . වසරේ වැඩි කාලයක් පැහැදිලි කාලගුණයක් තිබෙන මෙහි සර්ෆ් ක්‍රීඩාවේ යෙදීමට හැකියාව තිබේනව . අවන්හල් හා හෝටල්ද විශාල ප්‍රමානයක් මෙහි වෙරළ අද්දර පිහිටා තිබෙනවා .

රූමස්සල

මුහුද ආසන්නයේ මුහුදටම මායිම්ව පිහිටල තියෙන කුඩා කඳුවැටියක් තමයි රූමස්සල . මෙහි ශාක විශාල ප්‍රමාණයකින්ද සමන්විත වෙනව . ඒ වගේ,අ රාම රාවණා පුරාවෘත්තයේ එන හනුමන් විසින් හිමාලය පර්වතය ඔසවාගෙන එන විට එයින් කැඩී වැටුන කොට්සක් ලෙස ජනප්‍රවාදයක් තිබේන්වා . ලංකාවේ මුහුදට මායිම මෙවන් පරිසරයක් පිහිටීම දුර්ලභ නිසා මෙන්ම මෙහි සුන්දරත්වය නිසාම මෙයට දෙස් විදෙස් සංචරකයන් වැඩි වශයෙන් ඇදී එනවා .

ජපන් සාම විහාරය

රූමස්සල කඳුවැටියේ කොනක පිහිටා තිබෙන මේ ජපන් සාම විහාරය මෑත් කාලීනව විදේශීය සංචාරකයන්ගේ ප්‍රසිද්ද ස්ථානයක් වෙලා තිබේන්ව ,මෙහි ඡායාරූප ගැනීමට විශාල සංචාරකයන් පිරිසක් ඇදී එනවා

Jඅන්ගල් බීච්

ගාල්ලෙ කාලයක් තිස්සෙ පැවති හොඳම සංචරක රහස වුන ජන්ගල බීච් එක දැන් විශාල සංචාරක ආකර්ශණීය ස්ථානයක් . මෙහි පිහිටීම ඉතාම අපූරුයි , රූමස්සල කඳුවැටියේ පාමුල ස්වභාවිකව සෑදුන බොක්කක් වැනි ප්‍රදේසහයක මෙම වෙරල තීරය පිහිටා තිබෙනවා , මෙය දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පාලනය වනවා .

ගාලු කොරුව පල්ලිය

පැරණි ලන්දේසි පල්ලියක් වන මෙය පිහිටා ඇත්තේ ගාලු කොටුව තුලමයි . 1755 දී ඉදි කර ඇති බව සැලකෙන මහි දැනටත් වතාවත් සිදු කරනු ලබනවා . මෙහි ඉදිරියේ සිටත් ඡායාරූප ගැනීමට බොහොමයක් සංචාරකයන් පුලෘදු වී සිටිනවා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles