spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

මානික්කාවත සොයා තන්ජන්තැන්නට

මානික්කාවත කියන්නේ 2015 වර්ෂයේදී ස්වර්ණ පුස්තක සම්මානය ලබපු, Mahinda Prasad Masimbula විසින් රචිත ප්‍රභන්ද කතාවක්. පසුව එය සුදත් රෝහණ විසින් ටෙලි නාට්‍යයක් ලෙස නිෂ්පාදනය කර ITN Sri Lanka නාලිකාවේ විකාශය කලා.

මම මානික්කාවත පොත කියවල තිබුනේ නෑ, මට මනික්කාවත ටෙලි නාට්‍යය දකින්න ලැබෙන්නේ Youtube එකෙන්, පලවන කොටසේ සිටම ඉතාමත් ආකර්ශනීය මෙන්ම සමාජයට වැදගත් කරුණු රාශියක් කියාදෙන මෙම කොටස් 72කින් යුත් රුපවනිහි සජිවිකරණය මම දෙවතාවක්ම නැරබුව.

ඊට මට හිතුන පොත අරන් කියවන්න, ඉතින් මම පොතත් කියවන්න පටන් ගත්ත.

මෙහි කියවෙන්නේ 1880-1980ත් අතර ශතකයක් තුල ලංකාවේ සබරගමු පළාතේ, ගොඩකවෙල ප්‍රදේශයට කොල්ලොන්න ප්‍රදේශයේ ඉඳල සංක්‍රමණය වන යුවලක් සහ ඔව්න්ගේ ජිවිත කතාව.

කතාවේ ප්‍රදාන චරිතය “කෙටිහාමි”, ඔහුගේ බිරිඳ “පිච්චි” පුංචි වී අහුරක් පමණක් අතැතිව ගොඩකවෙලට සංක්‍රමණය වන ඔව්න්, මහා කැලෑවක් ගමක් බවට හරවන ලස්සන කතාවක් තමයි මානික්කාවත කියන්නේ.

කතාවට වශිවන විශේෂම දෙයක් නම් එහි යොදාගෙන තියෙන පසුතල. කතාවට මනා අයුරින් ගැලපෙන ලෙස යොදගෙන තිබු පරිසරය මගේ හිත ඇදගත්ත, ඉතින් කතාව බලනකොට මම හිතපු දෙයක් නම්, මම කොහොම හරි මේ පරිසරය හොයා ගන්නවා කියන එක.

ඉතින් පොතත් අතේ තියාගෙන, කතාවේ තේමාවේ සදහන් වන ගම කිහිපයක් Google Map එකේ search කරලා බලල, street view එක මගින් තහවුරු කරගෙන හදිසියේම අපි ගියා මානික්කාවතේ මුල් කොටස් ටික තිරගත කරපු “තන්ජාන්තැන්න” ට.

එවක “ගොඩකවෙල” පරිසරය අද ප්‍රතිනිර්මාණය කරලා තිබුනේ “තන්ජාන්තැන්නේ”.

තන්ජාන්තැන්නට ගිය අපිට කැමරා කාචයේ සටහන් නොවුන තවත් අපුරු ස්ථාන රාශියක් දකින්නට ලැබුන.

ටෙලිනාට්‍යය රුගත කරලා කලක් ගතවී ඇති නිසාත්, රූපගත කිරීමෙන් පසු ඔව්න් ස්වභාවික පරිසරය නිසිලෙස යථා තත්වයට පත් කර ඇති නිසාත්, නාට්‍යයේ තිබු පසුතල ඒ විදිහටම හොයා ගන්න බැරි උනත් ඉතා සුළු දේවල් ටිකක් සහ අදාල locations හොයාගන්න අපිට පුළුවන් උනා.

ඉතින් කතාවේ විදිහට, කඩ මණ්ඩිය, ඔව්න් ගමන් කරනා මාර්ග, එක් ප්‍රදාන චරිතයක් උන “හතිරියන් රාල” ගේ නිවස, කෙටිහාමි ගේ වෙල් යාය වගේ දේවල් ගොඩක් අපිට හොයාගන්න පුළුවන් උනා.

නමුත් ඔහුගේ නිවස විදිහට යොදාගත් ප්‍රදේශය ගම්මුන් කියූ ලෙස වෙනත් ප්‍රදේශයක්, ඉතින් අපි ඒ ප්‍රදේශයට තවත් දවසක යන්න හිතාගෙන අපහු අවා.

ඔයාලත් කතාව බලල නැත්නම් හෝ පොත කියවල නැතිනම්, දෙකම කරන ලෙස මම යෝජනා කරනවා. ඔබ ටෙලිනාට්‍යය බලල තියෙනවනම් මේ චයරුප ටික බලන්න හුරු පුරුදුද කියා.

ඊළඟට කොහොම හරි කෙටිහාමි ගේ ගෙදර හොයා ගන්න එක!

සටහන හා ඡායාරූප – නුවන් ප්‍රදීප්

ඔයාලත් වෙනස් විදිහට හිතල ගිය ගමන් , වෙනස් සංචාරක අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න පුලුවන් . triplk001@gmail.com

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles