spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

දඹුල්ල / සීගිරිය අවට යන්න තියෙන හොඳම තැන් ටික

සීගිරිය හා දඹුල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධානම සංචාරක මධ්‍යස්ථානයක් . ලංකාවෙ මැදින්ම පිහිටල තියෙන දිස්ත්‍රික්කය වගේම විවිධ සමෝච්ච රේඛා වල වෙනස්ම භූ විශමතා හා දේශගුණික කලාපපිහිටල තියෙන දිස්ත්‍රික්කයක් තමයි මාතලේ . මාතලේ එක් සීමාවක පිහිටල තිබෙන සීගිරිය හා දඹුල්ල ප්‍රදේශ ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් ප්‍රදේශ .

සීගිරිය

ලංකාව පමණක් නොව ලොකේයෙම ජනප්‍රිය ස්ථානයක් වන සීගිරිය ක්‍රි ව 5 වන සියවසේදී නිර්මානය කරන ලද බලකොටුවක් වනවා , මෙහිදී මෙම බලකොටුවේ විශේශත්වය වන්නේ මෙය ගොඩනගා ඇත්තේ එකවර උඩට නැගුනු කලුගල් පර්වතයක් මුදුනේ වීමයි . මෙය විශ්මිත නිර්මාණයක් වන අතර මෙහි මුදුනේ අංගස්ම්පූර්ණ මාලිගාවක් පිහිටා තිබී ඇති අතර . මෙහි ජල පොකුණු මෙන්ම පිහිණුම් තටාකද පිහිටා තිබෙනවා .

රන්ගිරි දඹුලු විහාරය

සුවිසල් ලෙන් විහාරයක් වන දඹුලු ලෙන් විහාරය විශේශිත වන්නේ එහි පිහිටා ඇති ලෙන් චිත්‍ර නිසායි . මෙහි බුද්ධ ප්‍රතිමා 150 කට අධික ප්‍රමාණයක් පිහිටා තිබෙන අතර මෙය අතීතයෙන් ඉතිරී වී තිබෙන හොඳම බෞධ විහාර අතරට එකතු වනවා .

පිදුරන්ගල විහාරය හා පරවතය

පිදුරන්ගල යනු සීගිරියේ වාසය කරන ලද කාශ්යප රජතුමා විසින් බුදුන් වැඳීමට ගිය ස්ථාඅනය ලෙස සැලකෙනවා . සීගිරියේ බිතු සිතුවම් වල සිටින කාන්තාවන් අතින් මල් ගෙන යන්නේ පිදුරන්ගල විහාරය වන්දනාවට ලෙසද මතයක් පවතිනවා . පිදුරන්ගල පර්වතය පාමුළ විහාරය පවතින අතර පිදුරන්ගල පරවතය තරණයේදී විශාල සැතපෙන පිලිමයක්ද දැකගත හැකියි .

ජාතික නාමල් උයන

ලොකේයේ විශාලම රෝස තිරිවාණ නිධියක් පිහිටා තිබෙන නාමල් උයන ඉතාම සුන්දර පරිසරයකින් යුක්ටයි . මෙහි බෞද්ධ විහාර පරිශ්‍රයක්ද පිහිටා තිබෙන අතර මෙහි රෝස තිරිවාණා ඉන්දියාවේ ටාජ් මහල් මන්දිරය ගොඩනැගීම සඳහා යොදාගත් බවටද මතයක් පවතිනවා .

කණ්ඩලම වැව

කණ්ඩලම වැව ඉතා සුන්දර පරිසරයක පිහිටා ඇති අතර මෙහි එකතු වන ජලය ක්‍රිශිකාර්මික කටයුතු මෙන්න්ම සංචාරක ව්‍යාපරය සඳහාද භාවිත වන අතර කලා වැව පෝශණය කිරීමක්ද සිදු වනවා .

අවුකන ප්‍රථිමාව

අවුකන ප්‍රථිමාව මීටර 145ක් පමන උස සම්පූර්ණ ගල් පරවතයකින් නෙලා ඇති බුද්ද ප්‍රතිමාවක් වබ අතර මෙය ඉතා විසිශ්ඨ කලා නිර්මාණයක් ලෙස සැලකෙනවා . ධාතුසේන රජතුමා විසින් භරණ නම් ගල් වඩුවා ලවා මෙම විශ්මිත ගල් පිලිමය නිමවා ඇති අතර එය මේ මොහොත වන විටත් ඉතා හොඳින් ආරක්ශා වී පවතිනවා .

ඉබ්බන්කටුව මහ ශිලා සුසානය

දඹුල්ල , ගලේවෙල ,දඹුලු ඔයේ වම් ඉවරට වන්න්ට ඉබ්බන්කටුව ග්‍රාමයේ පිහිටා ඇති මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය ශ්‍රී ලංකාව විජයාවතරනයට පෙර සිටම දියුණු සමාජ තත්වයක් පැවති බවට සාධකයක් බවට පත්වී තිබෙනවා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles