spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

යාපනේ බලන්න යන්න තියෙන හොඳම තැන් ටික

යාපනය කියන්නෙ අපේ රටේ තියෙන තවත් සුන්දරම ප්‍රදේශයක් . කොලඹ හා අනිත් තදාසන්න ප්‍රදේශවලින් යාපනේ යන්න එනන් තියෙන දුර නිසා යාපනේ යනව කියන්නෙ ටිකක් දීර්ඝ ගමනක් ලංකාවේ අනිත් ගමනාන්ත එක්ක බලද්දි . යාපනය කියන්නෙ බලන්න , විඳින්න වෙනස්ම දේවල් වගේම විඳින්නත් වෙනස්ම අත්දැකීම් ගොඩක් තියෙන පැත්තක්. හින්දු හා දෙමල ජනතාව අති බහුතරයක් වාසය කරන මේ පැති වල දෙමළ හා හින්දු සංස්කෘතීන් වල බලපෑම එක්ක සන්ස්කෘතික විවිධත්වය විඳින්න හොඳම පැත්තක් .මේ සමඟ අපි අරගෙන එන්නේ යාපනයේ නැරඹීමට තිබෙන හොඳම සංචාරක ආකර්ශණ ගැනයි .

නල්ලුර් කෝවිල

නල්ලුර් කෝවිල එසේත් නැතිනම් නල්ලුර් කන්දස්වාමි කෝවිල යනු යාපනයේ පිහිටි වැදගත්ම ආගමික ස්ථානයයි . මුරුගන් දෙවියන් වෙනුවෙන් තනා ඇති නල්ලුර් කෝවිල දේස් විදෙස් සංචාරකයන්ගේ මෙන්ම බැතිමතුන්ගේද නොමඳ ආකර්ශණය හා භක්තිය යොමු වූ ස්ථානයකි . මෙම දේවාලයේ ඉතිහාසය 13 වන සියවස දක්වා ඇදී යන අතර මෙහි තේරු උත්සවය ඉතාම වැදගත් හා මෙහි ඇති ප්‍රසිද්ධම උත්සවය වනවා .

යාපනය කොටුව

යාපනයේ පිහිටා ඇති ලන්දේසි කොටුව ඉතාම සුන්දර හා අවශේසහ් වූ බලකොටුවන් වනවා . මෙය 1618දී නිමවා ඇති අතර එතැන් සිට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය දක්වාම මෙය යුධමය කටයුතු වෙනුවෙන් භාවිත කොට ඇත . මේ වන විට පුරා විද්‍යෑ දෙපාර්තමේන්තුව මන්න්හින් පාලනය වන මෙය ඉතා ද්‍රශ්ණීය බලකොටුවක් වනවා . පිටත දිය අගලකින් වට කොට නිමවා ඇති මෙහි ඉතා සවිමත් ලෙස මෙය නිමවා තිබෙනවා .

නාගදීප විහාරය

නාගදීපය බෞද්ධයන්ගේ සොලොස්මස්ථාන අතරින් එකක් වන අතර , බුදුන් වහන්සේ මෙම නාගදීප දිවයිනට වැඩම කරල ලද බව ඉතිහාසයේ සඳන් වේ . මෙම දිවයිනට ගමන් කිරීම සඳහා බෝට්ටු සේවයක් ඇති අතර , එය කරිකුට්ටුවන් ජැටියෙන් පිටහ් වේ . මෙහි විහාරය හා බෝධිය පිහිටා ඇති අතර බොහොමයක් බෞධ්හ්හයින් මෙයට වන්දනාමාන කිරීමා සඳා සංචාරය කරයි .

ලංකාවෙ උතුරු කොන

පේදුරු තුඩුවේ තමයි ලංකාවේස් උතුරු කොන පිහිටා තියෙන්නේ . මේ ස්ථානය විශේශයෙන් හන්දුනාගෙන මඟ සටහන් තබා ඇති අතට්‍ර , සක්කෝටායි කේප් ලෙසද මෙහ හඳුන්වනවා .මේ ස්ථානයේ ශ්‍රී ලංකාවේ ජාතින් අතර එකමුතු කම සංකේතවත් වන ලෙස සලකුනක්ද ඉදි කොට තිබනවා .

කීරමලෙයි පොකුණ

යාපනයේ පිහිටා ඇති තවත් එක් සුවිශේශී ස්ථානයක් තමයි කීරමලේ පොකුණ .කිරමලය වෙරලට මායිම්ව පිහිටා තිබෙන මෙහි සුව කිරීමේ බලයක් ඇතැයි දමිළ ජනතාව විස්වාස කරයි . මෙහි ජලය මුහුදු ජලය සමන්නග මුසුවී නැති බවද පැවසේ .

කැසුරිනා වෙරල

යාපනේ ඉහලින්ම පිහිටා ඇති මෙම වෙරළ තීරය නිසල ජලය සහිත සුන්දර වෙරල තීරයක් ලෙස ප්‍රසිද්ධයි .අතීතයේ කැසුරිනා ශාඛ පිහිටා තිබුනු නිසා මෙම වෙරල තීරයට මෙම නම ලැබී ඇතැයි කියවේ

දඹකොල පටුන

ශ්‍රී ලංකාවට බුදු දහම ගෙන එන ලදයි සැලකෙන මිහිඳු මාහිමියන් සහ සංඝ්හමිට්ට තෙරණිය ලංකාවට ගිඩබසින ලද්දේ මෙම වරායෙන් බව පැවසේ . එම නිසා දීර්ඝ ඉතිහාසයක් මෙම ස්ථානයටද හිමිවී තිබෙනවා . මේ වන විට ඒ සම්බන්ධ ස්මාරකයන්ද ඉදිකොට අදාල ස්ථානය ආරක්ශා කොට තිබෙනවා .

යාපනය පුස්ථකාලය

යාපනය පුස්ථකාලය දැවන්ත පොත් එකතුවකින් සමන්විත් වී තිබූ අතර , එය බ්‍රිතාන්‍ය සමයේදී නිමවා තිබෙනවා . ඒ 1933 දීයි . 1981දී පොත් මිලියනයක අධික ප්‍රමාණයක් විනාශ කරල ලදැයි පැවසෙන අතර . මේ වන විට නැවත එය මහජනතාවට විවෘත්ත කොට පවත්වාගෙන යනු ලබනවා .

මන්ත්‍රී මාලිගය

යාපනය නගරයේම වාගෙ පිහිටා ඇති මේම මාලිගය චන්කිලි සෙනෙවියාට අයිතිව තිබූ එකක් ලෙස සැලකෙනවා . ඇතැම් වාර්තාවල මෙය ලන්දේසි සමය දක්වා ඇදී යන බවද පවසෙනව .

යාපනය කඳුරුගොඩ විහාරය

9 වන සියවස තෙක් දිව යන බෞද්ධ නටඹුන් මෙම ස්ථානයෙන් හමුවන්වා , කුඩා ප්‍රමාණයේ චඉත්‍ය විශාල ප්‍රමාණයක් මෙම ස්ථානයේදී හමුවනවා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles