spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ලෝකයේ සුවිශේශී හා දුර්ලභම අත්දැකීමක් වන හුම්මානය

ශ්‍රී ලංකාව ස්වාභාවික සුන්දරත්වයෙන් සපිරුනු කුඩා දිවයිනක් වන අතර ඒ අතරට ලෝකයේ ශ්‍රී ලංකාවේම හෝ ස්ථාන ස්වල්පයක පමණක් දැකගත හැකි ස්ථාන වලින්ද සමන්විතයි . මේ අතරින් ස්වභාව ධර්මයේ චමත්කාරජනක නිර්මාණයක් වන හුංගම හුම්මානය සුවිශේශී ස්ථානයකි . හුම්මානය දික්වැල්ල හුම්මානය ලෙසද හැඳින්වූවත් එක අයිති වන්නේ කුඩා වැල්ල , හුංගම ග්‍රාමයටයි . මෙම ප්‍රදේශය අයිති වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට වන අතර ආසන්නම නගරය මාතර දිස්ත්‍රික්කයේ දික්වැලල් නගරයයි .

කුඩාවැල්ල ධීවර වරායට පිටුපසින් වනාන්තර සහිත කුඩා කඳුකර ප්‍රදේශයක හුම්මානය පිහිටා තිබෙනවා . තංගල්ල පාරෙන් කුඩාවැල්ල පාලම අසලින් කුඩාවැල්ල පාරට හැරී මීටර 300ක් පමණ යන විට වරාය පාරට නැවත හැරී යා යුතුයි . එතැන් සිට කි මී 1.6ක් පමණ යන විට හුම්මානය පිහිටි ප්‍රදේශය හමුවෙන අතර එහි ප්‍රධාන පාර ආසන්නයේන් වාහන නවත්වා ඇතුලු විය යුතුයි . පාගමනින් මීටර 500ක් පමණ යැඇමට සිදු වන අතර මීටර 400කදී පමාන ප්‍රවේශපත් කවුලුව හමු වන්වා . මෙහි ප්‍රවේශපත් ලබාගැනීමෙන් පසුව නවත කුඩා කඳු ගැටයක් නැගීමෙන් පසුව හුම්මානය ඔබට දැකබලා ගන්න පුලුවන් . මෙම ස්ථාය ආරක්සිත වැටකින් වට කොට ඇති අතර , අවට ප්‍රදේශයද තවමත් කුඩා වනාන්තරයක් හා වන උයනක් ලෙස පවත්වාගෙන යන්වා .හුම්මානය මෙන්ම අවට නැරඹීමට හැකි ලෙසද තැනින් තැන් ස්ථාන පවතින් අතර අවට වෙරළ තීරයන් මෙන්ම කුඩාවැල්ල ධීවර වරායද දැකගැනීමට හැකියාව තිබෙනවා .

ලෝකයේ හුම්මන වර්ග දෙකක් පවතින අතර මිරිදිය හා කරදිය ලෙස හඳුනාගන්න පුලුවන් . හුම්මනයක ගල් කුහරයක් තුලින් ජලය වේගයෙන් ගමන් කිරීමක් සිදු වන අතර , එහු එක් සිදුරක් සිරස්ව නැගී සිටිනවා . මෙහි ඇතිවන පීඩනය හේතුවෙන් සිරස් කුහරය තුලින් ජලය ඉහලට එසවෙන අතර එය පොලවෙන් උඩට විසි වී යාම සිදු වන්වා . කුඩාවැල්ල හුංගම ලෝකාන්තය ලෝකයේ දේවන විශාලම හුම්මානය වන අතර අප ට්‍රිප්.ල්ක් කණ්ඩායම සිදු කල සංචාරය අතරතුලදී මෙහි ක්‍රියාකාරිත්වය අපි නිරීක්ශැණය කරනු ලැබුවා .

වාරකන් ලෙස හඳුන්වන මුහුද රළු වන නිරිත දිග මෝසම් කාලයේදී හුමානයේ ක්‍රියාකාරීත්වය ඉතාම සක්‍රීය වන අතර එය විටෙක මීටර 30ක පමණ උසක් දක්වා ඉහල යාමට ඉඩ ඇති බව පැවසෙනවා .

ලෝකයේ දුර්ලභම අත්දැකීමක් වන මෙම අත්දැකීම විඳගන්න දෙස් විදේස් සංචාරකයන් දිනපතා ඇදී එන අතර , මෙය හොඳින් සක්‍රීය විට මෙහි ශබ්ධය ඉතා ඈතට ඇසිය හැකි බව පැවසෙනවා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles