spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

කඳු මැද්දෙ පළතුරු වත්තක තියෙන කොලඹට කිට්ටු පුංචි නුවර එලිය – දනාගල එස්ටේට්

Video – Watch here

කඳු මැද්දෙ තියෙනේ පළතුරු වත්තක තනිවෙමුද

කොලබ ඉඳන් පැයක වගේ දුරක පලතුරු හා තේ වත්තක් මැද්දෙ තියෙන නවාතැනක් කියන්නෙ සෑහෙන කලාතුරකින් හොයාගන්න පුලුවන් තැනක් . අක්කර සීයකට ආසන්න ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙන මේ සුන්දර නවාතැන තියෙන්නෙ ඉංගිරියත් කිරිඇල්ලත් අතරමැදයි . සබරගමු හා බස්නාහිර මායිමේ පිහිටා තිබෙන මේ නවාතැන පැයක වගේ කාලයකින් කොලඹ නගර සීමාවේ ඉඳන් ලඟා වෙන්න පුලුවන්.

නමින් දනාගල වතුයාය උන මේ වතුයායෙ සංචාරකයන්ට නවාතැන් ගැනීම සඳහා තෝරාගැනීම් දෙකක් තිබෙනව . පැරණි යටත් විජිත යුගයේ ගෘහ ණිර්මාණ ශිල්පයට අනුව හදල තියෙන වතු බංගලාවක් සහ නවීන් විලා කිහිපයක්. අවන්හලක් , පූල් එකක් වගේම නේචර් වෝක් . මිනි හයික් , නැචුරල් පූල් වගේම කුඩා ප්‍රමානයේ දිය ඇල්ලකුත් මේ වතුයාය ඇතුලෙම පිහිටල තිබෙනවා . ඒ කියන්නෙ මේක ඔබට නවාතැන් ගනන්වට වඩා වැඩි වටිනාකමක් ලබාගනන් පුලුවන් තැනක් .

DCIM\100MEDIA\DJI_0672.JPG

දනාගල වතුයායට කොලබ ඉඳල එනවනන් වෑවිල පාර හරි රත්නපුර පානදුර පාරෙ න් කරන්දන පාරට හැරිල එතනින් ධම්මුල්ල පාරට හැරිල ටික දුරක් යද්දිම ධනාගල වතුයාය හමු වෙනව රබර් හා තේ වතු යායවල් මැද්දෙන් යන්න තියෙයෙන මේ පාර වඩි වෙලාවක් යන්න කලින්ම ඔබ කොලඹින් පිට වූයේ මීට පැයකට පමණ පෙරදීදැයි නිරායාසයෙන් හිතෙන්න ගනන්වා . ධම්මුල්ල පාරෙ මැදදිම ඇතින් දනාගල එස්ටේට් බංගලාව නිල් හා සුදු පාටින් දුරට පේන්න ගන්නව .

මන් පෙර සඳහන් කරපු විදිහට දනාගල වතු යාය කියන්නෙ ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරිල තියෙන පළතුරු හා තේ වත්තක් ඉතින් මේක සංචාරකයන්ට රජදහනක් . දනාගල බංගලාව පිහිටල තියෙන්නෙ වත්තේ සුන්දරම තැන කිව්වොත් ඉතාම නිවැරදියි . මොක්ද මෙතන කුඩා කඳු ගැටයක විවෘත්ත භූමියක පිහිටල තිබෙන්නෙ . ඒක නිසා ඉතා මනස්කාන්ත දරශනයක් මේතනදි ඔබට දැකබලාගන්න පුලුවන් . ඇඇතින් සබරගමු කඳු පන්තියෙන් හිරු නැගී එන දරශනය ඉතාම දර්ශණීයයි .

දනාගල බංගලාව වැඩිපුරම කණ්ඩායමකට නවතින්න හොඳ තැනක් විදිහට නම් කරන්න පුලුවන් . පවුල් කිහිපයක නිවාඩුවකට එහෙම නැත්තන් යාලුවො සමූහයකට යන්න නියම තැනක් මේක . ධනාගල බංගලාව වායු මසීකරනය කරල නෑ , නමුත් කඳු වලින් එන සිහිල් සුලන් නන් නිතරම බංගලාව හරහා යනව .

දනාගල විලාස් තියෙන්නෙ පූල් එක තියෙන පැත්තෙ නවීණ විලා සමූහයක් වන මෙහි ෆැමිලි විලා විදිහට තමා හදල තියෙන්නෙ . ඒ කියන්නෙ ඩබල් රූම් දෙකක් විදිහට ,මේ දෙකටම පොදු ලිවින් ඒරියා එකක් තියෙනව . එතකොට අවශ්ය නම් මේ සම්පූර්න ෆුල් ෆැසිලිටි එකම හතර දෙනෙක්ට හරි අවශ්‍ය නම් දෙන්නෙක්ට නවතින්නත් වෙන්කරවාගන්න පුලුවන් .

ඒ වගේම දනාගල කියන්නෙ ඩේ අවුටින් වලටත් නියම තැනක් පූල් එක . ස්වභාවික පරිසරය වගේම ඔබට අවශ්ය ආහාර පානාදිය ඇණ්ඩවුම් කරන්න පුලුවන් අවන්හලකුත් තිබේන නිසා මේක ඩේ අවුටින් වලටත් ගොඩක්ම ගැලපෙනවා .

යන්න කලින් මේ අංකයෙන් ඔබේ බුකින් එක දාගෙන යන්න අමතක කරනන් එපා 077 929 3488 .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles