ඉබ්බන්කටුව මහ ශිලා සුසානය
දඹුල්ල , ගලේවෙල ,දඹුලු ඔයේ වම් ඉවරට වන්න්ට ඉබ්බන්කටුව ග්‍රාමයේ පිහිටා ඇති මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය ශ්‍රී ලංකාව විජයාවතරනයට පෙර සිටම දියුණු සමාජ තත්වයක් පැවති බවට සාධකයක් බවට පත්වී තිබෙනවා .
ශ්‍රී ලංකාවේ සුසානභූමි හා ඉතිහාසය
ලංකාවේ නොයෙකුත් දෙසින් සුසාන භූමි හඳුනාගෙන ඇති අතර මෙයින් මුලින්ම මන්නාරම පොම්පරිප්පු සුසානය 1920 දී හඳුනාගන්නා ලද අතර මීට අමතරව යාපනය කදුරුගොඩ , කුච්චවේලි , යාපහුව කෝන්වැව ආදී ප්‍රදේශවලින්ද සුසාන හමුවී ඇත . විල්පත්තු මහ වනය පුරාද මෙම සුසාන පිහිටා ඇති බව සැක කෙරේ .
මේ සියලල් ප්‍රධාන වශයෙන් පහත පරිදි හඳුනාගනු ලබයි
ශිලා මංජුසා සුසාන (Cist Burial)
වෘත්තාකාර ශිලා කැට සුසාන (Cairn circle Burial)
ඩොල්මන් (Dolman Burial)
බරණි සුසාන (Urn Burial)
මීට අමතර ව වෙනත් සුසාන විධි ක‍්‍රම 13ක් පිළිබඳ ව කරුණු අනාවරණය වී ඇත. නමුත් පෙර සඳහන් කල සොහොන් භූමි අතුරින් ඉබ්බන්කටුව සොහොන් භූමියට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. කාබන් 14 කාලනීර්නයට අනුව මෙය (කි‍්‍ර.පූ. 770-350) අතර කාලයේදී ජීවත් වූ ජන කණ්ඩායමකට අයත් යැයි සැලකෙන අතර . ක‍්‍රිස්තු වර්ෂ 1970 දී මෙහි පුරාවිද්‍යා පරීශණ ආරම්භ විය . මෙම ඓතිහාසික සුසාන භූමිය ප්‍රථමවරට හඳුනාගන්නා ලද්දේ 1970 වසරේදී වන අතර එහි මූලික පර්යේෂණ කටයුතු සිදු කර ඇත්තේ හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌වරයකු වූ ආචාර්ය රාජා ද සිල්වා මහතා විසින් සිදු කර තිබිණි, සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩ සටහන යටතේ මෙම ස්‌ථානය පර්යේෂණයට ලක්‌වූයේ 1982 වසරේ දීය
සොහොන් ගෙයි ණිර්මානය
ඉබ්බන්කටුව සුසානය සඳහා සම්පූර්ණ ගල් පතුරු උපයෝගී කරගෙන ඇති අතර පතුරු හතරක් යොදාගෙන සොහොන් ගෙයක් ආකාරයට සකසා උඩින් පියනක් යොදා හෝ නොයොදා මෙම සුසානයන් නිමවා තිබෙනවා . මෙහි මියගිය පසුව ආදාහනය කොට භශ්මාවශේශ මැටි භරණියක තැන්පත් කොට ඉන් පසුව එය ඉහත සඳහන් කල සොහොන් ගෙහි තැන්පත් කිරීම සිදු කරන ලදී . මෙම භරණි සියුම්ව පරීශා කිරීමේදී අපූරු චාරිත්‍රයක් හඳුනාගෙන ඇති අතර වයසින් බාල අය තැන්පත් කිරීමේදී මැටි බඳුන් දෙකක් මුහුණට මුහුන පෙනෙන සේ එක් කොට තැන්පත් කොට ඇති බවයි
මරනකරුගේ බඩු බාහිරාදිය
මෙහිදී මරනයට පත් වූ තැනැත්තා විසින් පරිහරනය කරන ලද බඩු භාහිරාදිය සොහොන තුල තැන්පත් කිරීම සිදුවුන අතර විචාරක්ලයන් ප්වසන්නේ එමගින් අතීත සමාජය නැවත ඉපදීමක් ගැන විස්වාස කල බවත් , මරණකරු මීලඟ ආතමයේදී මෙම උපකරණ භාවිත කල බවත්ය .
මළගිය පුද්ගලයා භාවිත කල භාණ්ඩ තැන්පත්කර තිබීම ය. ඉබ්බන්කටටුව සුසානයෙන් පමණක් එ වැනි වළං 180ක් හා වළං කැබලි 14,000 පමණ හමු වී ඇත. ඒවා තුළ තිබී සුවඳ විලවුන්, පබළු, තඹවලින් නිමකරන ලද මිලිමීටර් 190 දිගැති අඤ්ජන කුරු, ලෝහ පළඳනා, සතත්ව ඇටකටු, ඇත්දල වලින් සකසන ලද භාණ්ඩ, ඊ හිස්, යකඩ කැබැලි වැනි කෘති රාශියක් අනාවරණය වී ඇත. සුසානයෙන් හමු වී ඇති පබළු වර්ග වලින් වැඩි ප‍්‍රතිශතයක් කානිලියන්, ඇගේට්, ඛනිජ වර්ගවලින් නිමවා ඇත. උක්ත ඛනිජ වර්ග මෙරට නොමැති අතර පැහැදිලිව ම ඒවා වයඹදිග හෝ නැගෙනහිර ඉන්දියාවෙන් ආනයනය කර ඇති බව ඔස්මන්ඞ් බෝපේආරච්චිගේ මතයයි. ඇත්දළ, පබළු, රන් ආලේප කරන ලද පබළු ඇටයක් මෙන්ම පබළු මාල හමු වී ඇත. ප‍්‍රභූවරයකුට අයත්යැයි උපකල්පනය කළ හැකි රත්රන් සිරස් පටියක් පවා මෙහි දි හදුනාගෙන ඇත. ඊජිප්තුවේ, මෙසපොතේමියාවේ ඉන්දු නිම්නය වැනි ශිෂ්‍ටාචාර වාසි කාන්තාවන් ස්වකීය ඇහි බැමි යට අක්ාන ආලේප කිරීම සඳහා භාවිත කරන තඹ කුරූවලට සමාන තඹකූරු ලැබී ඇත. මේවා දක්ෂිණ භාරතයේ කොහිල් (kohil) නම් තඹ කූරූවලට සමාන බව පැවසේ එ පමනක් නොව ඉබ්බන්කටුවේ වැඩිදුරටත් පවත්වන ලද පර්යේෂණවලට අනුව එහි වාසිහූ කඳුකරයේ බහුලව ඇති ෆෙල්ස්පාර්, මිනිරන්, ඇම්නෙස්තර් වැනි ඛනිජවර්ග භාවිත කළ බවට අනාවරණය වී ඇත.
මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල මහින් මෙහි නඩත්තු කටයුතු පවත්වාගෙන යනු ලබන අතර සංචාරකයන්ට මෙහි සංචාරය කිරීම සඳහා අවස්ථාව සපයා තිබෙනවා .