රැකව කලපුවත් මුහුදු වෙරළත් කිට්ටුව තියෙන අපූරු නවාතැනක් ගැන අද කියන්නෙ , මේක හොබිට් හවුස් එකක තීම් එකකට හදපු නවාතැනක් . නවසීලන්තෙට දහස් ගණනක් සංචාරකයො එනව මේ හොබිට් හවුස් බලන්න , දැන් අපිට ලංකාවේ තියෙනව හොබිට් හවුස් එකක් . තියෙනව විතරක් නෙවෙයි ඕනෙනන් නවතින්නත් පුලුවන් ,
මේක ඇත්තටම හෝටලයක් . තංගල්ලෙ රැකවෙ තියෙන මේ නවාතැන කපල් එකකට යන්න නියමම තැනක් . මේකෙ ඉඳල විනාඩි කිහිපයක දුරිම්න් තමයි රැකව කලපුව තියෙන්නෙ . රැකව කලපුවෙ කායකින් වගේ ක්රීඩාවක් කරන්න නැත්තන් කලපුව මත්තෙන් සුන්දර ඉර බැස යන දර්ශනයක අත්දැකීම ලබාගන්නත් හැකියාව තියෙනව .
ඉගබරා එකේ සූපවේදියෙක් ඉන්නව ඔබ ඇණවුම් කරන ආහාර පානාදිය සකසල රැගෙන එන්න , ඒ වගේම වයිෆයි පහසුකම නොමිලේ ලබාදීල තියෙනව . නවාතැන වෙන්කරවාගන්න පහත අංකය අමතල දවසක් වෙන් කරවාගන්න .
071 6531107