spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

වැවක් අයිනෙ සුන්දර නවාතැනක් – ටාරා වෝටර්ගේට්

තිස්ස වැව් ඉස්මත්තෙ තියෙන මේ සුඛෝපභෝගී නවාතැන කතරගම හම්බන්තොට පැත්තෙ නිවාඩුවකට යන කෙනෙක්ට නිදහසේ හැන්දෑවක් ගත කරන්න පුලුවන් පාරාදීසයක් ,

පූල් එකක් , අවන්හලක් වගේම විශාල ආලින්දයත් වගේම තරු පන්තියේ නවාතැන් වල තියෙන පහසුකම් එක්ක තිස්ස වැවත් වැවේ නිදහසේ සැරිසරන දහස් ගානක් කුරුල්ලනුත් පරිසරේට කුරුල්ලොන්ට ආදරේ කරන කෙනෙක්ට සුන්දර හැඟීමක් අරන් එන්න සමත් වෙයි ,

ටාරා එක තියෙන්නෙ බලන්න යන්න දේවල් ගොඩක් මැදි කරගෙන නම් වලින්ම කියනවානම් කිරින්ද , බූන්දල , කතරගම , ලුණුගම්වෙහෙර , යාල වගේ සුප්රසිද්ධ ගමනාන්ත ගොඩක් මැදි කරගෙන තමයි මේ නවාතැන තියෙන්නෙ , එක තැනක නැවතිල ක්රියාකරකම් ගොඩක් කරන්න කැමති නන් මෙතන කදිමයි ,

මේ නවාතැනේ තියෙන තවත් විශේශත්වයක් තමයි විශාල කාමර , ගමනක් ගිහිල්ලත් කොටු වෙලා ඉන්නව වගේ හැඟීමකින් ඉන්නෙ නැතුව ටිකක් නිදහසේ ගත කරන්න කවුරුත් කැමතියිනේ , ඒ වගේම කන්ෆරන්ස් හෝල් එක පොඩි හමුවීම් වලට ඔෆිස් එකේ ඔෆීශියල් අව්ටින් එකක් වගේ තියන්නත් ගැලපෙනම තැනක් . අවශ්ය නම් කතා කරල ඩේ අවුටින් පැකේජ් එකක් වගේ හදාගන්නත් පුලුවන්කම තියෙනව .

මේ දවස් වල දේශීය සංචාරකයන්ට සුවිශේශී වට්ටම් එක්ක නවාතැන් ගන්න ටාරා එකෙන් කටයුතු කරල තියෙනව , පහත අංකයෙන් කතා කරල දවසක් වෙන් කරවාගෙනම යන්න .

Phone -0770176204/0719331802

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles