spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

පවුලේ නිවාඩුවකට කොලඹට කිට්ටු ලස්සන තැනක්

ලීෆ් වටාගල කියන්නෙ ඇවිස්සාවේල්ල කරවනැල්ල කිට්ටුව තියෙන මොඩර්න් බන්ග්ලො එල්කක් . ෆැමිලි ඩේ අවුට් එකක් නයිට් අවුට් එකකට හොඳම තැනක් තමයි මේ ලීෆ් වටගල කියන්නෙ .සුවබර පරිසරයක රබර් එක්ක කුරුඳු වත්තක් මැද්දෙ තියෙන මේ සුන්දර නවාතැනට කොලඹ ඉඳල ඉතා අඩු කාලයකින් ලඟා වෙන්න පුලුවන් . රුවන්වැල්ලෙ පිරිසිඳු වාතය හුස්ම ගන්න ගමන් හිතේ ප්‍රශ්ණ අමතක කරල ඉන්න හොඳ තැනක් ලීෆ් වටාගල කියන්නෙ .

ඔබට අව්ශ්‍ය නම් සම්පූර්ණ බංගලාවම හරි නැත්නම් වෙන් වෙන්ව කාමර වශයෙන් හරි බුක් කරගන්න පුලුවන් . අවශ්‍ය ආහාර ඇණවුම් කරල ලබාගන්න පුලුවන් . පූල් එකක් වගේම රුවන්වැල්ල අවට සුන්දර කඳුපන්ති ව්ලා දර්ශණයත් ලීෆ් වටාගල යන කෙනෙක්ට නවාතැනේ ඉඳලම බලාගන්න පුලුවන් . නිතිපතා පිරිසිඳු කරන කාමර එක්කම සම්පුර්ණ නවාතැනම ඉතාමත් පිරිසිඳුව හා ප්‍රියමනාපව තියාගන්න ලීෆ් වටාගල කාර්යමණ්ඩලය නොපැකිළිව උනන්දුවෙන් කටයුතු කරනව .

ලීෆ් වටාගල එනවනන් ඔබ එන්න ඕනෙ සම්පූර්න දවසම මේකෙ ගත කරන්න බලාගෙන . අවට සිරි නරඹන්න උනත් මෙතන ඉඳන් යන්න පුලුව්න . නමුත් පරිසරයේ සුන්දරත්වයත් සොබාදමෙන් නොමිලේ ලැබෙන පිරිසිඳු වාතාශ්‍රයත් ලබාගන්නප් පුලුවන් කම තියෙද්දි ඒ වටිනා කාලය ඔබ බන්ග්ලෝ එකේ වාඩිවෙලා සින්දුවක් අහන්න , පොතක් කියවන්න , පවුලේ කතාබහකට වගේ දේකට යොදාගන්න පුලුව්න නන් ඒක වඩාත් සුදුසුයි කියන එකයි අපේ නම් හැඟීම . ඒ වගෙම හවස බාබකිව් පාටි එකක් දාන්න වගේ පොඩි ෆන්ශන් එකකට මෙතන හොඳින්ම ගැලපෙනවා .

ඔබට අවශ්‍ය නම් පැය බාගයකින් වගේ ගමනකින් සපරගමුවේ සුන්දරත්වය හොඳින්ම දකින්න පුලුව්න අංශක 360ක දර්ශ්ණයක් සහිත බැලුම්ගලකට යන්න පුලුවන් . මේ සඳහා අවශ්ය ගමන් විස්තර ඔබට නවාතැනෙන්ම ලබාගන්න පුලුවන් , පවුලේ ගමනාන්තයක් විතරක් නෙවෙයි ඔෆිස් අවුටින් එකකට උනත් මෙතන කදිමට ගැලපෙනවා . ඔබ යන්න කලින් පහත අංකයට කතා කරල කලින් වෙන්කරවාගෙනම ගියානන් වඩාත් පහසුයි .

Call – +94 77 292 6716 / +94 77 628 9051

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles