spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

කඳු මුදුන් වලින් වටවුන සුන්දර තැනිතලාවක් මැද්දෙ තියෙන සුන්දර නවාතැන

කඳු මුදුන් වලින් වටවුන සුන්දර තැනිතලාවක තේ වතු යායක් මැද්දෙ තියෙන සුන්දර නවාතැන

යටියන්තොට කියන්නෙ ලංකාවෙ අඩුවෙන්ම කතාවෙන සුන්දරම සංචාරක ගමනාන්තයක් . අසිරිමත් සිරිපා හිමයේ සීමාවෙ පිහිටල තියෙන යටියන්තොට ස්වභාවික සුන්දරත්වයෙන් අනූන පැත්තක් , මන්දාරම , සෞම්‍ය දේශගුණය නිකන්ම ගතට වගේම හිතටත් අරන් එන්නෙ නිස්කලන්ක බාවයක් , මේ වගේ පැත්තක කුඩා කඳු මුදුනක වටෙන්ම සුන්දර කඳු මුදුන් වලින් වටවෙලා තියෙන තැනක තියෙන කුඩා පැල්පතක් උනත් සංචාරකයෙක්ට මහමෙරක් වගේ . මේ කියපු පරිසරේක සුකෝපභෝගී නවාතැනක් තමයි ලීෆ් ඕලු ඇල්ල කියන්නෙ .

ලීෆ් ඕලු ඇල්ලට නම දෙන්නෙ ලංකාවේ තියෙන උසින් වැඩිම දියඇලි ගොන්නට එකතු වෙන ඕලු ඇල්ල . ලංකාවේ දැනට පාවිච්චි වෙන පැරනිම ලී පාලම තියෙන්නෙත් මේ දියඇල්ල පෝශණය කරන දිය පාර හරහා .

ලීෆ් ඕලු ඇල්ල පවුලේ නිවාඩුවකට එහෙම නැත්තන් යාලුවො පිරිසකට හරි වටපිටාවෙ ප්‍රශ්ණ ඔක්කොම අමතක කරල යන්න හොඳම තැනක් . පිරිසිඳු වාතය වගේම ලීෆ් ඕලු ඇල්ලෙ ඔබට සපයගන්න පුලුවන් ආහාරත් වටපිටාවේ සුන්දර දර්ශණයත් අපිට මේ නිස්කලංක බව මතු කරල පෙන්නනවා .

ඒ වියල්ලම අභිබවමින් ලංකාවේ තියෙන ලස්සනම ඉන්ෆිනිටි පූල් එකක් තියෙන්නෙත් ලීෆ් ඕලු ඇල්ලෙ . ඉදිරියේ තියෙන මීදුමෙන් වැහුන ඉහල වලාකුලු වල ගෑවෙන කඳුඳු ශිකර වල ප්‍රතිභිම්බයත් හවසට රන්වන් පැහැයට හැරුන අහස එක්ක ඉන්ෆිනිටි පූල් එකත් එක්ක දකින දර්ශණයත් ඕනම කෙනෙක්ව මෝහනයට පත් කරන්න බැරි නෑ

මිතුරන් එක්ක ගිය ගමනක හෙමින් සින්දුවක් කියල සතුටු වෙන්න , පවුලේ ගෙට් එකක් තියන්න වගේම මධු සමය ගත කරන්න හිතන යුවලකට උනත් මෙතන හොඳින්ම ගැලපෙනවා . ඕනෑම පරිසර තත්වයක් එක්ක නිදහසේ සුවපහසු නිවාඩුවක් ගත කරන්න හොඳම තැනක් තමයි ලීෆ් ඕලු ඇල්ල කියන්නෙ .

පැකේජ මිල ගනන් දැනගන්න වගේම වෙන්කරවාගැනීම් සඳහා පහත අංකයෙන් තොරතුරු ලබාගන්න .

Call – +94 77 292 6716

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles