spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

දැවැන්ත වෙඩි බලයක් සමඟ ගොඩනැගුනු හුරුබුහුටි බලකොටුව – මාටෙලෝ කුළුණ

මාටෙලෝ කුළුණ යනු ප්‍රන්ශය විසින් තමන්ගේ ආරක්ශාව වෙනුවෙන් ගොඩනැගූ යුධ කුළුණකි . 1505 දී පමණ ආරම්බ කර ඇති මෙම කුළුණු සම්ප්‍රදාය ප්‍රන්ශයේ කෝසිකාවේ මාට්ල් තුඩුවේ ආරම්භ වී ඇත . මෙහි ණිර්මානශිල්පියා ලෙස සැලකෙන්නේ ගියෝවන් ගියාමිකෝ පලේරි ෆ්ලැටිනෝයි . වෘත්තාකාර කුඩා ප්‍රමාණයේ බලකොටුවන් වන මෙය පසුව බ්‍රිතාන්යන් විසින්ද තමන්ගේ ආරක්ශාව වෙනුවෙන් හොඩනැගීම ආරම්භ කරනව .

මෙය මහල් කිහිපයකින් යුතුව සාදන අතර මෙහි මූලික අරමුන වනුයේ ආරක්ශිතව උස් ස්ථානයක සිට වටා පිහිටි ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීමයි . මෙහි අවශ්‍ය ආහාර ආයුධ හා නවාතැන් පහසුකම් කුළුණ තුලම පවතින අතර මෙය මහල් හතරකට පහසුවෙන් වෙන් කරන්න පුලුවන් .

සැලැස්ම

පාදම – ආහාර හා ජල ටැංකිය
බිම් මහල – වෙඩි බෙහෙත් හා අනිකුත් සැපයුම්
පලමු මහල – නිළධාරීන්ගේ හා සොල්දාදුවන්ගේ කාමර
ඉහල මහල – ප්‍රධාන තුවක්කුව හා ප්‍රහාරක ඒකකය

ඉතා ආරක්ශාකාරීව හා සැලසුම් සහගත්ව ගොඩනගාඇති මේ මාටෙලෝ කුළුන ශ්‍රී ලංකාවෙ ස්තාපනය කිරීම පිලිබඳව මතවාද දෙකක් තිබෙනවා , 1796 දී ලන්දේසි ජාතිකයන් විසින් ගොඩනගන ලද්දක් ලෙස හා 1803 දී ගෝපාල් නැමැති බ්‍රිතාන්‍ය සෙනෙවියා විසින් කරවන ලද්දක් ලෙසයි .

1796 දී ලන්දේසි බලය දුර්වල වීමක් සිදු වන නිසා එම කාලය තුල අමුතුවෙන් කුළුණු හා බලකොටු ණිර්මාණ්ය කිරීම අපහසු කාලයක් වන්නට ඇත බොහෝ විට ඊට පෙරාතුව නිමවන ලද කුළුන 1796දී අලුත්වැඩියා කිරීමකට ලක්වීමකට වැඩි ඉඩක් ඇත .

ස්ථානීය පිහිටීම

හම්බන්තොට යනු පෙර අපර දෙදිග මුහුදු ගමන් මාර්ගයේ ආසන්නයෙන්ම පිහිටා ඇති වරාය නගරයකි . එබැවින් මෙයට නාවිකයන්ගේ මෙන්ම අතීත බල පොරයේ සිටි බලවතුන්ගේද නිරන්තර අවධානයට යොමු වී තිබෙන්නට ඇත . ඒ නිසා හම්බන්තොට තුඩුවට ආසන්නයේම තියෙන කුඩා කඳු ගැටයක මාටෙලෝ කුළුන පිහිටා ඇත . නව හම්බන්තොට වරාය මෙන්ම ධීවර වරායට අතරමැඩිව මෙම පිහිටීම පිහිටා ඇත . ඒ අතින් ගත් විට මෙය දැනටත් යුධ මර්මස්ථානයකි .

මාටෙලෝ කුළුන පිහිටි භූමිය අතීත කච්චේරිඋය පිහිටි භූමිය වන අතට එහි පරනි ගොඩනැගිලි , පහන් ලුළුනක් මෙන්ම පුරා විද්යා වටිනාකමකින් යුක්ත ස්ථාන රාශියකින්ද යුක්ත වනවා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles