spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

උතුර දකුණ යා කරපු මිත්‍රත්වයේ පාලම – සංගුපිඩ්ඩි

සංගුපිඩ්ඩි කියන්නෙ ලංකාවේ ජනප්‍රියම පාලම් වලින් එකක් . සංගුපිඩ්ඩි පාලම පිහිටල තියෙන්නෙ යාපනය – කිලිනොච්චි දිස්ත්‍රික්ක වල මායිමේ . කිලාලි කලපුවට උඩින් හැදිල තියෙන මේ පාලම තියෙන්නෙ A32 පාරෙ .

යාපනේ කරෙයිතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංගුපිඩ්ඩි යා වෙලා හැදුන පාලම සාමයේ පාලමක් විදිහට හැඳින්වෙනව . මේ පාලම වැටිල තියෙන්නෙ නොගැඹුරු කිලාලි කලපුව හරහා . යාපනයේ සුලන් විදුලි බලාගාර සිට අලිමංකඩ දක්වාම මෙතනට පේනව . මේ පාලම අවට කාලයක්ම ඉතා දරුණු යුධ ගැටුම් පැවතුන ප්‍රදේශයක් . යුද්ධ කාලය වෙනකොට මෙහි පාලමක් තිබුනේ නෑ මෙහි තිබිල තියෙන්නෙ ජැටියක් .

1932 දී බ්‍රිතාන්‍යන් විසින් මෙහි පාලමක් ඉදි කිරීමට උත්සාහ කල විට මෙහි පදිංචි ධීවර ජනයා විසින් දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා . මේ නිසා මෙහි පාලමක් ඉදි කිරීමේ තීරණය හකුලාගත් බව සඳන් වනවා .

යුද්ද කාලයේ ජැටියක් ලෙස හමුදාවට අවශ්ය සැපයුම් මාධ්යක් ලෙස පවත්වාගත් මෙය 2009 යුධය අවසන් වීමෙන් පසුව වැඩ ආරම්බ කොට 2011 දී මහජන අයිතියට පත් වනවා . මෙහි රසවත් කටකතාවකුත් තිබෙනවා . මේ සවි කොට ඇත්තේ පානදුර නගරයට සවි කිරීමට සැලසුම් කල ගුවන් පාලම බවයි . මෙහි සත්ය අසත්‍ය භාවය කෙසේ වෙතත් පානදුර නගරයට තවමත් ගුවන් පාලමක් නම් නෑ

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles