spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ගාලු කොටුව

දකුණු පලාතේ අග නගරය ලෙස සැලකෙන ගාලු නගරයේ විරාජමානව වැජබෙන ගාලු කොටු පවුර දැවැන්ත නිර්මාණයකි , මෙය කොතරම් විශාලදැයි කිවහොත් මෙහි ඇතුලත සම්පූර්න නගරයක්ම පිහිටා ඇත . මෙහි ආගමික ස්ථාන , පාසල් , වෙලඳසැල් , ආපනශාලා , අධිකරන , කෞතුකාගාර ආදී පුලුල් පරාසයක පැතිරිනු සේවා ස්ථාන හා විවිධාකාර ගොඩනැගිලි පිහිටා තිබෙනවා , මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් වන අතර එම හේතුව නිසා මෙහි පැරණි ගොඩනැගිලි හා උරුමයන් ඒ ආකාරයෙන්ම හෝ එහි උරුමයට බාධා නොවන ලෙස වැඩිදියුණු කිරීම සිදු වනවා .

ගාලු කොටුවේ පිහිටීම

ගාලු කොටුව පිහිටා ඇත්තේ තුඩුවකයි , එම හේතුව නිසා එය භූ ගෝලීය ලෙස හා මිලිටරිමය ඉතා වැදගත් කමක් උසුලනවා . ගොඩබිමින් එක් පසෙකින් පමණක් සම්බන්ධ වී ඇති මෙහි පිහිටීම ආරක්ශක මර්මස්ථානයක් ලෙස ඉතා වැද්ගත් වන්නට ඇත .

ගාලු කොටුව ඉතිහාසය

ගාල්ල යනු සිංහලෙන් ගාල , යන අදහසින් බිඳී පරිණාමය වූ වචනයකි , මෙහි ගාල යනු ගාල් කර පැවති ස්ථානය වන අතර , අතීතයේ තවලමේ ගිය ගොනුන් බැඳි ගාල පසුව ගාල්ල වූ බව සැලකේ . නමුත් මෙහි ඉතිහාසය ඊටත් එහාට අති බව සැලකෙන අතර , සුප්‍රසිද්ධ රාම රාවණා කතාවටද මෙහි සම්බන්ධයක් ඇත . ගාල්ල බොක්කේ එක් පසක ගාලු කොටුව ඇති අතර අනිත් පසින් රූමස්සල පිහිටා තිබෙනවා .

ඉන් පසුව විශාල කාලයක් ලංකාවේ ප්‍රධානම වරාය ලෙස ගාලු වරාය සැලකුන අතර එහි ග්‍රීක හා අරාබි වෙලඳුන්ගේ අවධානය දිනාගෙන තිබුනා .

සමහර මූලාශ්‍ර වල ලොරෙන්සෝ ද අල්මේදා කොලඹ වරායට පැමිනුන බව සැලකුන අතර සමහර මූලාශ්‍ර වල එය ගාලු වරාය ලෙස සැලකෙනවා .

ඉබන් බතූතා විසින්ද ගාලු වරායට පැමින ඇති අතර පෙරදිග වෙලඳ මාර්ගයේ වැඩ්ගත් ස්ථානයක් ලෙස ගාලු කොටුව සැලකෙනවා

ගාලු කොටුවේ ආරම්භය

ගාලු කොටුවේ ආරම්භය සිදුවී ඇති බව සඬ්හ්දන් වනෙන 1588 වර්ශයේදීයි , කොලබදී සිදුවන අනාරක්ශිත තත්වය මත ගාල්ලේ ආරක්ශාව වැඩි කරගන්නට පෘතුග්‍රීසීන් විසින් ගාලු කොටුව නිමවා තිඋබෙන්නෙ කුඩා බලකොටුවක් ලෙසයි . මෙය දැනට කලු කොටුව ලෙස හඳුන්වනවා .

ලන්දේඅසි ආක්‍රමණය

ලන්දේසීන් විසින් 1640 දී ගාලු කොටුව ආක්‍රමණය කරන ලද අතර එය ඔවුන් විසින් යටත් කර ගනු ලබනවා

දැනට තිබෙන දවැන්ත බලකොටුව නිමවා ඇත්තේ ඔවුන් විසිනි

ඉංග්‍රීසින්ට යටත් වීම

ඉංග්‍රීසීන් විසින් 1796දී ගාලු කොටුව යටත් කරගන්නා ලද අතර ඔවුන් විසින් එය දකුනේ මූලස්ථානය ලෙසට පත්කරවාගන්නා ලදී

ගාලු කොටුවේ ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යාතමක ලක්ශන

බලකොටුවේ බිත්ති කිලෝමීටර ගනනවක් පුරා විහිදේන් අටහ්‍ර මෙහි ඇතැම් වීදි යටත් විජිත නම් වලින්ම හැන්දින්වෙනවා , මෙහි හොඩනැගිලි අතර ලංදේසි හා ඉංග්‍රීසි ලක්ශන දැකිය හැකි වේ.

ගාලු කොටුවේ සුවිශේශී ස්ථාන

ගාලු කොටුවෙ ගිණිකොන දිග සීමාවේ පිහිටා ඇති පහන් ටැබ සංචාරකයන්ගේ ප්‍රියතම ස්ථානය වනවා

කාලතුවක්කු අට්ටාල

ගාලු කොටුවේ සෑම දිශාවකම පාහේ කාලතුවක්කු අට්ටල පිහිටා තිබෙනව. මෙම ස්ථාන අද ශින වන විටත් ආරක්සා වී ඇති අතර මේවා කිහිපයක්ම දැකිය හැකියි .

කෞතුකාගාර

ගාලු කොටුවේ කෞතුකාගාර තුනක් පිහිටා ඇති අතර , ඒවා නමින් ගාල්ල ජාතික කෞතුකාගාරය , ගාල්ල නාවික කෞතුකාගාරය හා ගාල්ල ලන්දේසි කෞතුකාගාරයයි .

ඔරලෝසු කණුව

ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම ආසන්නයේම පිහිටා ඇති ඔරලෝසු කණුව 1800 ගනන් වල නිමවා ඇත්තකි

ගාලු කොටුවේ ජනප්‍රියම ක්‍රියාකාරකම්

ගාලු කොටුව ඉරු බැස යන දර්ශණය නැරඹීමට සුන්දර ස්ථානයක් වන අතර ඒ වෙනුවෙන් සැන්දෑ කාලයේදී පැමිනෙන සංචාරකයන් සිය ගනාන් දැකිය හැකි වන්වා

ගාලු කොටුවේ පැරණි වීදි වල ඇති අවන්හල් වල ආහාර රස විඳීම

ගාලු කොටුවේ පැරණි වීදි වල ආපන ශාලා විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර එය සංචාරකයන්ගේ ආකර්ශණයකට යොමු වෙලා තිබෙනව

ගාලු කොටුව යනු අඉතිහාසික සිහිවටනයක් නොවන අතර , එය මේ මොහොත වන විටත් දහස් ගනනක් දෙනා ජීවත් වන සජීවී මුහුදුබඩ නගරකි . මෙහි සුන්දරත්වය හා විවිධත්වය රස විඳින ගමන් එහි අතීත උරුමය රැක ගැනීම අපගේ වගකීමක් වනවා

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles