spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ආඳාවල ඇල්ල

ශ්‍රී ලංකාව දිය ඇලි පාරාදීසයක් වන අතර විවිධාකාර හා විවිධ ප්‍රමාණ වලින් යුතු දිය ඇලි අති විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙනවා .මෙහි නුවර එලිය දිත්‍රික්කයේ ඇකිරිය ප්‍රදේශයේ පිහිටා ඇති ආඳාවල ඇල්ල වර්ශා කාලයේදී හොඳින් සක්‍රීය වන දිය ඇල්ලකි . ඉතා උස දිය ඇල්ලක් වන මෙය තට්ටු කිහිපයකින් ඇද හැලේ .

ආඳාවල ඇල්ලට ජීවය සපයන ජල පහර මහවැලි ගඟේ කුඩා අතු ගංගාවකි , මෙහි පෝශක ප්‍රදේශය කෙත් වතු රාශියක් මැදින් ඇදී එන අතර මෙය වියලි කාලයේදී බොහෝ දුරට සිඳි යනු ලබයි .

මෙහි උස මීටර 80කට වඩා වැඩි වන අතර තට්ටු කිහිපයකින් ඇද හැලේ . ලියන්වල බෲක්සයිඩ් පාරෙ ආන්දාවල ග්‍රාමණිලදාරී කාර්යාලය අසල දිය ඇල්ල පිහිටා ඇත . මෙහි පාරෙන් දිය ඇල්ල කණ්ඩනය වන අතර . පාරෙන් උඩින් හා පහලින් කොටස් වශ්ස්යෙන් දිය ඇල්ල කඩා හැලේ . වර්ශාව ඇති කාලයේ දිය ඇල්ල ඉතා සක්‍රීය වන අතර ඒ කාලයේදී මෙය ඉතාම විශාල හා සුන්දර දිය ඇල්ලක් විදිහට බලාගනන් පුලුවන් .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles