spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

මහනුවර උඩවත්ත කැලේ

මහනුවර නගරයට ආසන්නයේම ශ්‍රී දළඳා මාලිගාවට පිටුපසින් පිහිටා තිබෙන වනාන්තරය පිලිඅබඳව ඔබට සමහර විට කුතුහලයක් තිබෙන්නට ඇති . අද ඔබට විස්තර රැගෙන එන්නේ ඒ වනාන්තරය පිලිබඳවයි , එය නමින් උඩවත්ත කැලේ ,

හෙක්ටයාර 104ක විශාලත්වයකින් යුතු මෙහි ඉතිහාසය අනුරාධපුර රජ සමය දක්වාම විහිද යන අතර . ඉන් පසුව මෙය වඩාත්ම කියවෙන්නෙ මහනුවර රජ සමයේදීයි .

උඩවත්ත කැලේ ඉතිහාසය

උඩවත්ත කැලේ ඉතිහාසය ගජබා රජ සමය දක්වා විහිද යන අතර ක්‍රි ව 114-134 කාලයේදී රජකම් කල ගජබා රජ සමයේදී මෙහි ගමක් ඇති කර තිබූ බවට පැවසෙන අතර ඉන් පසුව කුරුනාගල රජ කල පණ්ඩිත පරාක්‍රමබාහු හා සේනා සම්මත විකරමබාහු රජු විසින්ද මෙහි ජනාවාසකරනය කොට ඇති අතර ,

සේනාසම්මත වික්‍රමබාහු රජතුමා විසින් මෙහි තම රාජධානිය පිහිටුවාගෙන තිබෙනවා . මෙහි මහනුවර හැඳින්වීමට යොදන තව්ටහ් නමක් වන සෙන්කඩගල නුවර යන්නට නම් වැටීමට හේතුවක් ලෙස සැලකෙන සෙන්කඩ බමුණා විසූ ගල් ලෙනද පවතින අතර එය මේ වන විට පාශාණ කඩා වැටී විනාශ වී තිබේන්වා .

උඩවත්ත කැලේ පාරිසරික සංචාරයකට ඉතාමත් සුදුසු වන අතර මෙහි මනාව පැහැදිලි පලලට මාර්ග පහසුකම් සපයා තිබෙනවා . අවශ්ය නම් පාපැදියෙන්ද ඔබට මෙහි සැරි සැරීමට හැකියාව තිබ්ව්නවා

මීලඟට අපි බලමු මෙහි වඩාත්ම සංචාරක ආක්‍රශනය ලැබී තිබෙන දේවල් ගැන

මේවර දකිමු ශ්‍රී අංකා සඳහා සත්කාරකත්වය දරන්නේ විශන් කෙයා මහනුවර ඛ්CC හි ශාකාවයි ලොව සුපතල සන්නාම හා උසස්ම තත්වයේ කණ්නාඩි හා අවු කණ්නාඩි විශන් කෙයා මහනුවර ශාකාවෙනුත් ඔබට ලබාගන්න පුලුවන් , නැවත අපි යොමුවෙමු ඛ්CCට පෙනෙන දුරින් පිහිටල තියෙන උඩවත්ත කැලේ රාජකීය වන උද්‍යානයට

මෙහි ප්‍රධාන සංචාරහ ආකර්ශණ කිහිපයක්ම තිබෙනවා ,

රාජකීය ජල පොකුන

නූතන උද්‍යාන පිවිසුමේදීම මෙම පොකුන දැකගත හැකි අතර මෙය අතීත ජනකතා රාශියක මූලාශ්‍රය වී තිබෙනවා . ගස් වැල් වලින් වටවී තිබෙන මෙහි අතීතයේ රාජකීයන් ජල ස්නානය කරන ලද බව සැලකෙනවා . මෙම ස්ථානයෙන් පටන් ගන්නා උමගක් පුරාන රජ මාලිගාව කරා විහිදී තිබූ බවද කියවෙනවා .

නුවර වීව් පොයින්ට් එක

මහනුවර නගරය දිස් වන බැලුම් ස්ථානයක් මෙහි පිහිටා ඇති අතර . මෙහිදී ඔබට නගරය දිස් වන්නේ දළඳා මාලිගාවට් පිටුපසිනි

යෝධ පුස් වැල

මෙහි යෝධ පුස් වැල් පිහිටා ඇති අතර ඒවා අක්කර ගනනාවක් පුරා කිලෝමීටර ගනනාවක් දිගට වැවී තිබෙනවා .

ආරාම හා ගල් ගුහා

මෙහි ආරාම හා ගල් ගුහා පිහිටා ඇති අතර මේවායේ සමහර කාලවලදී ආරණ්‍ය වාසී භික්ශූන් වාසය කිරීම දැනටත් සිදු වනවා

මෙය මේ වන විට රජයේ ගැස්ට් පත්‍රයක් මඟින් රක්ශිතයක් බවට පත් කොට ඇති අතර එහි බාරකාරීත්වය හා සංරක්ශන කටයුතු වන සන්‍රක්ශන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන්ය් ලබනවා

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles