spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

දුම්බර සීමාවේ සුන්දර නවාතැන – ආරුණ්‍යා නේචර් රිසෝට්

සුන්දර දුම්බර කඳුවැටිය දෙස නුවර සීමාවේ ඉඳන් බලාගෙන ප්‍රබෝදමත්ව දවස පටන් ගන්නා ආරුණ්‍යා නේචර් රිසෝට්   (Aarunya Nature Resort)

ශ්‍රී ලංකාව යනු සරු සාර කෙත්වතු වලින් පිරි සොබාදහමේ විශ්මිත නිර්මාණයකි. මීට අමතරව මේ රටේ ඉන්නා මිනිසුන් වගේම රටේ භූ විශමතාවයත් ගොඩක් මෙම රට ලස්සන වීමට හේතු සාධකයකි.මධ්‍යම කඳුකරයේ හරිත කඳුගැටයක පිහිටා තිබෙන ආරුණ්‍යා නිවාඩු නිකේතනය ලංකාවේ ලස්සන තවත් වැඩි කරන එක නවාතැනකි .ඒ වගේම,මෙය ලංකාවේ නම ලෝකයේ ප්‍රසිද්ධ හෝටල් අතරට ගෙනයෑමට මැදිහත් වුන තැනක් ,තවද  කිහිප වතාවක්ම අන්තර්ජාතික තරඟ වලින් ජයග්‍රහණයන්  හිමි කරගැනීමට සමත්ව ඇත.

මෙය පිහිටා තිබෙන්නේ  අලවතුගොඩ නගරයේ  සුන්දර වූ  කඳු බෑවුමක් අතරමැද ය

හරිත ගහ කොල මැද තියෙන්නේ

කන්ද උඩරට (මහනුවර) සිට  ආසන්න වශයෙන් විනාඩි හතලියක වගේ කාලෙකින් ආරුණ්‍යා නිවාඩු නිකේතනය වෙත ලඟා වීමට හැකිවනු ඇත ,මහනුවර නගරයේ නම ඇසු සැණින් බොහෝ දෙනෙක් දන්නා හදුනන ලෝක උරුමයකට හිමිකම් කියන නගරයකි. එම නිසාවෙන් බොහෝ දෙනෙකුට සිහිවන්නේ  වෙන්නෙ කාර්‍යබහුල සෙංකඩගල නගරයයි. ඒත් මහනුවර නගරයෙන් තරමක් එහාට වන්නට ගත, සිත නිවෙන සොදුරු දසුනක් වන නක්ල්ස් කඳුවැටිය පිහිටා තිබෙන තැනකට යන්න තියෙනවානම් කොච්චර වටිනාකමක් ගමනට එකතු වෙයිද ? මේ වගේ අද්විතීය සොබාදහමේ දසුන් වලින් පිරිණු නකල්ස් කඳුවැටියට මුහුණලා තමයි මේ සුන්දර නවාතැන පිහිටා තිබෙන්නේ.

මධුසමය ගත කරන්නන් සඳහා හොඳම ස්ථානයක් 

ආරුණ්‍යා හි පිහිටීමත් සමග මධුසමය ගතකිරීමට කිරීමට පැමිණෙන්නන් හට මෙය කදිම ස්ථානයකි. තවද සෞම්‍ය දේශගුණයක් සමග සුන්දර මනස්කාන්ත දර්ශනයන් රැසකින් පිරිපුන් නවාතැනක් වීම මෙහි ඇති තවත් එක් විශේෂත්වයකි. තවද සීත මීදුම වළාවන්, සීත සුළං අතරින් පෙනෙන සුන්දර දුම්බර කඳුවැටිය ඔබේ මේ සුන්දර හැඟීම තවත් තීව්‍ර කරාවි.

අනන්ත තටාකය (Infinity Pool)

අනන්ත තටාකය (Infinity Pool ), මනරම් කඳු බෑවුමක පිහිටා තිබෙන නිසා, එහි සුන්දරත්වය දෙගුණ තෙගුණ කිරීමට සමත්ව ඇත. මෙහි එන සියලුදෙනාම මෙම තටාකය සමීපයේ  සිට සිහිවටනයක් ලෙස ඡායාරූපයක් ලබාගැනීමට අමතක නොකරයි.

කෑම බීම

ආරුණ්‍යා හි ආහාර පාන සපයන්නට වෙනම සේවක මඩුල්ලක් සිටින අතර, මනා පළපුරුද්දක් ඇති සුපවේදීන්  එයට ඇතුලත්වේ, දේශීය විදේශීය ආහාර ඔබට අවැසි විදිහට සකසා, සපයා දෙන්නට මේ සියලු දෙනා  සැදී පැහැදී සිටි.

ආගන්තුක සත්කාරය

ආගන්තුක සත්කාරය කියන්නෙ ශ්‍රී ලංකාවේ සියලුදෙනාගේම ආත්මයටම කා වැදී ඇති දෙයකි. ආරුණ්‍යා, මේ සම්බන්ධයෙන් තවත් ඉදිරියට ගොස් දේශීය හුරුපුරුදු කමින්, අන්තර්ජාතික ප්‍රමිතියකට හැඩගැසුන සේවක මඩුල්ලක් සමග තමන්ගේ හදවතින්ම, තමන්ගේ රාජකාරිය ඉටු කිරීමට සැදී පැහැදී ඇත. .

අවසාන වශයෙන් ආරුණ්‍යා නේචර් රිසෝට් ගැන කියනවා නම්, සුන්දර නිවාඩුවක් ගත කරන්නට ගත සිත නිවාගෙන කලබරකාරී ජීවිතයෙන් මිදි නිදහසේ දවස් කිහිපයක් ගත කිරීමට මෙය හොඳම තැනකි.

Property Name: Aarunya Nature Resort | Kandy, Sri Lanka

Address: 100 Malgamandeniya Road, Aluwatugoda, Kandy, Sri Lanka.

Email: reservations@aarunyaresort.com

Website: www.aarunyaresort.com

Facebook: https://www.facebook.com/aarunyaresort

Instagram: www.instagram.com/aarunyaresort (@aarunyaresort)

Phone: +94 663 127 040  |  +94 777 297 861

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles