spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

හරි විදිහට trip එකක් plan කරගමු

වර්තමානයේ අන් රටවල මෙන්ම අප රටේද Travel ඒම නැතිනම් සංචාරය බොහො
දෙනෙක් ප්‍රිය කරන විෂයක්…ඉස්සර නම් නඩයක් පිටින් වන්දනාගමන් යැයි පරණ බස්
කට්ටක,පොල්මලක් ගසාගෙන අටමස්ථාන වන්දනා කල අතීතය දැන් වෙනස් වී එය
බොහො වෙනස් මුහුනුවර අරන් හමාරය…..
බොහො දෙනෙක් Travel ,Trip ,Hiking ,camping කියා විවිධාකාර ලෙස බෙදා එය සිදු කරයී……

මෙසේ කවර ආකාරයේ සංචාරයක් වූවත් පලමුව ඔබට තිබිය යුතු අනිවාර්ය දෙයක්
පවති…
ඒ කුමක්ද
ඒනම් සංචාරක සැලසුම

සංචාරක සැලසුමක් යනු කුමක්ද ?

සංචාරක සැලසුමක් යනු සංචාරකයා විසින් තම මනසේ හෝ ලිඛිතව නිර්මාණය
කරගන්නා ගමන් කරන ස්ථානය,මාධ්‍ය ,පිරිවැය,සංචාරක ස්ථානයේ ලක්ෂණ,තොරතුරු
,හා සම්බන්දතා මොනවාදැයි එකතු කොට සකස් කරගන්නා ලියවිල්ලක් හෝ
මගපෙන්වීමක් සංචාරක සැලසුමක් යැයි සරලව කියමු………..

මා මෙහිදි දක්වන්නේ අප රට තුල සංචාරය කිරිමට දේශිය සංචාරකයෙක් විසින් සකස්
කරගන්නා සැලසුමක මූලිකාංග පිලිබදවයි…….

*සංචාරයේ ස්වභාවය

සංචාරකයා මුලින්ම තමා හෝ පිරිස යාමට බලාපොරොත්තු වෙන්නේ කුමන ස්ථානයක්
දැයි මූලික අවබෝධයක් තිබිය යුතුය…..
උදාහරණ – කදු කරයේ සංචාරකයක්
වෙරළබඩ සංචාරයක්
වනජීවි ,වනගත සංචාරයක්

ඓතිහාසික ,පූජනිය සංචාරයක්

*සංචාරක ස්ථානය පිලිබදව අවබෝධය

සංචාරකයා විසින් තමන් යාමට තෝරාගත් ස්ථානය ,එහි ස්වභාවය,එහි වටිනාකම
,ඉතිහාසය පිලිබදව මුලික අවබෝධයක් තිබිය යුතුමයී

සංචාරකයෙක් දලදා මාලිගාව හා ඒ අවට ජූජනීය ස්ථාන හා පුරාණ වටිනාකමකින් යුතු
ස්ථානයන්හි සංචාරය කරන්නේ නම් එහි වු වටිනාකම ,ඉතිහාසය හා ජූජනීය ස්වභාවය
පිලිබදව අවබෝධයක් තිබිය යුතුමය….

*ගමන් මාර්ගය

සංචාරකයා විසින් ගමන් කිරිමට අදාල වූ ස්ථානයහී ගමන් මාර්ගය පිලිබදව ,මාර්ග
තත්ත්වය පිලිබදව අවබෝධයක් තිබිය යුතුමයී..
උදාහරණ – සංචාරකයෙක් කොලඔ සිට ඇල්ල හා වැල්ලවාය සංචාරක ඉසව් කෙරේ
යන්නේ නම් අදාල සංචාරක ස්ථාන ඇති ඉසව් හා ප්‍රවේශ මාර්ග කුමක්දැයි දැන සිටිම

*ගමන් මාධ්‍යය

සංචාරකයා විසින් එකි සංචාරක ස්ථාන කෙරේ ප්‍රවේශ විමට යොදාගන්නා ගමන් මාධ්‍ය
කුමක්දැයි අවබොධයෙන් කටයුතු කල යුතුමය….

උදාහරණ – සංචාරකයෙක් කොලඔ සිට ඇල්ල දක්වා දුම්රියෙන් ඇල්ලට පැමින,,ඇල්ල
රොක්,පුංචි ශ්‍රි පාදය වෙත පා ගමණින් ගොස් රාවණා ඇල්ල වෙත යාමට ස්කුටර් බයික්
එකක් යොදාගැනිම

  • පිරිවැය

සංචාරකයෙක් සංචාරය සැලසුම් කිරිමෙදි මුලිකව සැලසුම් කල යුත්තකී…..තමාගේ
ආදායමට මෙකි සංචාරක වියදම දරන්නට හැකිද යන්න පලමුව අවබෝධ කර ගත
යුතුමයී

උදාහරණ – සංචාරකයෙක් දින 5ක සංචාරකයක් දෙදිනක් මහනුවර හා නුවරඑළිය
තෙදිනක් සාමන්‍ය හොටලයක නැවතමින් අදාල සංචාරක ඉසව් කෙරේ ගමන් කිරිමට
තමා සතුව ඇති රැ 35000ක මුදල සරිලන ලෙස සැකසුම් කිරිම

  • ගමන් කරන පිරිස

මෙහිදි සංචාරක ධාරිතාව හා ඔවුන්ගේ රැචි අරුචිකම් හා සංචාරක අවබෝධයන්
පිලිබදව සොයා බැලිය යුතුය….සමහරක් සංචාරක ඉසව් වලට ඇතුලු වීමට උපරිම
ධාරිතාවක් ඇත…එමෙන්ම සංචාරකයන්ගේ විනය පිලිබදවත් විශ්වාසයක් තිබිය යුතුය..

උදාහරණ – 10 දෙනෙකුගේ පිරිසක් නුවර එලිය හා බණ්ඩාරවෙල විනොද ගමනක්‍
යාමෙදි,ඔවුන්ගේ රුචි අරුචිකම් පිලිබදවත්
කදු නැගිමක සංචාරයක් නම් ඔවුනගේ ශාරීරික යෝග්‍යතාව හා අවධානම් දරාගැනිම
පිලිබදව සලකා බැලිය යුතුය……

  • දේශගුණික හා කාළගුණ ලක්ෂණ
    ගමන් කිරිමට අපෙක්ෂා කරන සංචාරක ඉසව් වල දේශගුණික හා කාලගුණය පිලිබදව
    මූලිකව සොයා බැලිය යුතුමයී……..සමහරක් සංචාරක ඉසව් කෙරේ යාමට නම් කාලගුණ
    ,දේශගුණික තත්ත්වයන් සලකා බැලිය යුතුය…..

උදාහරණ – නකල්ස් කදු කරයේ චාරිකාවක් යාමට අදහස් කරන්නේ නම් ඒ අවට
වර්ශාපතනය ,සුලග වැනි ලක්ෂණ කෙරෙ අනිවාර්යයෙන් අවබෝධයක් තිබිය
යුතුමයී……..

  • නවාතැන් පහසුකම්

දින කිහිපයක් සංචාරය කරන්නේ නම්,,සංචාරක ඉසව් වලට ආසන්න නවාතැන්
පහසුකම් තෝරාගන්න……නවතැන් හි සුරක්ශිතබව,පිරිවැය,,පහසුකම්,,පිලිබදව
අවබෝධයක් තිබිය යුතුමයි

උදාහරණ – සංචාරකයෙක් නුවරඑළිය හා බන්ඩාරවෙල සංචාරය කිරිමෙදි ඒ අවට
සාමාන්‍ය පහසුකම් ඇති,,තමාට දැරිය හැකි පිරිවැයක් සහිත රුචි ස්ථානයක් තීරණය
කිරිම

සංචාරක සැලසුමකට අදාල තවත් කරුනු කෙටියෙන් දක්වන්නේ නම්

  • හැකිතාක් සංචාරක ස්ථාන පිලිබදව තොරතුරු සොයන්න ,,එවා කියවන්න
    * ඔබට දරන්නට හැකි වියදමක් සහිත සංචාරයක් සැලසුම් කරගන්න
    * නිතරම ලාබදායි,පහසු මාධ්‍ය තෝරාගන්න
    * හැකිතාක් පහසු මාර්ග වල යන්න
    * ගමන් පිරිසගේ රැචි අරුචිකම් පිලිබදව අවබෝධයක් ගන්න
  • කාලගුණ ,දේසගුනය පිලිබදව කල්තියා වර්තා සොයා ගන්න
  • වනගත සංචාර යන්නෙ නම් ආරක්ෂක උපාංග,ඇදුම් අදින්න,,,,මාර්ගස්ථ සිතියම්
    යොදාගන්න
    *ඔබගේ පුද්ගලික උපාංග කල් තියා සූදානම් කරගන්න
    *ඔබගේ වගකිම් දරන පුදගලයෙක් හෝ විශ්වාසවන්තයෙක්‍ට ඔබගේ සංචාරය ගැන
    පවසන්න
  • හැකිතාක් වැදගත් තොරතුරු ,දුරකථන අංක තබා ගන්න

තිවංක රත්නසේකර

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles