spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

නිතර travel කරන trip පිස්සො ටික බලන්නම ඕන film ටිකක්

වර්තමානයේ බොහෝ දෙනා අතර Traveling කියන දේ ගොඩාක් ප්‍රසිද්ධ විනොධාංශයක්,,,,කඳු නගින්න ,,බයිසිකල් සවාරියක් යන්න ,,,දියඇලි බලන්න යන්න වගේ එවා මේකට ඇතුලත් වෙනවා ,,මේ ලිපියෙන් මම කියන්නේ දැනට ලෝකේ හදපු චිත්‍රපටි කර්මාන්තයේ තියෙන හොදම Travaling චිත්‍රපටි 10ක් ගැන

Into the wild
This is a poster for Into the Wild. The poster art copyright is believed to belong to the distributor of the film, Paramount Vantage, the publisher of the film or the graphic artist.

IMDB දර්ශකයේ 8.1 තරම් ඉහල අගයක් ගත්ත චිත්‍රපටයක් ලෙස Into the wild හදුන්වන්න පුළුවන් ,,මෙය Traveling චිත්‍රපටි අතර පලමු ස්ථානය ගන්න සමත් වුනු එකක් ,,,,2007 තිරගත වූ මෙයට පාදක වන්නේ Christoper Mc Candeles නම් ඇමරිකානු තරුණ සංචරයකයාගේ ජිවන කතාවයි ,,,,West Verginia හි පොහොසත් පවුලක උපාධිදරියෙක් වන Chris ඒ සියල්ල අත්හැර Alaska වෙත සංචරය කරයි ,,එහිදී ඔහුට විදින්නට වන අත්දැකීම් ,,ඔහුට මුණගැසෙන අය,,,,පරිසරය හා හුදෙකලාව ගෙවෙන ජීවිතය මෙහි අපුරුවට වර්ණනා කරනවා …….පැය 1 යි විනාඩි 48ක  කාලසීමාවක් තුල මේ චිත්‍රපටය තවමත් බොහෝ දෙනෙකු ආදරය කරන චිත්‍රපටයක් .

The Motorcycle Diaries

ලොව බිහිවූ කඩවසම් තරුණ විප්ලවවාදියා වුනු අර්නස්ටෝ චේ ගුවේරා හෙවත් චේගේ තරුණ වියේ ඔහුගේ ජිවිත කතාව තුලින් බිහිවූ තවත් අපුරු චිරපටියකි මේ ,,,,,තරුණ චේ ගුවේරා වයස 23දි ඔහුගේ තවත් මිතුරෙකු වූ  ඇල්බර්ටෝ ග්‍රන්ඩේ සමග laa padaresa නම් යතුරු පැදියේ නැගී කිලෝමොටර් 14,000ක් දකුණු ඇමරිකාවේ අර්ජෙන්ටිනාවේ සිට ,,,චිලි ,පේරු ,කොලොම්බියා හා වෙනිසියුලාව වෙත කල සංචරය මේ චිත්‍රපටයේ තේමාව වෙනවා ,,එහිදී ඔවුන් ලබන අත්දැකීම් ,,මුණගැසෙන මිනිසුන් හා සමාජ තත්වයන් හා  දුස්ක්රතා මේ චිත්රපටයේ අපුරුවට දැක්වෙනවා ,,,IMDB දර්ශකයේ 7.8 මට්ටමක් ලබා ගත මේ චිත්‍රපටය ස්පාඤ්ඤ භාෂාවෙන් කරන ලද්දකි .

Wild

ඇමරිකානු දික්කසාද වූ තරුණියක් වන cheryl staryed ඇයගේ ජිවිතේ වන  ප්‍රශ්න සියල්ල අමතක කොට ඇමරිකාවේ pacific crest trail හි කිලෝමීටර් 1100ක තනිවම සංචාරය කරයි ,,එහිදී ඇයට මි=මුහුණදීමට වන  අනතුරු ,,දුස්කර්තා ,ඇයගේ ජිවිතේ කඩා වැටීම් හා ඒවාට ගන්න විසදුම් මේ චිත්‍රපටිය පුරා දිවෙනවා ,,,පැය 2ක ධාවන කාලයක් ඇති මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 7.10ක් තරම් අගයක් ලබාගෙන තියෙනවා …

127 Hours

සංචාරක ක්‍රියාදාම චිත්‍රපටියක් වූ මෙය Aron Ralston නම් ඇමරිකානු තරුණ සංචාරක ඉංජිනේරුවරයෙකු ගේ සත්‍ය ජිවන කතාව වෙනවා ,,ක්‍රියාදාම කඳුනගින්නෙක් වන Aron utah හි කැනියොන් නිමනයේ කඳු තරණය කිරිමේදී වන හදිසි අනපෙස්ක්ෂිත අනතුරක් නිසා ඔහුව පහලට වැටි ඔහුගේ දකුණු අත ගල්පොත්තක සිරවෙන්වා ,,එහිදී එයින් ගැලවීමට ඔහුට දින කිහිපයක්ම හිරවී සිටින්නට් වෙනවා ,,,,,,බොක්ස් ඔෆිස් වාර්තා තබන ලද චිත්‍රපටියක් වන මෙය IMDB දර්ශකයේ 7.5 ක් ලබා ගත පැය 1 මිනිත්තු 35ක් පුරා දිවෙන අපුරු චිත්‍රපටියක් වෙනවා ,,

Euro Trip

කවුද ආස නැත්තේ යුරෝපයේ සංචාරය කරන්න ,,යුරෝපයේ තියන රටවල් කිහිපයකට එකවර සංචාරය කරන්න ඇතිනම් ,එය කොම වෙයිද ,,ඇමරිකානු ප්‍රහසන චිචිත්‍රපටයක් වන මෙය 2004දි තිරගත වූ එකකි ,මෙහි කතා නායක වන scott නම් උසස් පාසල් සිසුවෙක් MIka නම් ජර්මානු තරුණියක සොයා ඔහුගේ අතිජාත මිතුරා වූ copper සමග ජර්මනිය බලා යාම මෙහි තේමාව වෙනවා ,එහිදී ඔවුන් යන රටවල් ,ඔවුන්ට හමුවෙන ඔවුන්ගේ පාසලේ නිවුන් සහෝදරිය හා සහෝදරයා ඔවුන් සමග යුරෝපය පුරා සංචාරය කිරීම හා අවසානයේ mika සොයා ඔහු කරන්නාවූ අපුරු වැඩ මෙහි සදහන් වෙනවා ,විනෝදයට මෙන්ම සංචාරයට කැමති ඔබට මෙය ගැලපෙනම චිත්‍රපටියක් .
* මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයකි

The Darjeeling Limited

ඇමරිකානු ප්‍රහසන සංචාරක චිත්‍රපටයක් වන මෙහි කතා තේමාව වන්නේ පියාගේ මරණයෙන් පසු ඔහුගේ අවසන් කැමැත්ත ඉටුකිරීම සදහා පුතුන් තිදෙනෙකු ඉන්දියාවේ දුර ඈත දුම්රියක සංචාරය කිරීමයි …,,එහිදී දුම්රිය ගමන අතරතුරදී ඔවුනට මුහුණපාන්නට වන විවිධ අත්දැකීම් හා අකරතැබ්බත් එයින් මිදී යන ආකාරයත් අපුරුවට  පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවයනවා ,,,මේ චිත්‍රපටිය IMDB 7.2 තරම් අගයක් ලබා ගත බොක්ස් ඔෆිස් තබන ලද චිත්‍රපටයක් වෙනවා .

The way Back

රැසියාවේ දී දෙවන ලෝක යුධයෙන් පසුව අල්ලා ගැනෙන ඔස්ට්‍රියානු යුධ හමුදා නිලධාරියෙකුව දුර ඇත සයිබීරියාව හිර කඳවුරකට පිටුවහල් කරයි ,,,එහිදී ඔහු තවත් සිරකරුවන් කිහිපදෙනෙකු සමග හිරෙන් පැන කිලෝමීටර් 7000ක දුරක් සයිබ්රියාවේ සිට ඉන්දියාවට පලා එයි ,,මාස කිහිපයක් ගතවන ඒ ගමනේදී ඔවුන්ගේ කණ්ඩායමට විදින්නට වන අතිමහත් දුෂ්කාරතා ,,සාමජිකයින් සම්හරෙකු මියයාම ,,,,මෙන්ම ඔවුන්ගේ අවසාන ඉරනම හොරා දෙකකට වැඩි කාලයක් ඔස්සේ දිවයයි ,,2010 වසරේ නිම වූ මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිම වුවකි ,,බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ මෙය IMDBදර්ශකයේ  7.5 තරමක් ලබා ගෙන තියෙනවා  .

The Climbers

බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ මෙය චීනයේ නිෂ්පාදිත කඳු නැගිමෙහි වූ ක්‍රියාදාම චිත්‍රපටියකි ,,,මෙහි කතා තේමාව නම් ලෝකයේ උසම කන්ද වම්පස සිමාවේ සිට ගොස් එහි මුදුනත තරණය කල චීන ජාතිකයන් සිව් දෙනෙකු වටාය , එහිදී ඔවුන් එය සිදු කලද එය වාර්තා පොත් වල සටහන් නොවීම නිසා එය පිළිගැනීමට බොහෝ පිරිසක් මැලිවීම නිසා ඔවුන් පිරිස නැවත වරක් තරුණ කඳු නන්ගින්නන් පිරිසක් හොදින් පුහුණු කොට අවසානයේ නැවතත් වම්පසින් එවරස්ට් කන්ද තරණය කොට වාර්තාවක් පිහිටුවයි , චීන භාෂාවෙන් නිපදවා ඇති මෙය හොරා 2කට ආසන්න කාලයක් දිවෙන අපුරු චිත්‍රපටියකි ….

Zindagi Na Malegi Dabara

සුපිරි බොලිවුඩ් නළු රිතික් රොෂාන් සහ කත්රිනා කයිෆ් රංගනයෙන් දායක වූ බොක්ස් ඔෆිස් වාර්තා බිද හෙලන ලද 2011 වසරේ තිරගත වූ අපුරු හින්දි ආදරණිය Traveling චිත්‍රපටියකි මෙය ,,,,,හොදම මිතුරන් තිදෙනකු වූ Arjun ,farhan සහ Abhay යන තිදෙනා තම ජිවිතේ වූ දුක් බාධා ,පර්ශ්නකාරි ජිවිතයෙන් ඇතිවීම සදහා ස්පාඤ්ඤයේ සංචාරය කරයි ,,එහිදී ඔවුන්ට මුණගැසෙන laila නම් ඉන්දියානු සංචාරක මගපෙන්වන්නිය නිසා ඔවුන්ගේ ජිවිත තුල සිදුවන අපුරු වෙනස් වීම හා ස්පාඤ්ඤදී ඔවුන් ගතකරන අපුරු කාලසීමාව මේ චිත්‍රපටියේ අපුරු ලෙස පෙන්වයි …මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 8.1 තරම් අගයක්  ලබාගෙන තියෙනවා …

A Walk in the Woods

ඇමරිකානු කඳු තරණය පිලිබදව චිත්‍රපටයක් වූ මෙහි ප්‍රධාන කතානායකයා වන විශ්‍රාම ලද මාධ්‍යවේදියකු වන Bil Bryson එංගලන්තයේ බොහෝ කල් වාසය කොට නැවත ඇමරිකාවට පැමිනෙයි ,,,තරුණ වියේදී  හොද සංචාරකයෙකු වූ ඔහු නැවත වතාවක් ඇමරිකාවේ pacific crest trail හි කඳු තරණයට යාමට සුදානම් වෙනවා ,,ඔහුත් සමග ඔහුගේ තරුණ වියේ හොදම මිතුරෙකු වූ kats ද සහභාගී වෙනවා ,,,එහි කඳු තරණයට යන ඔවුන් දෙදෙනා මෙහි කදු තරණයට පැමනෙන අනෙකුත් තරුණ කඳු නගින්නන් හා ගැටෙමින් උරෙන් උර කන්නාවූ සංචාරයන් ,,ඔවුන්ගේ අත්දැකීම් අපුරු ලෙස මෙම චිත්‍රපටය තුල දිවයනවා …

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles