spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

කෑම්පින් කරන කෙනෙක්ට පහසුවෙන් සකසා ගන්න පුලුවන් ආහාර

වර්තමානය බොහො දෙනෙක්ගේ විනොදාංශයක් ලෙස traveling හා camping කිරිම දක්වන්නට පුලුවන්…එය ඉතා විනොදය සපිරි ජිවිතේ එක් වතාවක් හෝ ගතයුතු අත්දැකීමකි..එහිදි ආහාර පිසිම ඉතා වැදගත් අංගයකි….මාගේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ එහිදි සකස් කිරිමට පහසු සැහල්ලු ආහාරන්‍ ය..

විශේෂයෙන් සදහන් කරනවා නම් මෙහිදි  camping හිදි ආහාර වර්ග බොහො ඇතත් එවා විදේශීයන්  භාවිතා කරන ආහාර වන අතර එවා ලංකාවෙදි මිලදි ගැනිමට තරමක් අපහසු මෙන්ම මිල ගණන් වලින්ද ඉහලය…මා මේ ලිපියෙන් දක්වන්නේ ශ්‍රී ලාංකික සංචාරකයන්ට පහසුවෙන් මිලදි ගත හැකි හා පිලියෙල කර හැකි ආහාර වේ….

ක්ෂණික  නුඩ්ලස්

කැම්පින් සමග  නුඩ්ලස් ගහට පොත්ත සේ ඉතා සමිපව බැදි ඇත..බොහො දෙනෙකු කැම්පින් වලට සකසා ගන්නේ නුඩ්ලස් ය…..බොහො විට prima kottu mee හා meggi නූඩ්ල්ස් ය…එවා සකසා ගැනිමට ගතවන්නේ විනාඩි 5 වැනි කෙටි කාලයකි…..ඉතින් ක්ෂණික නූඩ්ලස් කැම්පින් සදහා බොහො සුදුසුම ආහාරයක් වන්නේ එබැවිනි…

කලින් පිසු බත්

කැම්පින් වලදි බත් සකසා ගැනිම  දුෂ්කර මෙන්ම කාලය  අපතේ යන ක්‍රියාවකි….බොහො දෙනෙකු බත් කෑමම ප්‍රිය කරන නිසා එයට අවැසි නම් කලින් පිසින ලද බත් පැකට් ගෙන කෙටි කාලයකින් රත්කොට සකසා ගත හැකිය..සකස් කිරිමට කෙටි කාලයක් ගතවන මෙහිදි පැක්ට්ටුව කඩා බත් බදුනට දමා රත්කර ගත හැකිය…බොහො විට එහිම බත් සමග කැරට් හා තවත් එලවලු කිහිපයක් හා වියලි  මස් හෝ සොසෙජස් ම්‍රිශ්‍ර කොට ඇත…මෙවා සුපිරි වෙලදසැල් වලින් මිලදි ගත හැකිය..

පාන්

බොහො ලෙහෙසි ආහරයකි පාන්..එ නිසාම බොහො දෙනෙකු එය යොදාගනි…පාන් සැහැල්ලු ආහරයකි..පාන් සමග අවශ්‍ය නම්  ජැම් .බටර් හෝ චිලිපේස්ට් තවරා ආහරයට ගතහැකිය….අවශ්‍ය නම්  කැම්පින් අතරතුරදි පාන් කන අතරේ තේ හෝ කෝපී කොප්පයක රස බැලිමත් අපුරු අත්දැකීමකි..

සුප්

කැම්පින් වලදි සකසා ගැනිමට සුදුසු මෙන්ම සරල ආහරයකි සුප්… සකසා ගැනිමට ඉතා පහසු සුප් විවිධ රසවලින් යුතු සුප් කොප්පයක් ඔබගෙ කැම්පින් සමග ගෙවෙන රැයට අපුරු අත්දැකීම් එක් කරන්න්ට පුලුවන්….

මෑකරොනි…..

මැකරොනිද කැම්පින් සදහා ගැලපෙන නුඩ්ලස් හා සමාන ආහාරයක් වුවත් එය සකසා ගැනිමට ගතවන කාලය තරමක් වැඩි අතර වෙහෙසවන කටයුත්තකි…කෙසෙ වුවත් අවැසි නම් චීස් ටිකක් සමග මිශ්‍ර කොට රසවත් මැකරෝනි වේලක් සදාගන්නෙ නම් ඔබගේ කැම්පින් රැයට අපුරු රසවත් බවක් එක් කරන්නට පුලුවන් …

බඩ ඉරිගු සහ කඩල

විශේෂයෙන් කැම්පින් වලදි උදැසන ආහාරයට  සුදුසුම ආහාර දෙකක් වන නමුත් සකසා ගැනිමට තරමක වැඩි වෙලාවක් ගතවන අතර තරමක් වෙහෙසකර කටයුත්තක් වෙනවා..කෙසෙ වුවත් ශක්තිමත් සමබර ආහාරයක් ලෙසත් ඉතා ගැලපෙන උදෑසන කෑම්පින් සදහා ගැලපෙනම ආහාරයකි…..

කිරි සමග චොකෝ මොල්

දේශිය සංචාරකයන්ට නම් තරමක් නුහුරු වූවත් කැම්පින් වලදි උදෑසන ආහාරයට ගැලපෙනම පහසු ආහාරයකි…..උදෑසන කිරි සමග  චොකෝමෝල් කොතරම් රසවත් ආහාරයක් වේද ඉතින්…..

මේ ආහාර සමග බොහො විට තේ කෝප්පයක් සහ කෝපි කොප්පයක් ද යොදා ගන්නවා නම් එය බොහොවිට ඉතා සමබර කැම්පින් ආහාර වෙලක් වෙවී…..

විශේෂ සටහනක් මගින් දේශිය අප භාවිතා නොකරන නමුත් අන්තර්ජාතික ,විදේශීය සංචාරකයන් භාවිතා කරන ආහාර කිහිපයකුත් පහතින් දක්වන්නම්…

Easy Backpacking Meal Recipes

Chili Mac and Cheese. Dried Beans + Instant Macaroni + Cheddar Cheese + Chili Powder. …

Jerky Noodles. Rice Noodles + Beef Jerky + Peanut Butter. …

Mediterranean Couscous. Couscous + Parmesan Cheese + Pesto Mix + Olives. …

Trail Mix Butter. …

Cereal. …

Salmon Bagel. …

Oatmeal. …

Nutella Wrap.

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles