spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

ඇල්ලට පස්සෙ ඌවේ ජනප්‍රියම කඳු තරණය – නාරංගල

වර්තමානයේ බොහොදෙනෙකු අතර ජනප්‍රිය විනොදාංශයක් තමා කදු නැගිම  හෙවත් Hiking ..ඒ සදහා ලංකාවේ සුදුසු කදු කිහිපයක්ම තියනවා,,කන්ද තරණය කරලා පහසුවෙන්  එහි රෑ කදවුරු බැද නවතින්න …ඒ වගේම හරි අපුරු භූමි දර්ශන,,උදෑසන හිරු උදාව දකින්න පුලුවන් ලස්සනම කන්දක් ගැනයි මේ සටහන…මේ ඌව පලාතේ දෙවැනි ජනප්‍රියම කන්ද වන නාරංගල කන්ද..

නාරංගල කන්ද

Picture By Nalinda Pathirana

උසින් මීටර් 1500 වන නාරංගල කන්ද ඌව පලාතේ දෙවැනියට උසම කන්ද කියල කාලයක් තිස්සේ සැලකීමට ලක් වුනත් , කියල කාලයක් තිස්සේ සැලකීමට ලක් වුනත් , ඇත්තටම මේ කන්දට වඩ උස කඳු කිහිපයක්ම ඌව පලාතේ පිහිටා තිබෙනවා ….ඉතා පහසුවෙන් තරණය කල හැකි නාරංගල කන්ද ඉතා පුලුල් දර්ශනිය බවකින් යුතු නිසා බොහො සංචාරකයන් මේ තැනට ඇදි එනවා …කන්ද ඉහල සිට පහල කොටස දක්වා එක යායට හරිත පැහැ ගන්නා තෘණ පිට්ටනියක් ලෙසයි නාරංගල නැගගත්තාම දකින්නට පුලුවන් වෙන්නේ..හිරු උදාව දැක ගන්නට සුදුසුම තැන් වන නාරංගල අවට ඇත්තේ පහත් බිම් නිසා මීදුම් වල්ලකින් යුතු වලාකුළු සහිත දර්ශනයක් දැකගන්නට පුලුවන් ….

නාරංගල ගමන් මාර්ගය /නාරංගල පිහිටා ඇත්තේ කොහෙද..

නාරංගල කන්ද කන්ද පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දේගෙදර හා කීනකැලේ කියන තේ වතු වගා වලින් සපිරුනු ගම්මාන දෙකක් අතරයි…කොලඔ සිට එන්නේ නම් බණ්ඩාරවෙල පසුකොට හාලිඇලට පැමින එතනින් කන්දේගෙදර ගමට හෝ එය පසුකොට අවසාන නැවතුම වන කීනකැලේ ගමට ගොස් එහි වූ තේ වතු මැදින් ඉහලට ඇති මාර්ගය ඔස්සේ ගමන් කල යුතුය..

කන්දේගෙදර ගමෙනුත් නාරංගල ට ප්‍රවේශ මාර්ගයත් තියන නමුත් කීනකැලේ මාර්ගය ඔස්සේ ගමන් කලොත් ඉතාමත් කෙටි වෙලාවකින් කදු  හැකිවෙනවා

Picture By Nalinda Pathirana

නාරංගල කන්ද මෙතරම් ප්‍රසිද්ධ  වුයේ ඇයි..එහි ඇති ලක්ෂන

කදු නගින සංචාරකයන් ඇති ආකාර්ශනයම නිසා වර්තමානයේ බොහො සංචාරකයන් එහි පැමිනෙනවා දැකගන්නට හැකිය…පහසුවෙන් තරණය කල හැකි වීමත්   ,,කදු මුදුනේ ඇති විශාල වු දර්ශනයත්,පුලුල් වූ ඉඩකඩත් නිසාත් ,,ඉතා පුලුල් අවට දර්ශනයක් දැකගත නිසා නාරංගල බොහො දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ…එක යායට වලාකුළු තීරයක් මෙන්ම මීදුම් සේලයක් දැකගන්න පුලුවන් නාරංගල කන්දේ සිට ඔබ වාසනාවන්ත නම් නැගෙනහිර අහසේ හිරු උදාවත් අපුරු ලෙස දැකගන්න හැකි වෙනවා..පුලුල් ඉමක් දක්වා දකිනට පුලුවන් නාරංගල සිට දුම්බර මිටියාවතේ නක්ලස් කදු වැටිය.අලුගල්කන්ද .පිදුරුතලාගල හා නමුනුකුල ඇතුලු කදු හා නිම්න බොහො  දැකගන්නට පුලුවන්…

Picture By Nalinda Pathirana

නාරංගල වර්තමාන තත්ත්වය

නාරංගල බොහො සංචාරක පැමිනිම නිසා අතිශිය ලෙස විනාශ විමට ලක් වි ඇති බව කණගාටුවෙන් වූවත් දැක්විය යුතුමයි….සමහර සති අන්තයන් හි නාරංගල කදු මුදුනේ සිටින පිරිස 100ක් ද ඉක්මවා තියෙනවා…නාරංගල කන්දෙ ජල මුලාශ්‍ නොමැති වීමත් නිසාත් බොහො පිරිස් ඒ අවට පහල වූ ගම්වල ජල මූලාශ්‍ර පවා අපවිත්‍ර කර ඇති බවක්ද වාර්තාවේ …සංචාරක ධාරිතාව පැමිනිම අධ්ක වන දවස් වල මෙහි උඩ තැනින් තැන කුනුගොඩවල් රැසක් ගොඩ ගසා නාරංගල විනාශ මුඛයට ඇද දමා ඇති බවත් දැක්විය යුතුමයි……

ඔබ නිවරදි හික්මීමකින් යුතු සංචාරකයෙක් නම් මේ වටිනා පරිසර පද්ධති ආරක්ෂා කරගෙන වගකීම් සහිත සංචාරකයන් ලෙස සංචාරය කරන්න..

සටහන- දොන් තිවංක

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles