spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

යුද්ධයේ සියලු අවි නිහඬ කල මුලතිව් ෆාරා වෙරළ

මුලතිව් පුදුමාතලන් කලපුවත් මුහුදත් අතර වඩ්ඩුවාකල් කලපුවට මීටර 300ක් පමණ උතුරට වන්නට මෙම වෙරළ තීරය පිහිටා තිබෙනවා .

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ඉතා වැදගත් ස්ථානයක් වන මෙය නොයෙක් දෙසින් පැමිනි ශ්‍රී ලංකාවෙ හමුදා සේනාන්ක හමු වුන ස්ථානය ලෙස සැලකෙනවා , එනම් එල් ටි ටී ඊ සංවිධානයේ අවස්න් මුහුදු කොටි කඳවුර හා අවසන් මුහුදු තීරය ලෙස පාලනය කලේ මේ ස්ථානයයි . එලෙසින්ම යුද්ධය සඳහා භාවිත කරන ලද ආයුධ මෙම ස්ථානයට ගෙනැවිත් අවසන් වතාවට අවි සියල්ලෙන්ම මුහුදට වෙඩි තබා අවි නිහඬ කල ස්ථානයද මෙය වනවා .

සුන්දර වෙරල තීරයක් වන මෙයට ෆාරා වෙරල ලෙස නම් ලැබී තිබෙන්නේ ජොර්දානයේ සලාම් ඉන්ටර්නැශනල් ආයතනයට අයිති වී තිබූ එම් වී ෆාරා 3 නෞකාව ඉන්දියාවේ සිට දකුණු අප්‍රිකාව දක්වා ගමන් කරමින් සිටින අතරතුරදී කාර්මික දොඊශයකට ලක්වීමයි , මෙයින් පසු මුලතිව් වෙරළට ආසන්නයෙන් නැංගුරම් ලෑමෙන් පසු මුහුදු කොටින් විසින් මේ නෞකාවේ කාර්‍ය මණ්ඩලය රතු කුරුස සංවිධානය හරහා ආරක්ශිතව පිටමන් කොට නැවේ වූ බඩු භාණ්ඩත් පසුව නැව පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් බාවිත කරන්නට යෙදී ඇත .

මේ වන විට නෞකාවෙ පාදම පමණක් දකින්නට ඇති අතර නැවේ බඳ යකඩ වලට කපා දමා ඇත .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles