spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

අමිතිරිගල ගොරක ඇල්ල

බස්නාහිර හා සබරගමු මායිමේ පිහිටා ඇති අමිතිරිගල ගොරක ඇල්ල කොලබ හා ගම්පහ ප්‍රදේශවල සංචාරයට ලැදි බොහෝ දෙනෙකුගේ දිනක සංචාර වල ප්‍රමුඛ තෝරාගැනීමක් බවට පත්ව තිබෙනවා

තල්දුව – මීවිතිගම්මන පාරෙ නාමල්ගමුව ප්‍රදේශයෙන් හැරී ගිහින් ගොරක ඇල්ලට ලඟා වෙන්න පුලුවන් . කොලඹට ඉතා ආසන්න ප්‍රදේශයක පිහිටීමත් පහතරට තෙත් කලාපයේ පිහිටීමත් නිසා මෙවැනි දිය ඇල්ලක් මෙම ප්‍රදේශයේ පිහිටා තිබීමත් ඉතා විශ්මය ජනක සිදුවීමක් .

තට්ටු කිහිපයකින් යුක්ත අමිතිරිගල දිය ඇල්ල තටමක විශාල දිය ඇල්ලක් විදිහට හඳුන්වන්න පුලුවන් , තට්ටු කිහිපයකින් විශාල ජල පහරක් සමඟින් පලල්ව ඇද හැලෙන දිය ඇල්ල වියලි කාලයේදී සිහින් වී යනවා.

කැළණි ගඟේ අතු ගංගාවකින් සෑදෙන අමිතිරිගල ගොරක ඇල්ල අවට කුඩා වන ලැහැබවලින් පෝශණය ලබා පහලට ඇද වැටේ . මෙහි ස්වාභාවික තටාක කිහිපයක්ම පිහිටා ඇති අතර එනිසා එය ආරක්ශාකාරී නාන තොටුපලක් ලෙස බොහෝ දෙනෙකු විසින් සති අන්තයේදී සංචරය කිරීමට පෙළඹී තිබෙනවා .

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles