කල්ලඩි පාලම යට සින්දු කියන මාලුවෝ කියන්නෙ ජනවහරේ ඉතා සුහුරු වචන පෙලකි . මෙය සිංහලෙන් ගීතයකටද පෙරලී ඇති අතර එහි සරල නමුත් ගැඹුරු තේරුමක් සහිතව ගේය පද පැටලී ඇත . කල්ලඩි පාලම ජනප්‍රිය කරවීමට මෙය දැවැන්ත දායකත්වයක් සපයා ඇත , එය ජනවහරට කොතෙක් බැඳී ඇත්දැයි කිවහොත් දැනටත් දිවයිනේ නන් දෙසින් කල්ලඩි පාලමට මේ සින්දු කියන මාලුන් ඉන්නවාදැයි බලන්නට යන සංචාරකයන් සිටිති .
කල්ලඩි පාලමේ පිහිටීම
කල්ලඩි පාලම පිහිටා ඇත්තේ නැගෙනහිර පලාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ මඩකලපුව – අක්කරේපත්තු A4 ප්‍රධාන පාරෙ මඩකලපුව හරහායි . මීටර 220ක් දිගැති මේ පාලම එය සෑදවූ කාලයේ ලංකාවේ දිගම පාලම වූ බව කියවෙනව . ආසන්න අඩි 10ක පමණ පැරණි පාලමේ ආසන්නයෙන් සෑදුන අපුත් පාලම අඩි 46ක පලලකින් යුක්ත වනවා .
කල්ලඩි පාලමේ ඉතිහාසය
කල්මුණේ හා මඩකලපුව අතීතයේදී කල්ලඩි තොටුපල හරහා සම්පන් ඔරු භාවිතයෙන් එහා මෙහා ගිය පුරවැසියන්ට හා පාලකයන්ට කලපුව හරහා පාලමක් තැනවීමේ දැවැන්ත අවශ්‍යතාවක් තිබිනි . මෙහිදී 1921 දී වැඩ ආරම්භ කිරීමට යෙදුන මේ දැවැන්ත යකඩ පාලම 1924 වන විට සාදා අවසාන වනවා . එකල්හි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ ආර්යාවගේ නමින් නම් වුන පාලමේ නම වූයේ ලේඩි මැනින් පාලමයි .
යුද්ධය පැවති කාලයේ මඩකලපුව දෙපාර්ශවයේම ප්‍රධාන ඉලක්කයක් වූ අතර
කල්ලඩි පාලමේ පාලමේ පුරාවෘත්තය
කල්ලඩි පාලම ජනකතා හා පුරාවෘත්ත ගණනාවකට පාදක වී තිබෙනවා නිසැකයි . සියවස් ගනනාවක් මහා ජල කඳක් නිසා වෙන්වී සිටි ජන කණ්ඩායම් දෙකක එකතුව මේ පාලම හරහා සිදු වී තිබීමද ප්රමුඛ කාරනාවක් වනවා . මේ සියලල් අතරින් ඉහලින්ම නැගී සිටින්නේ කල්ලඩි පාලමේ සින්දු කියන මාලුන් පිලිබඳ පුරාවෘත්තයයි .
මේ ගැන තිබූ කටකතා සැබෑවක් කරමින් හැටේ දශකයේදී මෙහි විසූ ෆ්රෑන්ක් ලෑන් පියතුමා විසින් කල්ලඩි පාලම යට කිසියම් රාවයක් නඟමින් පිහිනූ මාළු රෑනක නාදය පටි ගත කොට එය ශ්‍රි ලංකා ගුවන් විදුලි සේවයෙන් ප්‍රචාරය කළ බව සඳහන් වන අතරම සී. ද එස්. කුලතිලක මහතා ඔහුගේ ජන සංගීත පර්යේෂණ යටතේ ද මෙහි මාළු රෑනක නාදය පටි ගත කොට ගුවන් විදුලියෙන් විකාශය කළ බව සඳහන් වේ. මේ සමඟ මේ කටකතාවට තටු ලැබුඅන අතර ඒ ගන උනන්දු වන්නන් තවමත් සිටී .
සත්ත්ව විද්‍යාඥයන්ගේ මතය වන්නේ යම්කිසි නාදයක් නිකුත් කල හැකි මත්ස්‍ය විශේශයක් මේ කලපු දිය ආශ්‍රිතව ජීවත් වන්නට ඇති බවයි .
මේ පිළිබඳව දිනමිණ පුවත්පතේ උපුටාගත් ලිපියක කොටසක් එලෙසින්ම පල කරන්නම්
උපුටාගැනීම
” මඩකලපුව වෘත්තාන්තය ලියූ නැඟෙනහිර පළාතේ ප්‍රධාන මුදලි එස්.ඕ. කනගරත්නම් මහතා සඳහන් කර ඇත්තේ මඩකලපුව පැරණි ලන්දේසි බළකොටුවට විරුද්ධ පැත්තෙන් පිහිටි තොටේ ඉහළින් මෙන්ම පහළින් තැන් කිහිපයක කලපුවේ පතුලෙන් අපූරු සංගීත නාද ඇසෙන බවත් ඒ ප්‍රදේශයේ පමණක් වාසය කරන සුවිශේෂ මසුන් වර්ගයකින් මේ නාදය පැමිණෙන බවටත් වාර්තා ඉදිරිපත් වූ බවයි.
මෙම සංගීත නාදය රාත්‍රියේ ඇසෙන බවත් පුර පසළොස්වක දා හා ආසන්න දිනවල සුළඟ අඩු වේලාවන්හිදී ගී තනුවක ඉමිහිරි නාදය මෙන් හෝ වයින් වීදුරුවක රවුම තෙත් ඇඟිල්ලෙන් සෙමෙන් පිරිමදින විට නැඟෙන මඳ තරංග නාදය මෙන් හෝ මුහුදෙන් මතු වන බවත් එහි ශබ්දය තැනින් තැනට වෙනස් වන බවත් දැක්වේ. මේ නාදය නිකුත් වන්නේ මසුන්ගෙන් නොව මූදු බෙල්ලන්ගෙන් යැයි දේශීය බෝට්ටුකරුවන් අතර මතයක් පවතී.
ශබ්දය තැනින් තැනට වෙනස් වන්නේ ඒවා බිහි කරන බෙල්ලන් සංඛ්‍යාව තැතින් තැනට වෙනස් නිසා යැයි මතයක් පවතී. එමර්සන් ටෙනන්ට්ගේ ‘ලංකාව’ නම් ග්‍රන්ථයේ ද මේ පිළිබඳ තොරතුරු අඩංගු වේ. 1911 දී මඩකලපුවේ ජීවත් වෙමින් මේ පිළිබඳ අධ්‍යයනය කළ ආචාර්ය පියර්සන්ගේ අදහස වූයේ මෙම නාදය එන්නේ බෙල්ලන්ගෙන් නොව මසුන්ගේ කරමල් වලින් බවයි. “
උපුටා ගැනීම අවස්න්
නව පාලම
ප්‍රවාහන අවශ්‍යතා වැඩිදියුණු වීම හා යුද්ධය අවසන් වීම මත නව පාලමක් යුද්ධය අවස්න් වූ පසු ආරම්භ කරන ලද අතර එය 2013 වර්ශයේදී වැඩ අවසන් කොට විවෘත්ත කරන ලදී , අඩි හතලිස් හයක් පලල හා දිග නවසිඋය හතලිස් හයක් වූ නව පාලම මන්තීරු හතරකින් යුක්තයි . නව පාලම ආම්භ වුවුඅද බයිසිකල් හා යතුරු පැදි සඳහා පැරණි පාලම තහ්වමත් විවෘත්තව ඇත .
සින්දු කියන මාලුන් යනුවෙන් නම්වූ මීනගයා දුම් රිය
රාත්‍රී නගරාන්තර දුම් රිය අතර සුවිශේශී දුම් රියක් වන මීනගයා දුම් රිය ගමන් කරන්නේ කොලබ කොටුවේ සිට මඩකලපුව දක්වායි . මේ දුම් රිය නම් කර ඇත්තේ මීනගයා ලෙසයි , එනම් දෙමළ බාශාවෙන් මීන යනු මාලුන් යන්නයි . ගයා යනු ගීත ගායනා කිරීමයි . කොලබ කොටුවේ සිට සින්දු කියන මාලුන්ගේ නගරයට ඇදෙන දුම් රිය මීනගයා ගැන වෙනම ලිපියකින් වැඩි දුර විස්තර රැගෙන එන්නම් .'[