spot_imgspot_imgspot_imgspot_img
spot_img
spot_img

කලක් ත්‍රස්ථවාදීන්ගේ කාලතුවක්කු මධ්‍යස්ථානයක් වී තිබූ කල්මුනයි පැරණි මිනින්දෝරු කුළුණ

අතිශය මූලෝපායී වැදගත් ස්ථානයක් වන කල්මුනයි තුඩුව ශ්‍රී ලංකාව සිතියම් ගත් කිරීමේදීද ඉතා වැදගත් වූ ස්ථානයකි . යාපනය නගරයට කෙලින්ම ඉදිරියෙන් අහස් දුරින් වැඩි දුරක් නැතුව පිහිටා තිබුනද කල්මුනෙයි තුඩුව පිහිටි ප්‍රදේශය ගොඩබිම් මාර්ගයකින් යෑමට පැය කිහිපයක් ගත වේ .

පෙර සඳහන් කළ කල්මුනෙයි තුඩුවේ බ්‍රිතාන්‍යන් විසින් පිහිටවූ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් 1957දී දිවයින් පුරා මිනින්දෝරු ලුළුණු ඉදි කිරීම සිදු කරන ලදී ඒ මැනීම් කටයුතු වලට පහසු වීම සඳහායි .මෙලෙසින් පිහිටවූ සිය ගනනක් වූ කුළුණු අතරට එක් වූ තවත් එක් කුළුනක් විදිහට මේ කල්මුනයි තුඩුව පැරණි මිනින්දෝරු කුළුණ හඳුන්වන්න පුලුවන් .

මේ ස්ථානයට යාමට දුශ්කර මාවතක් ඔස්සේ සෑහෙන දුරක් මන්නාරම යාපනය ප්‍රධාන පාරෙන් හැරී ගමන් කල යුතු වනවා . පරමන්කිරායි ප්‍රදේශයෙන් හැරී පූනගරි කවතාරිමුනායි පාර අවසන් වනතුරුම යන්න සිද්ද වනවා . ඉතා සුවිශේශී හා මනස්කාන්ත පරිසරයක් පසුකරමින් යෑමට තිබෙන මේ මාඅර්ගය දෙපසින්ම කලපු , ලේවායන් , කඩොලාන , කරදිය හා මිරිදිය පොකුණු දැකගන්න පුලුවන් වනවා .

කල්මුනයි මිනින්දෝරු කුළුණ කලුගල් හා හුණුගල් යොදාගෙන නිර්මාණය කර ඇති අතර උසින් මීටර 10ක් පමණ වනවා . අසල නාවික හමුදා කඳවුරක් පවතින අතර ඒ අසලින්ම ක්‍රිස්තියානි භක්තිකයන්ගේ වන්දනා ස්ථානයක්ද පිහිටා තිබෙනවා .

යුධ සමයේදී ත්‍රස්ථවාදීන් විසින් මෙය ඔවුන්ගේ පාලනයේ පැවති සමයේදී යාපනය නගරයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් ස්ථානයක් වූවා , ඒ මේ ස්ථානය ගොඩබිමින් ලඟා වීමට අපහසු නමුත් ආරක්ශිත යුධ මර්මස්ථාන්යක් මෙන්ම එක එල්ලේ යාපනය පිහිටා තිබීම නිසයි .

නමුත් යුධයේදී හානි සිදු නොවී ආරක්ශා වූ මේ කුළුණ දැන් පුරා විද්‍යා පනතින් ආරක්ශිත ස්ථානයක් වනවා

Related Articles

Stay Connected

25,107FansLike
0FollowersFollow

Latest Articles